මඩකලපුව, පාත්තන්කුඩි වැල්ලට අස්වාභාවික ලෙස සාලයන්, දැල්ලන් හා මඩුවන් වැනි මාලු වර්ග විශාල වශයෙන් ගොඩගසා තිබිණි. මේ අරුමය බැලීමටත්, මාලුන් එකතුකරගෙන යාමටත් බොහෝ පිරිස් මෙහි ඇදී ආහ. අවම වශයෙන් ටොන් හාර පන්සියයක මාලු මෙලෙස ගොඩගසා ඇතැයි විශ්වාස කැරේ. සත්ත්ව විද්‍යා පර්යේෂකයකුවන ධර්මශ්‍රී කණ්ඩම්බි මහතා පවසන්නේ මුහුදේ ඇතිවූ භූමිකම්පා අවස්ථාවලදී සහ උණුසුම් හෝ සීත දියවැල් පැමිණීමෙන් මාලුන්ට අවශ්‍ය උෂ්ණත්වය වෙනස්වීම නිසා මෙවැනි තත්ත්වයන් ඇතිවන බවයි. පානම, පොතුවිල් සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල ද විශාල වශයෙන් මාළු හසුවීම නිසා පසුගිය සතියේ මාළු මිල විශාල ලෙස පහත බැස තිබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කාලේ වනේ වාසේ
අයියෝ සල්ලි
කෝ අනේ මෙහෙටනම් මොන මාළු වැස්සක්වත් නැහැ.. එන්න එන්නම මාළු මිල වැඩි වෙනවා..!(නු)
ඡායාරූපයක් කිබුණානම් ?(නු)
ඡායාරූපත් දාන්නකෝ (නි)
සීනි, පොල්, හාල්, පරිප්පු වැහි වහින්නේ කවදාද? (නි)
මේ මියගිය මාළුන් ආවේ කොහෙන්ද දන්නෙ නැහැ (නි)
ඇත්ත තමයි. ඩුබායි වල මාලු මිළ ගින්දර වගෙයි. (නි)
මේවා කල්තබා ගැනීමේ ක්‍රම අළුත් ආහාර හැදීමේ ක්‍රම මේ අයට උගන්වන්න..!(නු)
රට ඉදි වගේ තමයි. එහෙ ඉන්නෙ ඔක්කොම හොද මිනිස්සු. අපේ වගේ මිනිස්සු එහෙ නැහැ. (නි)
සන්නිවේදන තාක්ෂණය මෙච්චරටම දියුණුවෙලා තියෙන කාලෙක මේවා අපිට බලාගන්නා ඡායාරූපයක්වත් දාන්න. (නි)
ලෝක විනාශය අතළගයි. (නි)
ඒක හොඳ තත්වයක් නෙමෙයි . ඉස්සරහට මුහුදේ කැළඹීමක්වත් වේවිද දන්නේ නෑ (ස)
ස්වභාවික අනතුරක සේයාවක් වියහැකියි නේද? (නි)
පසුගිය සුනාමියට කලිනුත් මෙහෙම දේවල් වුණා (නි)