IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කැනඩාවෙන් දෙමළ පදනමට මරු පහරක්

කැනඩාවේ  ටොරොන්ටෝ නුවර දෙමළ පදනමේ පුණ්‍යායතන තත්ත්වය කැනඩා රජය විසින් ඉවත් කැරිණි.  එම ආයතනය ශ්‍රීලංකාවේ දෙමළ කොටින්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට මුදල් ආධාර සපයතියි චෝදානා කරමින් කැනඩා රජය මේ පියවර ගත්තේය.  මේ සංවිධානය 2005 මැයි හා 2006 ජනවාරියේ දී දෙමළ පුනරුථාපන සංවිධානයට කැනඩා ඩොලර් 620,000ක් (රුපියල් 68820000) පමණ ද, වැල්ලවත්තේ තවත් සංවිධානයකට කැනඩා ඩොලර් 113,930ක් (රුපියල් 12646230) සපයා ඇතැයි එහි විගණන වාර්තා කියයි. එම පදනමට ලැබුණු මුදල්වලින් සියයට 81ක් එම පරිත්‍යාග සඳහා වැය වී ඇත. කැනඩා බදු කාර්යාලයය පදනමේ නීතිඥයාට ලිපියකින් දන්වා ඇත්තේ මේ ආයතන දෙකම දෙමළ කොටි ජාලයට සම්බනධ බවයි. ශ්‍රීලංකාවෙන් බාහිරව වැඩිම දෙමළ ජනගහනයක් සිටිනුයේ කැනඩාවේය.



අදහස් (0)

කැනඩාවෙන් දෙමළ පදනමට මරු පහරක්

ධම්මික හෙට්ටිආරච්චි Tuesday, 13 December 2011 05:35 PM

දැන් දැන් වැඩේ තේරිලා වගේ

:       0       0

සිසිර Wednesday, 14 December 2011 06:28 AM

ශ්‍රීලංකාවෙන් බාහිරව වැඩිම දෙමළ ජනගහනයක් සිටිනුයේ කැනඩාවේය. What about India?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 632 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site