(ඉන්දිකා රාමනායක)
කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ රුපියල් කෝටි ගණන් වටිනා යන්ත‍්‍ර සුත‍්‍ර අබලි යකඩ වශයෙන් කපා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතාගෙන් පැය පහක් පමණ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම පවසයි.
කොමිසම කළ දැනුම් දීමක් මත දයා රත්නායක මහතා පෙරවරු 9.30 එහි පෙනී සිටි අතර මෙම ප‍්‍රශ්න කිරීම දහවල් 12.45 දක්වා පැවැත්විණි.
යුද්ධයෙන් පසුව මෙම කර්මාන්ත ශාලාව අවට ඇති අබිලි යකඩ ඉවත් කිරීමට යැයි පවසමින් සිමෙන්ති සංස්ථාවට හා සිමෙන්ති සමාගමට නොදන්වා යුද හමුදාව විසින් ටෙන්ඩර් කැඳවා අබලි යකඩ වෙනුවට මෙම වටිනා යන්ත‍්‍ර සුත‍්‍ර කපා ඉවත් කර ඇති බවටත් ඉන් එම සමාගමට රුපියල් කෝටි ගණනින් අලාභ වී ඇති බවටත් දුෂණ විරෝධී පෙරමුණ කළ පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණ ආරම්භ කෙරිණ.
ඉදිරියේ තවත් හිටපු හා තවමත් රාජකාරියේ නිරත හමුදා ප‍්‍රධානීන් කිහිප දෙනකුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබාධිත රණ විරුවන් ගැන දුක හිතිලා මේ කෝටි ගණනක මුදල් ඔක්කොම එයාලට බෙදල දුන්න කියලා නම් කියන්න එපා.
මේක කළේ කොළඹ නගර සංවර්ධනය කරපු කට්ටියම නේද?
අවුරුද් 20ක් විතර වහලතිබ්බ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ගැන පරීක්ෂණයක් තියෙනවා නම් පැමිණිල්ලක් දාන්න ඕනේ සිමෙන්ති සංස්ථාවෙන් නේද? වෙන කෙනෙක් ඒක දාන්නේ කොහොමද?
මෙහෙම යකඩ කාපු හාදයෝ තවත් හැමතැනකම ඉන්නවා නේ !!! එහෙම අය හොඳින්, යහතින් වැජඹෙනවානේ මේ "සකල සිරින් පිරි සිරි ලංකාවේ !!! "