
( නිමල් ජයරත්න සහ ක.ග කරුණාරත්න)
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වැටවල් කඩා පැනගිය රැඳවියන්න්ගෙන් 102 නෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් රැඳවියන් හිඟුරක්ගොඩ, මීගස්වැව, පොළොන්නරුව, පුලස්තිපුර.යන පොලිස් ස්ථානවල රඳවාගෙන කට උත්තර ලබාගැනීමට යොමු කර ඇති බවද වැලිකන්ද පොලිසිය පවසයි.
පලාගිය සැකකරුවන් කොළඹ, මීගමුව, යාපනය, මහනුවර, යන ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු විස්සත් හතළිහත් අතර වයසේ පසු වන්නන් බවද පොලිසිය පවසයි.
පැනගිය රැඳවියන්ගෙන් තිස්හයදෙනෙකු තවදුරටත් අතුරුදහන් වී ඇති බව වැලිකන්ද පොලිසි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතාගෙන් කළ විමසීමකදීම සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනුරුත්තාපනය වන වැරදි කරුවන්ගෙන සියයට එකක්වත් නිවැරදි වෙනවද දන්නෙ නෑ. අපරාදෙ අහිංසක නිවැරදි මහජනතාව ගෙ මුදල් කියලත් හිතෙනවා. මොවුන්ව නඩත්තු කරන්න එපැයි.
ජේලර් ටික කූඩු කරල පැනගිය වීරයන්ට ජේලර් කම දෙන්න .