කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) රාත‍්‍රි පැවැති විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 74 කින් ඕස්ටේ‍්‍රලියාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
අවසන් මහා තරගය ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර 7 වැනිදා රාත‍්‍රි 7.00 සිට ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
බටහිර ඉන්දීය කොදෙව් ඕවර 20 කදී කඩුලූ 4 ට 205 (ක‍්‍රිස් ගේල් නොදැවී 75, මාලන් සැමුවෙල්ස් 26, ඞ්වේන් බ‍්‍රාවෝ 37, කිරාන් පොලාර්ඞ් 38, පැට් කමින්ස් 36/2)
ඕස්ටේ‍්‍රලියාව ඕවර 16.4 කදී සියලූ දෙනා දැවී 131 (මයික් හසී 18, ජෝජ් බේලි 63, සැමුවෙල් බඞ්රි 27/2, රවී රාම්පෝල් 16/3, සුනිල් නරේන් 17/2, කිරාන් පොලාර්ඞ් 6/2)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලහිරු තිරිමාල් අයින් කරලා අජා , අකිල, රංගන, ජීවන් දාන්න (ස)
අහිංසක හා නිහතමානී කණ්ඩායම් දෙකක් අතර සිදුවන ප්‍රවේගකාරී අවසන් සටනේ ජය ශ්‍රී ලංකා මෑණියන්ටම ලැබේවායි පතමි (ස)
ඕස්‍ට්‍රේලියානුවෝ සටන පූජා කරා .ටොස් එක දිනලා ලකුණු 150 ක් ගන්න විතරයි අපිට තියෙන්නේ , අපේ අය ලකුණු 120 එයාලාව අවුට් කරාවි (ස)
දග පන්දු වලට ඇබරෙන ගේල් සමුඑල් කට්ටියට අපේ අකිල, අජන්ත,රංගන තුන් දෙනාම දැම්මොත් තමයි හොද එත් කාවද එතකොට අයින් කරන්නේ ?(ස)
කවුරු දිනුවත් සතුටුයි . කොදෙව්ව හොඳ මහත්මාගති ඇති ටීම් එකක් (ස)
මා සතු එකම පැතුමක් හදතුල සැමදා ලංකා කොඩිය විස්සයි විස්සේ රන්දා බටහිර ඉන්දීය කණ්ඩායම පරදා ක්‍රීඩකයනේ අප පිනවනු මේ ඉරිදා (ස)
යමු යමු කොල්ලනේ ඔහොම යමු සංගා එදා වගේ මරු කැචි එකක් අරන් ගේලව ඉක්මන්ට පැවිලියන් 1 ට යවමු එතකොට කප් 1 අපේ අතේ...... (ස)
ජය ලබන්නා පරදින්නා තුල තරහාව ඇති කරයි.. පරදින්නා දුකින් වාසය කරයි.. ශාන්ත ඇත්තා සුවෙන් වාසය කරයි... බුද්ධ දේශණය.(නු)
අනේ ඔයා මැච් එක බලන්න එන්න එපා (ස)
මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න ලංකාවේ කොල්ලන්ගේ වැඩ පෙන්වන්න ජය ශ්‍රී මහා බෝ සමිදුන් පිහිට ලැබෙන්න කුසලානය ලක් මවගේ තුරුලට ගන්න (ස)
මම හිතපු විදියටම අවසන් තරඟෙට ශ්‍රී ලංකාවයි , බටහිර ඉන්දීය කොදෙව්ව ආවා , ජය අපිටයි ලංකාවේ , එතන මෙතන කොතන ගියත් ජය අපිටයි ලංකාවේ (ස)
ශාන්ට පිස්සු ,දකුණු ඉන්දියාවේ කොහෙද නිහතමානී අය , දකුණු ඉන්දිය නෙමෙයි බටහිර ඉන්දීය කොදෙව්ව (ස)
ලලිත් ඔයා හරි.. ලාරාගේ හා ජානාධිපති තුමාගේ හමුවීම ගැන හිතන්න වෙනවා තමයි.. මොකද ලාරා කියන්නේ රාජතාන්ත්‍රිකයෙක් නෙමෙයිනේ ජනාධිපති සමග සාකච්ඡා පවත්වන්න..!(නු)
බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ජයග්‍රහනය ගැන සතුටුයි. අවසන් තරගයේදී මහේලසමඟ අපේ කොල්ලන්ට ඳළදා සමිදු පිහිටෙන් ජයගන්න ලැබේවායි ඉත සිතින් පතමි!!!! (ස)
අවසන් තරගය දිනන එක නම් අනිවාර්යයි..! ඒත් දුක තියෙන්නේ පසුවදාට බඩුමිල ඉහළ ගියා වගේ පුවතක් අසන්නට ලැබුණොත් තමයි..(නු)
අන්තිම තරගයේ කුසලානය කොහොම හරි අපි ගන්නවා.. ජය වේවා සිංහ පැටවුනේ..!(නු)
නැණ ගත සවිය සමගිය තව වැඩේවා ගැණ ගැණ හය හතර අපගෙන් වැදේවා පරදා පිමලුන් ජයගොස නැගේවා ලක්මව වෙතට කුසලානය දිනේවා (නි)
කොල්ලන්ට සුභ පැතුම්! (නි)
ජය නියතයි ශ්‍රී ලංකා! හෙට කිරිබත් කන්න ලෑහැස්ති වෙන්න. (නි)
දුකක් නැ අපි වගේම දුප්පත් රටකට කුසලානය ගියාට විනොදය එකමුතුකම කැටි කරගත් කණ්ඩායමකට ජය නියතයි එය මහේලත් අවබොධ කර ගත යුතුය.....(ස)
නියම නර්තනය..!(නු)
අවසන් සටනේ ප්‍රතිපලය මහේලගේ සහ ගයිල්ගේ දස්කම් අතරද? ලාරා සහ මහින්දගේ හමුවීම අතරද? මොකද ගියවර ඉන්දියාවට වගේ මෙවර බටහිර ඉන්දියාවටගද .....................? (ස)
අපේ සිංහයන් අනිවාර්යයෙන් ලෝක කුසලානය ගන්නවා. (නි)
මටනම් හරිම සතුටුයි මේ උන දේට ලාංකිකයෙක් විදියට මම හද පත්ලෙන්ම පතනවා ලංකාව අවසන් සටන ජයග්‍රහණය කරන්න කියලා.. වැරදිමකින් හරි දකුණු ඉන්දියාව දිනුවත් හිත හදාගන්න පුළුවං මොකද එයාලාගේ තියෙන නිහතමානීකමට.. (නු)
ඔහොම යං කොදෙව්වෝ ඔහොම යං..!(නු)
කොදෙව්වනේ, ඔය සෙල්ලම් ලංකා සිංහ පුත්තුත් එක්ක අමාරුයි. (නි)
ඔහොම යං ඔහොම යං.. ඒත් අන්තිමට නවතින්න..!(නු)
කැමතිම කණ්ඩායම් දෙක. හොද තරගයක් බලා කප් එක ගම්මු
7 වෙනිදා පැවැත්වෙන තරඟයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල පරදවා ලංකාවේ අපේ කොල්ලන්ට ජය ගැනීමට හැකිවේවා !යි අපි පතමු. (නි)
මහේල පුතා හොඳට ගහන්න , ඔන්න වැඩ පෙන්නන්න අවස්තාව (ස)
ටොස් එක තමයි ප්‍රශ්නේ (ස)
මන්දගාමී කියපු තණතීරුවෙ කොදෙව්වන් කොහොමද ලකුණු 200ක් පහුකළේ..!(නු)
ඕස්ට්‍රේලියාවට ජය වේවා! දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා. (නි)
එක අතකින් ඕස්ට්‍රේලියාව පරදා බ.ඉ.කොදෙව් කණ්ඩායම අවසන් තරගයට පැමිණි එක ගැන සතුටුයි.කැමති කණ්ඩායමක්.එත් කැන්ගරුවන්ට දාපු සෙල්ලම් අපේ සිංහයන් එක්ක ලේසි වෙන එකක් නෑ.මතකනේ එදා... අපේ සින්හයන්ටත් සුබ පතමු අපි කොදෙව්වනි,ඔබටත් සුබ පතමි අපි දෙගොල්ලන්ටම උණුසුම් සුබ පැතුම්!(නු) මයියා(මහේල) ඔබට ජය!!!
ගේල්ට ලංකාව එක්ක නම් ගහන්න වෙන්නේ ජිල් බෝල තමයි! ලංකාවට සුභ පතනවා. (නි)
හෙට හවස ජාතික කොඩි රැගෙන පාරට බහිනවා. පිටියට යන්න ටිකෙට් නැති නිසා. (ස)
සිංහ දේශයට 7 වෙනිදා හොද දවසක් වෙන එක අනිවාර්යයයි. (නි)
හැම ශ්‍රී ලාංකිකයෙක්ම එක හිතින් අපේ සිංහ පෝතකයන්ට සුභ පතමු.. අපිට පිටියට යන්න බැරි අනාට අපේ සිංහයන් වෙනුවෙන් මිලියන විසි එකකගේ හිත්වල කියවෙන ජය පිරිත එයාලට දැනේවි.. එයම අපේ කොල්ලන්ට ශක්තියක් වේයි..අපි අපේ ගෙවල්වල සිංහ ධජයක් ඔසවමු..!(නු)
කාලෙකට පසු කොදෙව් ජය ගැන සතුටුයි.. හොද තරගයකින් ලංකාවට ජය පතමි.. එවිට සැබෑ දක්ෂයන් හදුනාගත හැකි වනු ඇත..!(නු)
සාධාරණ උණුසුම් තරඟයක් දැකගන්නට ලැබේවා , ශ්‍රී ලංකා පිලට ජය වේවා (ස)
හැම ශ්‍රී ලාංකිකයෙක්ම එක හිතින් අපේ සිංහ පෝතකයන්ට සුභ පතමු..(ස)
බටහිර ඉන්දීය කොදෙව් පිල පරදවා ලංකාවේ අපේ කොල්ලන්ට ජය ගැනීමට හැකිවේවා(ස)