මෙවර මහ මැතිවරණයට තරග කළ කාන්තා අපේක්ෂිකාවන් අතරින් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගැනීමට සමත්ව ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ තලතා අතුකෝරළ මහත්මියයි. ඇය මනාප ඡන්ද 1,45828 ක් ලබාගත්තාය.
රත්නපුර දිස්ත්‍රික්කයේ එජාප මනාප ලැයිස්තුවේ ප්‍රථමයාද ඇයයි.
මෙවර කාන්තා අපේක්ෂිකාවන් 556 දෙනකු මැතිවරණයට ඉදිරිපත්වූ අතර එයින් 12 දෙනකුට පාර්ලිමේන්තු වරම් හිමිවිය.
ශ්‍රී ලංකාවේ ලක්ෂයකට වැඩි මනාප ලැබූ 48 දෙනා අතරටද අතුකෝරළ මහත්මිය ඇතුළත්වී ඇත. ඉතිහාසයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් කාන්තාවක් ලබාගත් වැඩිම මනාප ඡන්ද ලබාගැනීමේ වාර්තාවද තලතා අතුකෝරළ මහත්මිය සතුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දු, ඔබගේ කතාව මමත් අනුමත කරමි. විශේෂයෙන් සමහර කාන්තා නියෝජිතවරියන්ගේ හැසිරීම හමුවේ මෙතුමියගේ හැසිරීම විශිෂ්ටයි.(නදී)
එතුමියගේ හැසිරීම මමත් අගය කරනවා. ඒ වුණාට ආසනය පරාදයිනේ. බලන්නකෝ සුමේධ නෝනා (නි)
ජනතාවගෙන් ඔබට සුබ පැතුම් පිරිනැමෙන්නේ ඔබගේ හා පවුලේ යහපත් කල් ක්‍රියාවන් නිසාවෙන්. එසේ හෙයින් ඔබට දිගු ගමනක් යාමට මමත් සුබ පතමි!(ම)
තුෂාර, අත කොටාත් ඔය සමන් දෙවියන්ගේ අඩවියේම නේද? කොච්චර කල් යනවද ඔය කියන දඬුවම් හම්බවෙන්න? (බ)
ඉතිහාසයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් කාන්තාවක් ලබාගත් වැඩිම මනාප ඡන්ද ලබාගැනීමේ වාර්තාව තලතා අතුකෝරළ මහත්මිය සතුවෙද්දි ඉතිහාසයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෙක් ලබාගත් වැඩිම මනාප ඡන්ද ලබාගැනීමේ වාර්තාව තලතා අතුකෝරළ මහත්මියගේ ආසනයෙන්ම ඉදිරිපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා ලබාගත්තේ ආසනයද ජය ගනිමින්. (නි)
තලතා මැතිණියනි, පාර්ලිමේන්තුවේ ඔබේ විනීත හැසිරීම අගය කරමි. (නි)
දැන් හැබැයි ඔබතුමිය රට හදන්න වැඩ කරන්න ඕනෑ (නි)
තලතා මැතිණියනි, මම එ.ජා.ප. පාක්‍ෂිකයකු නොවේ. නමුත් පාර්ලිමේන්තුවේ ඔබේ විනීත හැසිරීම මම අගය කරමි. පාර්ලිමේන්තුව තුළ ඔබේ හැසිරීම අන් අයට නිදසුනක් වේවා......!(ම)
වැදගත් පවුල් පසුබිම සහ උගත්කම තමයි හේතුව. මෙතුමියගේ සැමියාත් මේ වගේ. දේශපාලනය කරන්න ඕනෑ මෙහෙම අය තමයි (නි)
තලතා ඔබතුමියට සුබ පතනවා. අපේ සමහර කාන්තාවන්ගේ ක්‍රියාකලාපය ගැන බලනකොට ඔබතුමිය ඉතාම ශ්‍රේෂ්ඨයි. මා හිතන්නේ වැදගත් පවුල් පසුබිම නිසා වියහැකියි. ඔබ රත්නපුරයට දිදුලන මැණික් කැටයක් වැනිය.ඔබට ජය. (නි)
ඔබ ලංකාවේ සියළු කාන්තාවන්ට හොඳ ආදර්ශයකි (නි)
සුබ පැතුම්! (නි)
ගරු මැතිණියනි, මා දකින විදියට ඔබතුමියගේ දේශපාලන භූමිකාවේ නොසැළෙන විශ්ව ශක්තියේ සෙවණැල්ල නම් දිවංගත ගරු ගාමිණී අතුකෝරල නම් වූ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ආදරණීය සොහොයුරාය. එතුමා සිය වටිනා කාලය උපරිම වශයෙන් ප්‍රයෝජනයට යෙදවූ සැටි සිහිපත් කිරීම එතුමාට කළ හැකි ගෞරවයක් වන්නේය. ඔබතුමියට සුභ පතමි! (නි)
අන්න නියම කාන්තාවෝ නේද? ඒ වුණාට නෝනා හොඳට වැඩ කරන්න. ඒක අපේ සමන් දෙවියන්ගේ අඩවිය. දන්නවනේ වැරදි වැඩ කළොත් වරදිනවාමයි (නි)
ඉන්දු, මම ඔබේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි (නි)
ගරු ගාමිණී අතුකෝරළ මහතාවත් මෙවෙලේ සිහිකළ යුතුයි (නි)
මියුසියස් පාසලේ ඉගෙනගත් අය ගාව කොහොමත් හැදියාව හා නිහතමානීකම තියෙනවා .සුබ පැතුම්.එකට නේවාසිකාගාරේ හිටපු කෙනෙක් (ම)