කඳු නැගීම කියන්නේ ගොඩක් තරැණ අය කැමැති ත්‍රාසජනක වගේම විනෝද ජනක ක්‍රියාකාරකමක්. හැබැයි දැන් කඳු නගින්න කන්දක් අවශ්‍යම නැහැ. Climbing Wall තියෙන්නේ කඳු වෙනුවට තමයි.
Climbing Wall කියන්නේ ඇත්තටම සාමාන්‍ය කඳු නැගීමකට වඩා සංයමයකින් පුහුණුවකින් කළ යුතු වැඩක්. ගෘහස්ථව වගේම එළිමහනේත් තියෙන බිත්තියක ඇතුළට සාරන ලද වළවල් හෝ පිටතට නෙරා එන විදිහට සකස් කරන ලද පාතැබීමේ ස්ථාන තමයි මේ බිත්තියේ තියෙන විශේෂත්වය. ඒ සිදුරැ නැත්නම් නෙරැම් වලට අතත් කකුලුත් තබමින් ඉහළට නැගීම තමයි මේ ක්‍රීඩාව.
සාමාන්‍යයෙන් ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් ලණුවක් ක්‍රියාකාරකමේ යෙදෙන්නාගේ බඳ වටා යෙදෙනවා. තවත් දෙයක් තමයි මේ නෙරැම් හෝ සිදුරැ ඔස්සේ ඉහළට නගින මාර්ගයක් ඇතැම් වෙලාවට වෙනස් සහ දුෂ්කර වෙනවා. සමහර වෙලාවට එක් පාටකින් පාටකරන ලද නෙරැම් පමණක් භාවිතා කරමින් ඉහළට නැගිය යුතුයි කියලත් කොන්දේසියක් පැනවෙනවා. කොහොම වුණත් බැලූ බැල්මට හරිම පහසු දෙයක් වගේ පෙනුණට මේ වැඩේ කරන්න ගොඩක් ශක්තිය වගේම ඉවසීමත් ඕනමයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd