ව්‍යාජ වීසාවක් රැගෙන නරීටා හරහා කැනඩාවට යාමට පැමිණි ශ්‍රී ලංකාකික තරුණයෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු යාපනයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 454 දරණ ගුවන් යානයෙන් කැනඩාව බලා යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන් සේවා නිලධාරීන්ට ඇති වු සැකයක් මත ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
එම අවස්ථාවේ ඔහු ලඟ තිබී ව්‍යාජ අයර්ලන්ත ගුවන් බලපතක්ද සොයාගෙන ඇත.
සැකකරු විසින් යාපනය ප්‍රදේශයේ එ්ජන්තවරයෙකුට රුපියල් ලක්ෂ දෙක හමාරක් ගෙවා කැනඩාවට යාම සඳහා මෙම ව්‍යාජ ලියකියවිලි ලබා ගෙන ඇති බව විමර්ශණවලදී අනාවරණය වී ඇත.
එම එ්ජන්තවරයාද ඔහු සමග ගුවන්තොටුපොළට පැමිණ ඇති බව වාර්ථා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉසුරන්දි උතුරු නැගෙනහිර විතරක්.... ඔයාට අනුව ඒ අය ඔක්කොම ත්‍රස්ථවාදියොද? මේ මිනිස්සු රට යන්න හදන්නේ ලංකාවේ රැකියා අවස්ථා, ආදායම් මාර්ග අඩුනිසා... ජාතිවාදය අවුස්සනවාට වඩා ඒකට පිලියමක් හිතන එක හොදයි...(බ)
අහු නොවී ගිය අය තව කී දෙනෙක් ඇද්ද ..? (බ)
මේවා අද ,ඊයේ කළ දේවල් නෙමෙයි. විධිමත් පරීක්ෂණයක් කර නීතිය අකුරටම ඉටුකරන්න. (නි)
විශේෂයෙන් උතුරු නැගෙනහිර පැතිවලින් ඔය වගේ රටවලට යන්න හදන පුද්ගලයෝ ගැන වැඩි විපරමකින් හිටියොත් හොදයි. (බ)
මොවුන්ගේ වැඩනිසා ලංකා ගමන් බලපත්‍රය ලෝකයේ කොහේවත් පිළිගන්නේ නැහැ. දැඩි දඬුවම් දියයුතුයි. (නි)