
(අංජුල මහික වීරරත්න)
කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාකච්ඡාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කළ ඉල්ලීමකට අනුව, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම සාකච්ඡාව සංවිධානය කරන ලදී.
මෙහිදී කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ දැනට පවතින භෞතික ගැටලු නිරාකරණය කර ගැනීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, එහිදී කොමිෂන් සභාව මුහුණ දී සිටින ගැටලු රැසකට විසඳුම් ලබා ගැනීමට අවස්ථාව උදාවිය.
කාන්තාවන් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම නියෝජ්‍ය සභාපතිවරුන් වන චමින්ද්‍රානී කිරිඇල්ල, සමන්මලී ගුණසිංහ සහ සංසදයේ අනෙකුත් සාමාජිකාවන් වන හේමාලී වීරසේකර, ලක්මාලි හේමචන්ද්‍ර, නිලන්ති කොට්ටහච්චි, ඔෂානි උමංගා මහත්මීහු සහභාගී වූ අතර, එම සංසදයේ ලේකම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ කොමසාරිස්වරියෝ සහ එහි විධායක අධ්‍යක්ෂවරිය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීහු සහ ජනාධිපති ලේකම් කාර්යාලය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd