IMG-LOGO

කොන්දොස්තරගෙන් මගීන්ට ටොෆි

කොටුවේ සිට ධාවනය වූ මාර්ග අංක 103 පෞද්ගලික බස්රථයක කොන්දොස්තර අද උදේ ඉතිරි මුදල් වෙනුවට මගීන්ට ටොෆි දුන්නේය. රුපියල් 9යේ ටිකට්පතට රුපියල් 10ක් දුන් හැම මගියෙකුටම ඔහු කළේ මාරුකාසි නැතැයි පවසමින් ඉතිරි රුපියල වෙනුවට ටොෆියක් දීමයි. මොහු ටොෆි තොග ගණනේ මිලට ගෙන එයිනුත් ලාභයක් ලබතියි මගීහු කීපදෙනෙක් කීහ. මෙවැනි දේ කිරීමට ඉඩ නොදෙන බවත්, ඒ ගැන සොයා බලා නවත්වන බවත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.



අදහස් (0)

කොන්දොස්තරගෙන් මගීන්ට ටොෆි

නිවන්ත Thursday, 23 February 2012 07:48 PM

හොයල බලල තෑගි දෙන්න ඕනේ.

:       0       0

සි.බි අත්තනායක Thursday, 23 February 2012 08:31 PM

ගැනු ළමයි බලාගෙන හොඳද?

:       0       0

මගියා Wednesday, 22 February 2012 01:26 PM

මගීනුත් ටොෆී දීල බස් එකේ යන්න බලන්න ..

:       0       0

ප්‍රසන්න Wednesday, 22 February 2012 01:44 PM

මගීන් කන ටොෆිය මදිද?

:       0       0

චරිත Wednesday, 22 February 2012 01:48 PM

ඉතුරු සල්ලි වෙනුවට දෙන ටොෆී එකතු කරගන්න. 9ක් එකතුකරල වෙන දවසක බස් කොන්දොස්තරටම දෙන්න.

:       0       0

මොහාමඩ් රිස්වාන් - සෞදි අරාබි Wednesday, 22 February 2012 02:26 PM

අපූරු ක්‍රමයක්. සල්ලි වෙනුවට ටොපි දීලා බස් එකේ යන්න පුළුවන්. ‍

:       0       0

වරුණ Wednesday, 22 February 2012 02:32 PM

මම මැගිත් එක්ක එකග වෙනවා

:       0       0

දුමින්ද Wednesday, 22 February 2012 03:26 PM

අවම බස් ගාස්තුව 10 කරා නම් හරි.... නැවත බස් ගාස්තු සංශෝදනයේදී වැඩි නොකර....

:       0       0

බන්දුල Wednesday, 22 February 2012 03:48 PM

බැන්කුවලින් කාසි නිකුත්කරන්න

:       0       0

සමන් Wednesday, 22 February 2012 03:50 PM

දියවැඩියාව හදාගෙනම බහින්න පුළුවන්..

:       0       0

හොඳ පුතා Wednesday, 22 February 2012 04:00 PM

මේක හොඳ ක්‍රමයක්. මගීන්ටත් තියෙන්නේ තොග ක්‍රමයට ටොපි ගන්න. ඊට පස්සේ හැමදාම ටොපි 9 ක් කොන්දොස්තරට දෙන්න. එතකොට මගියාට සමහර වෙලාවට රුපියල් 7 ක් විතර තමයි වැය වෙන්නේ තොග වශයෙන් ගන්න නිසා. නැත්නම් දවස් 9 ක් යනකම් කොන්දොස්තර දෙන ටොපි ටිකේ අරන් ගැමුණුගේ ගෙදර යන්න. එය ඒවා සල්ලි කරලා දේවි. ආණ්ඩුවෙන් ගැමුණුට රුපියලේ කාසි අවශ්‍ය පරිදි නිකුත් කරන්න පුළුවන් .

:       0       0

මම තමා Wednesday, 22 February 2012 04:18 PM

ටොපී නැතිව කඩල පොල් වගේ දවෙල් සල්ලි ගෙවන්න පාවිච්චි කරන්න බැරිද?

:       0       0

SSJ Wednesday, 22 February 2012 04:57 PM

ඔය ක්‍රෙම් සිල්ලර කඩ කරන අයත් කරනවා..

:       0       0

අහිංසකයා Wednesday, 22 February 2012 07:23 PM

මගීනුත් ටොෆී දීල බස් එකේ යන්න

:       0       0

සපුමල් Thursday, 23 February 2012 02:02 AM

හොඳයි, රුපියලේ අගේ ටොපියට ගිහින් වගේ...

:       0       0

maxi Thursday, 23 February 2012 02:51 AM

තව ටික දවසකින් බුල්ටො දෙයිද දන්නේ නෑ..

:       0       0

සනත් Thursday, 14 August 2014 05:07 PM

පෞද්ගලික බස්වලදී අපි කන ටොෆිය මදිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1482 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 540 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 606 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site