IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කන්දෙගොඩින් කසළ තේ කිලෝ 15000 ක් එස්ටීඑෆ් දැලේ

(ඉන්දිකා රාමනායක සහ දීපාල් ද සිල්වා)

අම්බලන්ගොඩ කන්දෙගොඩ ප‍්‍රදේශයේ දී   කසළ තේ කිලෝ 15,000 ක් සමඟ පුදගලයන් තිදෙනකු විශේෂ කාර්ය බළකාය විසින්  අද (16) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

කන්දෙගොඩ ප‍්‍රදේශයේ තේ කම්හලක් තුළ තිබී  කිලෝ 11,000 ක් ලොරියකින් ප‍්‍රවාහනය කරමින් තිබූ කිලෝ 4000 ක් වශයෙන් මෙම  කසළ තේ අත්අඩංගුවට ගත් බව  විශේෂ කාර්ය බළකාය කියයි.

අම්බලන්ගොඩ කන්දෙගොඩ ප‍්‍රදේශයේ  ගබඩාවක කසළ තේ  අපනයනය කරන බව  විශේෂ කාර්ය බළකායේ  සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති  ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු භට කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකළහ.

ඡායාරූප හා වීඩියෝ - දිපාල් ද සිල්වා‍



අදහස් (2)

කන්දෙගොඩින් කසළ තේ කිලෝ 15000 ක් එස්ටීඑෆ් දැලේ

රුවනී Wednesday, 16 October 2019 07:37 PM

ඇමතිතුමෝ… මා මේ ලිපිය ලියන්නේ සුද්දගේ රටේ ඉඳගෙන…! පළමුව ලංකාවේ තේ නාමය රැකලා දෙන්න..! මෙහෙ පත්තරවල ලංකාවේ තේකොළවලට ජරාව එකතු කරලා මිශ්‍රකරලා විකුණනවා කියල දැනගත් දවසේ ඉඳලා "ඉන්දියානු" තේ පුදුම විදිහට විකිණෙන්නේ! මේ ලඟදි ලංකා තේ බීපු මගේ සුදු ජාතික යාලුවෙක් මුත්‍රාකරන විට දැවිල්ල ඇවිල්ලා දොස්තර ප්‍රතිකාර කරගන්න සිද්ධවුණා. එදා ඉඳලා අවුරුදු ගාණක් ලංකාවේ තේ බීපු ඒ වගේ පිටරැටියන් දැන් ලංකාවේ තේ බොන්න හිතන්නේවත් නැත. අපි මේ රටේ සතිපතා බඩුගන්න සිංහල කඩයෙන් ඇහුවම කිව්වා දැන් විකිණෙන්නේම නැහැ කියලා! ලැජ්ජයි ඔබත් රජයත් එය දැනගෙනත් කිසිම දෙයක් නොකරන එකට..! මේ විදියට ලොරි කීයක් මීට කලින් ඇල්ලුවද..? මේ ජරා තේ නිෂ්පාදන කරන තේ කම්මල් සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතුයි.

:       0       1

Matipahana Thursday, 17 October 2019 04:28 AM

මේක අවුරුදු 40-50 ක් තිස්සේ යන ව්‍යාපාරයක්. පාරේ දාල වේලන්නේ. අපි ඕව පාග පාග ඉස්සර යන්නේ. කෝස්ටික් සෝඩා ඩයි වර්ග සුවඳ කාරක දාල ඕව හදන්නේ කියල අපි පොඩි කාලෙම අහලා තිබුන. දැන් තමයි මේවා එලියට එන්නේ. කොච්චර කාලයක් මේක කරගෙන ගිහිල්ල තියෙනවද!?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site