විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (27) රාත‍්‍රි පැවැති තරගයෙන් කොදෙව් පිල ලකුණු 15 ක ජයක් ලැබීය. බටහිර ඉන්දීය කොදෙව් සහ ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 2 ක් බැගින් ලබා සිටිය ද, කොදෙව් පිලට ශුද්ධ ලකුණු වේගය (+0.750) අනුව පළමු කාණ්ඩයේ පෙරමුණ හිමිව තිබෙන අතර ශ‍්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවෙයි. ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය සමව අවසන්වීම නිසා ශුද්ධ ලකුණු වේගය 0 කි. එංගලන්තය (-0.750) සිවුවැනි ස්ථානයේ පසුවෙයි. බටහිර ඉන්දීය කොදෙව් ඕවර 20 කදී කඩුලූ 5 ට 179 (ක‍්‍රිස් ගේල් 58, ජොන්සන් චාල්ස් 84, ස්ටුවට් බ්‍රෝඞ් 26/2) එංගලන්තය ඕවර 20 කදී කඩුලූ 4 ට 164 (ඇලෙක්ස් හේල්ස් 68, එඔයින් මෝගන් නොදැවී 71, රවී රාම්පෝල් 37/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd