IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කාන්තාවන්ගෙන් පළමු තැන තලතා

මෙවර මහ මැතිවරණයට තරග කළ කාන්තා අපේක්ෂිකාවන් අතරින් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගැනීමට සමත්ව ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ තලතා අතුකෝරළ මහත්මියයි. ඇය මනාප ඡන්ද 1,45828 ක් ලබාගත්තාය.

රත්නපුර දිස්ත්‍රික්කයේ එජාප මනාප ලැයිස්තුවේ ප්‍රථමයාද ඇයයි.

මෙවර කාන්තා අපේක්ෂිකාවන් 556 දෙනකු මැතිවරණයට ඉදිරිපත්වූ අතර එයින් 12 දෙනකුට පාර්ලිමේන්තු වරම් හිමිවිය.

ශ්‍රී ලංකාවේ ලක්ෂයකට වැඩි මනාප ලැබූ 48 දෙනා අතරටද අතුකෝරළ මහත්මිය ඇතුළත්වී ඇත. ඉතිහාසයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් කාන්තාවක් ලබාගත් වැඩිම මනාප ඡන්ද ලබාගැනීමේ වාර්තාවද තලතා අතුකෝරළ මහත්මිය සතුවිය.



අදහස් (0)

කාන්තාවන්ගෙන් පළමු තැන තලතා

බලසිංහ Wednesday, 19 August 2015 02:13 PM

ඉන්දු, ඔබගේ කතාව මමත් අනුමත කරමි. විශේෂයෙන් සමහර කාන්තා නියෝජිතවරියන්ගේ හැසිරීම හමුවේ මෙතුමියගේ හැසිරීම විශිෂ්ටයි.(නදී)

:       0       0

ජයවර්ධන Wednesday, 19 August 2015 02:27 PM

එතුමියගේ හැසිරීම මමත් අගය කරනවා. ඒ වුණාට ආසනය පරාදයිනේ. බලන්නකෝ සුමේධ නෝනා (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 20 August 2015 04:43 AM

ජනතාවගෙන් ඔබට සුබ පැතුම් පිරිනැමෙන්නේ ඔබගේ හා පවුලේ යහපත් කල් ක්‍රියාවන් නිසාවෙන්. එසේ හෙයින් ඔබට දිගු ගමනක් යාමට මමත් සුබ පතමි!(ම)

:       0       0

මැටිපහන Thursday, 20 August 2015 04:59 AM

තුෂාර, අත කොටාත් ඔය සමන් දෙවියන්ගේ අඩවියේම නේද? කොච්චර කල් යනවද ඔය කියන දඬුවම් හම්බවෙන්න? (බ)

:       0       0

සමන්ත Wednesday, 19 August 2015 06:14 PM

ඉතිහාසයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් කාන්තාවක් ලබාගත් වැඩිම මනාප ඡන්ද ලබාගැනීමේ වාර්තාව තලතා අතුකෝරළ මහත්මිය සතුවෙද්දි ඉතිහාසයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෙක් ලබාගත් වැඩිම මනාප ඡන්ද ලබාගැනීමේ වාර්තාව තලතා අතුකෝරළ මහත්මියගේ ආසනයෙන්ම ඉදිරිපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා ලබාගත්තේ ආසනයද ජය ගනිමින්. (නි)

:       0       0

සමන්ත Wednesday, 19 August 2015 06:20 PM

තලතා මැතිණියනි, පාර්ලිමේන්තුවේ ඔබේ විනීත හැසිරීම අගය කරමි. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 19 August 2015 06:38 PM

දැන් හැබැයි ඔබතුමිය රට හදන්න වැඩ කරන්න ඕනෑ (නි)

:       0       0

ඉන්දු Wednesday, 19 August 2015 11:12 AM

තලතා මැතිණියනි, මම එ.ජා.ප​. පාක්‍ෂිකයකු නොවේ. නමුත් පාර්ලිමේන්තුවේ ඔබේ විනීත හැසිරීම මම අගය කරමි. පාර්ලිමේන්තුව තුළ ඔබේ හැසිරීම අන් අයට නිදසුනක් වේවා......!(ම)

:       0       0

සමුද්‍රා Wednesday, 19 August 2015 09:07 PM

වැදගත් පවුල් පසුබිම සහ උගත්කම තමයි හේතුව. මෙතුමියගේ සැමියාත් මේ වගේ. දේශපාලනය කරන්න ඕනෑ මෙහෙම අය තමයි (නි)

:       0       0

නයෝමි Wednesday, 19 August 2015 11:38 AM

තලතා ඔබතුමියට සුබ පතනවා. අපේ සමහර කාන්තාවන්ගේ ක්‍රියාකලාපය ගැන බලනකොට ඔබතුමිය ඉතාම ශ්‍රේෂ්ඨයි. මා හිතන්නේ වැදගත් පවුල් පසුබිම නිසා වියහැකියි. ඔබ රත්නපුරයට දිදුලන මැණික් කැටයක් වැනිය.ඔබට ජය. (නි)

:       0       0

මහානාම - මතුගම Wednesday, 19 August 2015 11:52 AM

ඔබ ලංකාවේ සියළු කාන්තාවන්ට හොඳ ආදර්ශයකි (නි)

:       0       0

අනූෂා Wednesday, 19 August 2015 11:52 AM

සුබ පැතුම්! (නි)

:       0       0

සිරි Thursday, 20 August 2015 01:58 AM

ගරු මැතිණියනි, මා දකින විදියට ඔබතුමියගේ දේශපාලන භූමිකාවේ නොසැළෙන විශ්ව ශක්තියේ සෙවණැල්ල නම් දිවංගත ගරු ගාමිණී අතුකෝරල නම් වූ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ආදරණීය සොහොයුරාය. එතුමා සිය වටිනා කාලය උපරිම වශයෙන් ප්‍රයෝජනයට යෙදවූ සැටි සිහිපත් කිරීම එතුමාට කළ හැකි ගෞරවයක් වන්නේය. ඔබතුමියට සුභ පතමි! (නි)

:       0       0

තුෂාර කරුණාතිලක පුස්සැල්ල පරකඩුව Wednesday, 19 August 2015 12:25 PM

අන්න නියම කාන්තාවෝ නේද? ඒ වුණාට නෝනා හොඳට වැඩ කරන්න. ඒක අපේ සමන් දෙවියන්ගේ අඩවිය. දන්නවනේ වැරදි වැඩ කළොත් වරදිනවාමයි (නි)

:       0       0

උපාලි Wednesday, 19 August 2015 12:51 PM

ඉන්දු, මම ඔබේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි (නි)

:       0       0

අනුර Wednesday, 19 August 2015 01:33 PM

ගරු ගාමිණී අතුකෝරළ මහතාවත් මෙවෙලේ සිහිකළ යුතුයි (නි)

:       0       0

නයනා Thursday, 20 August 2015 04:14 AM

මියුසියස් පාසලේ ඉගෙනගත් අය ගාව කොහොමත් හැදියාව හා නිහතමානීකම තියෙනවා .සුබ පැතුම්.එකට නේවාසිකාගාරේ හිටපු කෙනෙක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site