IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කන්න රැස්වීමට නිලධාරීන් නෑ:ඇමති රොෂාන්ගෙන් දොස්

(ෂේන් සෙනෙවිරත්න)

වසරකට දෙවරක් පමණක් රැස්වන කන්න මාස් කන්න රැස්වීමට වගකිවයුතු රජයේ නිලධාරීන් සහභාගී නොවීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ දැඩි අප්‍රසාදය එල්ල කළේය.

එළඹෙන මාස් කන්නයේ වගා සැලසුමට අනුව ජලය මුදා හැරෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජල කළමනාකරණ කමිටු රැස්වීම ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී රැස් වූ අවස්ථාවේදී අමාත්‍යවරයාගෙන් එසේ රාජ්‍ය නිලධාරීන්ට දැඩි දෝෂ දර්ශනයක් එල්ල විය .

මෙම රැස්වීම සඳහා සහභාගි විය යුතු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් හා දිසාපතිවරුන් ඇතුළු වගකිවයුතු නිලධාරීන් නොමැතිව සාකච්ඡා කරන තීරණ ක්‍රියාත්මක කිරීම ගැටලුවක් බව ද එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය .

සාමූහික වගකීම කැබිනට් මණ්ඩලයට පමණක් සීමා නොවන බවත් එය රාජ්‍ය නිලධාරීන් ඇතුළු සමස්ත පද්ධතිය තුළම තිබිය යුතු බවද එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය .

හම්බන්තොට, අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාර, නුවරඑළිය, වව්නියාව ඇතුළු සියළු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයන් මෙම රැස්වීමට සහභාගී වී සිටියහ .

හදිසි රාජකාරි අවශ්‍යතාවක් හේතුවෙන් මෙම රැස්වීමට තමන්ට සහභාගිවීමට නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී තිබූ අතර ගොවීන්ගේ ගැටලු පැන නගින අවස්ථාවලදී කෘෂිකර්ම අමාත්‍යවරයා දුරකථනය මගින් සම්බන්ධ වෙමින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් ඉදිරිපත් කළේය .

 



අදහස් (4)

කන්න රැස්වීමට නිලධාරීන් නෑ:ඇමති රොෂාන්ගෙන් දොස්

Nimal Friday, 29 September 2023 05:15 PM

කෘෂිකර්ම ඇමැතිට එන්න බැරි නම්, ඇයි අනික් අය එන්නේ?

:       0       4

සොරිසේන Friday, 29 September 2023 05:48 PM

ක්‍රීඩා හා වාරිමාර්ග... සුපිරි විද්‍යාත්මක ඇමැති පත්වීමක්..!

:       0       2

සල්ලි Saturday, 30 September 2023 09:16 AM

කෘෂිකර්ම ඇමැතිට කන්න රැස්වීමට වඩා වැදගත් රාජකාරිය කුමක්ද?

:       0       5

Sunil Saturday, 30 September 2023 01:33 PM

බොන්න රැස්වීම කියලා ලියුම ගැහුවා නම් වෙලාවටත් කලින් ඉවර කරන්න තිබුණා..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site