IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කොදෙව් ක‍්‍රීඩකයෝ සුපිරි ඕවරයේදී නවසීලන්ත බලාපොරොත්තු සුන්කරති

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ පළමු කාණ්ඩයේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (01) පැවැති දිනයේ පළමු තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ‘සුපිරි  ඕවරයේදී’ නවසීලන්තය පරාජය කිරීමට සමත් විය. මෙම පරාජයත් සමග නවසීලන්ත තරගාවලියෙන් ඉවතට විසිවිය. ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර ‘සුපිරි අට’ වටයේ පළමු කාණ්ඩයේ අවසන් තරගය අද (01) රාත‍්‍රි පැවැත්වේ. එම තරගයේ ප‍්‍රතිඵලය අනුව පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණය වේ. ක‍්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් ලකුණු 18 ජයග‍්‍රාහි ඉලක්කය පන්දු 5 කදී සම්පූර්ණ කිරීමට සමත් වූහ. පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය සුපිරි  ඕවරයේදී කිසිවකු නොදැවී ලකුණු 17 ක් රැස්කළ අතර කොදෙව් පිල පන්දු 5 කදී කිසිවකු නොදැවී ලකුණු 19 ක් රැස් කළේය. බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 19.3 කදී සියලූ දෙනා දැවී 139 (ක‍්‍රිස් ගේල් 30, මාලන් සැමුවෙල්ස් 24, ඩැරන් බ‍්‍රා්වෝ 16, කිරන් පොලාර්ඞ් 28, ඩග් බ‍්‍රාස්වෙල් 31/3, ටිම් සවුති 21/3, නේතන් මැකලම් 19/2) නවසීලන්තය  ඕවර 20 කදී කඩුලූ 7 ට 139 (මාටින් ගප්ටිල් 21, බ්‍රෙන්ඩන් මැකලම් 22, රෝස් ටේලර් නොදැවී 62, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 14, සුනිල් නරේන් 20/3)



අදහස් (0)

කොදෙව් ක‍්‍රීඩකයෝ සුපිරි ඕවරයේදී නවසීලන්ත බලාපොරොත්තු සුන්කරති

විමුක්ති Tuesday, 02 October 2012 03:42 PM

වරුණ පොඩි කාලේ කොහෙද හිටියේ ??????? (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 12:48 PM

මට දුක ‍රොස් ටේලර් ගැන (නි)

:       0       0

යොහාන් Tuesday, 02 October 2012 07:51 AM

පළමු වටයේ වැස්සට පින්සිද්ධ වෙන්න සුපිරි 8 ට ඇතුල් වුණා. සුපිරි ඕවරයට පින්සිද්ධ වෙන්න අවසන් තරඟයට තේරුණා (ස)

:       0       0

වරුණ Tuesday, 02 October 2012 08:05 AM

නවසීලන්ත ටීම් එකේ වගකීමක් නැති ක්‍රීඩා විලාශය නිසා තමයි ඔවුන්ට මේ අවාසනාවන්ත තත්වය උදාවු‍ණේ (ස)

:       0       0

ශිරාස් Tuesday, 02 October 2012 01:23 PM

එහෙනම් බටහිර ඉන්දීය කොදෙව්වන්ට දුක හිතෙයි (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 06:30 PM

මට දුක නවසීලන්ත නායකයා ගැනයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 363 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site