බටහිර ඉන්දීය කොදෙව්හි තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි ‘සබීනා’ ක‍්‍රීඩාංගණයේ ඊයේ (28) පැවැති තරගයෙන් කොදෙව් පිල කඩුලූ 6 ක පහසු ජයක් ලැබීය.
කොදෙව් පිතිකරුවෝ ලකුණු 209 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 37.5 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ක‍්‍රිස් ගේල් සිය සුපුරුදු පිතිහරඹයට අවතීර්ණ වෙමින් පන්දු 100 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 7 ක් සමගින් ලකුණු 109 ක් රැස්කරමින් ජයග‍්‍රහණය පහසු කළේය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 77 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 55 ක් රැස් කිරීමට සමත් විය.
කොදෙව් නායක ඞ්වේන් බ‍්‍රාවෝ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
උපුල් තරංග (25) සහ මහේල ජයවර්ධන (52) පළමු කඩුල්ල සඳහා ලකුණු 62 ක සම්බන්ධතාවක් පැවැත්වූව ද සෙසු පිතිකරුවන් අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකා පිලට විශාල ලකුණු සංඛ්‍යාවක් දක්වා යෑමට නොහැකි විය. මහේල ජයවර්ධන පන්දු 52 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 52 ක් රැස් කළේය.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 7 ක් ලබා සිටියදී දෙවැනි ස්ලිප්හි පන්දු රකිමින් සිටි ක‍්‍රිස් ගේල් අතට ලබාදුන් පහසු උඩ පන්දුව රැකගත්තේ නම් ශ‍්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව මීට වඩා වෙනස්වීමට ද ඉඩ තිබුණි.
සුනිල් නරේන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 40 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් එක්දින තරගාවලිය වන ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියේදී ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කළ කුසල් ජනිත් අසාර්ථක වීම නිසා කණ්ඩායමේ ස්ථානය අමිවිය.
ආබාධයකට ලක්වූ තිලකරත්න ඩිල්ෂාන්ගේ ආරම්භක පිතිකරු ස්ථානයට මහේල ජයවර්ධන පැමිණි අතර ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියට සහභාගි නොවු පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබිණි.
තරගාවලියේ දෙවැනි තරගය ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර හෙට (30) පැවැත්වේ.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම
ශ‍්‍රී ලංකා කණ්ඩායම් ඉනිම
උපුල් තරංග - ඇ. රැම්ඞීන් ප. ඞ්වේන් බ‍්‍රාවෝ 25
මහේල ජයවර්ධන - ඇ. රැම්ඞීන් ප. නරේන් 52
කුමාර් සංගක්කාර - ඇ. පොලාඞ් ප. නරේන් 17
දිනේෂ් චන්දිමාල් - ඇ. ඞ්වේන් බ‍්‍රාවෝ ප. සැමුවෙල්ස් 21
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී 55
ළහිරු තිරිමාන්න - ඇ. චාල්ස් ප. රාම්පෝල් 6
නුවන් කුලසේකර - ඇ. පොලාඞ් ප. රාම්පෝල් 2
ජීවන් මෙන්ඩිස් - ඇ. සැමුවෙල්ස් ප. නරේන් 5
රංගන හේරත් - ඇ. සැමුවෙල්ස් ප. රාම්පෝල් 4
ලසිත් මාලිංග - ක.මු.ක ප. නරේන් 8
අජන්ත මෙන්ඩිස් - ඇ. චාල්ස් ප. ඞ්වේන් බ‍්‍රාවෝ 2
අතිරේක 11
එකතුව ඕවර 48.3 කදී සියළු දෙනා දැවී 208
කඩුලු වැටීම:
1-62, 2-85, 3-104, 4-140, 5-151, 6-159, 7-176, 8-190, 9-205, 10-208
පන්දු යැවීම:
කෙමාර් රෝචි : 7-1-41-0, රවී රාම්පෝල් : 10-0-38-3, ඩැරන් සැමී : 10-0-34-0, ඞ්වේන් බ‍්‍රාවෝ : 7.3-0-37-2, සුනිල් නරේන් : 10-0-40-4, මාලන් සැමුවෙල්ස් : 4-0-11-1
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ඉනිම
ක‍්‍රිස් ගේල් - ඇ. චන්දිමාල් ප. අජන්ත මෙන්ඩිස් 109
ජොන්සන් චාල්ස් - ඇ. ජයවර්ධන ප. හේරත් 29
ඩැරන් බ‍්‍රාවෝ - දුවද්දී දැවී ගියා 27
මාලන් සැමුවෙල්ස් - නොදැවී 15
කරන් පොලාඞ් - ක.මු.ක ප. කුලසේකර 0
ඞ්වේන් බ‍්‍රාවෝ - නොදැවී 8
අතිරේක 21
එකතුව ඕවර 37.5 කදී කඩුලූ 4ක් දැවී 209
කඩුලු වැටීම:
1-115, 2-181, 3-190, 4-193
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
ඩිනේෂ් රැම්ඞීන්, සුනිල් නරේන්, රවී රාම්පෝල්, කෙමාර් රෝචි, ඩැරන් සැමී
පන්දු යැවීම:
ලසිත් මාලිංග : 7-0-34-0, නුවන් කුලසේකර : 8-1-39-1, අජන්ත මෙන්ඩිස් : 10-0-53-1, ඇන්ජලෝ මැතිව්ස් : 5-0-28-0, රංගන හේරත් : 6-0-37-1, ජීවන් මෙන්ඩිස් : 1.5-1-7-0
ක‍්‍රිස් ගේල්
ඇන්ජලෝ මැතිව්ස්
මහේල ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මොකද මේ වුණේ (අ)
මේ සීරියස් එකත් බලපොරුත්තු වෙන්න බැහැ වගේ අපිට අනේ අපේ ටීම් එකට මොකද උනේ, හරිම කනගාටුයි (අ)
කුසල් ලට ඇෂ්පිරි එන්කෙ එකක් ගන්න (අ)
පාදය සහ පිත්ත එක තැන තබා තරඟය පරදින තුරු ආරක්ෂාවෙන ක්‍රිකට් න්‍යාය ...මාවන් ඉන්නකම් ප්‍රතිපලය මේයේය . කලුවිතාරණ පුහුණුකරු ලෙස පත් කරන්න.. පිත්ත තියෙන්නේ පන්දුවට පහර දෙන්න කියලා හොඳින් කියලා දේවි. (අ)
පිස්සු හැමෝටම
මීට වඩා හොදට අපෙ ඒ කණ්ඩායම එකත් සෙල්ලම් කරනවා. එකේ අරම්භක දෙන්නව ගත්තනම් හරි (අ)
ඇයි අපේ අය කිසිම දෙයකට සැහීමකට පත්වෙන්නේ නැත්තේ. දිනුම පැරදුම දෙකම බාරගත යුතුයි. හැම තරඟයක්ම දිනන්න බැහැ. අද ලෝකේ බලවත් වෙලා සිටය ඔස්ට්‍රේලියාවට මොකද උනේ. කාලයක් හොඳට තරඟ කලොත් කාලයක් පසුබසිනවා අපි ඒ හැම දෙයකටම මුහුණ දිය යුතුයි. අපේ කොල්ලන්ට ජයවේවා.(නදී)
කුසල් කපල තරංග ගෙනාපු එක තේරුමක් නැති වැඩක්. චන්දිමාල්, තිරිමාන්න දෙන්නවත් එලියට දැම්මනං හරි. *අ)
මැතිවුස් දකිනකොටට් තරහෙ........බෑ ඔක්කොම එලවල අලුත්ම කණ්ඩායමක් හදන්න ඕනි ..(අ)
ඉස්සර අපේ අය කොදෙව් දුපත් ගිහින් පැරදුනේ වේග පන්දුවයන්නන් සහ වේග තණතීරු නිසා , නමුත් දැන් පරදින්නේ දඟ පන්දුයවන්නන්ට මුහුණ දෙගන්න බැරුව , වෙලාවකට හිතෙනවා මේගොල්ලෝ කොහෙද ක්‍රිකට් ගැහුවේ කියලා.(නදී)
.2015 ලෝක කුසලානයක ගන්න කිසිම ප්ලෑන් එකක් තියේ කියල කියන්න බෑ. තරංග මොකටද ගෙනාවේ අපහු. (අ)
මට හිතෙන හැටියට තේරීම් නිලධාරීන්ට තිසර පෙරේරා පිලිබදව පුද්ගලික තරහවක් තිබෙනවා වගෙයි. තිසර පෙරේරා කණ්ඩායමේ සිටිය යුතුයි. තිසර ලංකාව ගොඩගත් කෙනෙක්.(නදී)
තොටළග'' අරුණ ''එල්ලේ ටීම් එක ඇරපල්ලා ඔයිට වැඩිය හොදට සෙල්ලම් කරාවි (අ)
කවද්ද අප්පා මෙයාල මැච් එකක් දිනලා එන්නේ.. ගහන ගහන ඔක්කොම කතා විදිහටනේ පරදින්නේ..දැනන්නම් මෙයාල අපිට ක්‍රිකට් එපා කරවල තියෙන්නේ...(අ)
ලංකාවට දැන් නම් ක්‍රිකට් ඉස්මුරුත්තාව වගේ වෙනත් ක්‍රීඩාවක් දියුණු කලොත් නරකද ?(නදී)
තේරීම් කමිටුව තිසර පෙරේරා එක්ක තරහද?(නදී)
වෙන්නප්පුව මීගමුව පැත්තේ තියනවා හොද එල්ලේ ටීම්. ඒවගේ කට්ටිය තෝරලා යවන්න. ඇගේ ශක්තිය නැතිව ක්‍රිකට් ගහන්න බැහැ. ක්‍රිස් ගේල් උනත් අවේ ඇග නිසා තමා. කුඹුරු කොටන හොද ඇගක් තියන මිනිස්සු තෝරලා පුහුණුව දෙන්න.(අ)
ලංකාවේ ටීම් එක මේ විදියට හරි යන්නේ නැහැ. දැන් බලන්න අපිට හොද දග පන්දු නැ, පිතිකරුවො නෑ. ඇත්ත කතාව අපිට ඉන්නව ඉන්න උන්ට තැන දෙන්නෙ නැහැ. දැන් හොදම උදාහරනෙ තමයි ඩිල්ෂාන් තුවාල උනාම ටීම් එකට ගේන්නෙ තරංගව. දැන් යන ඒ කන්ඩායමෙ ඉන්න දිමුත් කරුනාරත්න හොදට සෙල්ලන් කරනවා කොදෙව් ඒ කන්ඩායම එක්ක හරිනම් ගේන්න ඕනේ දිමුත්වනේ. අනික අපේ අය හිතන් ඉන්නෙ ටෙස්ට් හොදට ගහනවනම් ඔවර් 50 ගහන්න පුලුවන් කියලා. ඒකනෙ හැම වෙලේම හේරත් අරන යන්නෙ. බලන්න දැන් දකුණු අප්‍රිකාවෙ පිලන්ඩර් තම ටෙස්ට් රෑන්කින් වල මුලම ඉන්නෙ එත් ඔවර් 50 ගහන්නෙ නැ. සේනානායකයි අකිල දනන්ජයවයි ගස්සවන්න ඔන මොකද උන් දෙන්නා හොදට දග කවනවා. බලන්නන සුනිල් නාරින් කරකන විදිය. අපි මෙ පාර්ට් ටයිම් පන්දු යවන්නො එක්ක කොහොමද තරග දිනන්නෙ. ලංකාවෙ ටීම් එක ඇතුලෙ කඩුලු රකින්නො 4 දෙනයි. ඔන්න අපෙ බැලන්ස් ටීම් එක. අනිත් එක තමයි හැම කෙනාටම ටෙස්ට් 50-50 20-20 ගහන්න බැහැ. ලංකාවෙ ඉන්නෙ මහේලයි. ඩිල්ෂානුයි විතරයි මම දකින විදියට පුලුවන් ඒත් අනිත් අයට එහෙම ඕන තැනට හැඩගැහෙන්න බැහැ. එහෙම ලොකු වෙනසක් කරන්න පුලුවන් නිසා තමයි අනිත් කන්ඩායම් ඉදිරියට අවෙ. කොදෙව් කණ්ඩායම කොච්චර ඉස්සරහට ආවද පහුගිය අවුරුදු 2 ඇතුලෙ.(නදී)
මෑතිව්ස්ලා,චන්දිමල්ලා අනේ මන්ද ක්‍රිකට් වලට මොනා කරයිද කියල.මේ අය තව ඉස්සරහට මේ වගේ ක්‍රිඩා කලොත් හෑමදාම,ඔවර් 50 ටෙස්ට් මෑච් නම් බලුව හෑකි.(අ)
දැන් බලන්න ඉන්දියාව ගහන්නේ ඔක්කොම පොඩි කොල්ලෝ, මැච් පැරදුනත් අව්ලක් නෑ. අපේ සංගා, මහේල දැන් ඇති නේද දුන්න මෙයාලට චන්සේ, දැන අපේ ක්‍රිකට් අනාගතේ ගැන හිතමු. (අ)
එකම විසදුමයි තියෙන්නේ ඒ අර්ජුනව ක්‍රිකට් පාලක මණ්ඩලයට පත්කරන එක. වෙන මොන පල් හෑලි ලිව්වත් කිව්වත් වැඩක් නැහැ.(නදී)
අයිපීඑල් - ඩොලර් - අයි පී එල් ඩොලර්, මේවා දකින "කැප්ටන් කූල්" ලාට මොනවා හිතෙනවා ඇද්ද ?(නදී)
කෑවා නේද කට්ටිය හොදට? කුසල් සෙල්ලම් කළේ නැත්තෙ ඇයි අද? (නි)
ගෙවන සල්ලිත් අපරාදේ! (නි)
අයියෝ සල්ලි! අපරාදේ කියන්න බැහැ, මැතිව්ස් ලා චන්දිමාල් ලා ලංකාවට ක්‍රිකට් එපා කරවනවා. වැඩක් කරපු ජයසූරියලත් තෝරන්නේ මෙහෙම අයවද? දිනන එක පැත්තක තියල අලුත් අයට එක්ස්පීරියන්ස් එකක් ගන්න දුන්නා නම් ඉවරයි (නි)
ලංකාවේ ක්‍රිකට් දැන් ඉන්දියාවට ගිහිල්ලා. මේවා බලන අපිටයි පිස්සු (නි)
අපේ කොල්ලෝ බඩ පිරෙන්න කාල ඒවි .(අ)
අපරාදෙනේ මැච් එක .....කප් එක දීලා ගෙදර එන්න කියන්න කට්ටියට....(අ)
මන්දගාමී ක්‍රිකට් බලනකොට නිදිමත හැදෙනවා (නි)
කල කිරෙනවා මේවා දැක්කම.(නදී)
කණ්ඩායමේ පිරිහීම හොදින්ම පේනවා. දැන් ඉතින් පුහුණුකරු මාරු කරන්න කාලය ඇවිත් වාගේ. (නි)
කුසල්ව ආරම්භක පිතිකරු විදිහට දාලා තරංග මැද පෙලට දාන්න එතකොට හරි. . අපේ මැද පෙළ හොද නැහැ. තිසර අපහු ගේන්න රංගන එලියට දාලා. මෙච්චර දෙයක් තේරෙන්නේ නැද්ද?(නදී)
ඊළඟ මැච් වලදිවත් ගහයිද? (නදී)
අපිට කියල ඉතුරු වෙලා තිබුණු ක්‍රීඩාවත් දැන් වලපල්ලට ගහිල්ලා. මම නම් දැන් තරග නරඹන්නේ නැහැ. බලපු අන්තිම මැච් එක. ආයේ නම් බලන්නේ නැහැ.(නදී)
අපිට කියල ඉතුරු වෙලා තිබුණු ක්‍රීඩාවක් දන් වලපල්ලට ගහිල්ල මම නම් දන් තරග නරබන් නෑ බලපු අන්තිම මැච් එක (අ)