(පුත්තලම - ජුඩ් සමන්ත)
නීති විරෝධී ලෙස කැනඩාව බලා යාමට තිල්අඩිය ප්‍රදේශයේ උත්සව ශාලාවක රැදී පුද්ගලයින් 26 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස නොවිසුදුණු විමර්ශණය ඒකකය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති පිරිස යාපනය, ත්‍රීකුණාමළය සහ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි දමිල ජාතිකයින් බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.
මෙම පිරිස සමග කැනඩා යාමට කාන්තාවන් අයත් බවට සැකකරන අතර ඔවුන් රැඳී සිටින ස්ථාන සොයාගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය අවුරුදු 30 තුල බොහෝ දෙනා, විශේෂයෙන්ම තරුණයින්, ලංකාවෙන් පිටරටවල් වලට සංක්‍රමණය වුයේ ලංකාවේ රැකියා අවස්ථා හිඟවීම සහ රටේ නිදහස් සාමකාමී ජීවන රටාවක් ගෙන යාමට නොහැකි වූ නිසයි. වර්තමානයේත්, සමාජයේ පහල ස්ථර වල සිටින බහුතරයකට තමන්ට සුදුසු නිවසක් සාදාගෙන, දරුවන් හොඳ පාසලකට දමා ගැනීම කල නොහැකි දෙයකි. එබැවින්, මෙවැනි අය ලංකාවෙන් පිට වීමට තැත් කරන්නේ නම්. කල යුත්තේ ඔවුන් අත් අඩංගුවට ගැනීම නොව, ඔවුන්හට තමන් කැමති රටකට සංක්‍රමණය වී යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට ඉඩ දීමයි.