ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 16 වැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (24) පැවැති තරගයේදී සනත් ජයසූරියගේ කදුරට වොරියස් පිල ලකුණු 2 ක තියුණු ජයක් ලබමින් මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිලේ අපරාජිත වාර්තාව බිද දැමීමට සමත් විය. ජයග‍්‍රහණය සදහා ලකුණු 150 ක ඉලක්කය හඹාගිය වයඹ පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 147 ක් පමණි. කදුරට පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ඕස්ටේ‍්‍රලියානු යොවුන් පිතිකරු කි‍්‍රස් ලින් පන්දු 51 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 80 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය. කදුරට වොරියස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 149 (ජීවන්ත කුලතංග 23, ක‍්‍රිස් ලින් 80, කෞෂාල් ලොකුආරච්චි 11, සොහෙල් තන්වීර් 10, මොහොමඞ් හෆීෂ් 14/2, ඉසුරු උදාන 35/2, අබ්දුල් රසාක් 20/2) වයඹ යුනයිටඞ් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 147 (කම්රාන් අක්මාල් 12, මොහොමඞ් අෆීෂ් 34, ෂෙහාන් ජයසූරිය 28, කෞෂල්‍ය වීරරත්න 10, අබ්දුල් රසාක් නොදැවී 36, කෞෂල්‍ය ලොකුආරච්චි 15/3)
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩාවෙදි කිසිම කෙනෙක්ට ජයසූරිය එක්ක තරහක් නෑ...(ස)
ජයසූරිය, ඔබට ජය! (නි)
නියමයි ජයවේවා
ජයසුරිය නැත්නම් ලෝක කුසලාන මතකයක් නෑ (අ)
කව්රු හරි දීනන්න ඕනනේ (දී)
දිනුම පැරදුම සම වේ (දී)
ඔයාලට සෙල්ලම් කරගන්න බැරි උනාට ජයසූරිය පලි නෑනේ...(ස)
අපිට වැඩක් නැහැ
ක්රිකට් තමයි ලංකාවට හේනේ
ක්රිකට් නම් ඕනේ නැහැ මම කැමති නැති සෙල්ලමක්
ඔහොම යමු. ජයසූරිය, ඔබ සතුව ශක්තිය තවමත් ඇත. (නි)
මහේලගේ අඩුව...(ස)
චන්දිමාල්ගේ දක්ෂතා ඇත්තෙම නෑ වගේ..(ස) ,
වයඹ සෙල්ලම් කළේ සෙල්ලම් නොකර බැරි නිසා (නි)
අපේ රටේ නමරැන්දූ මේ අසහාය ක්‍රීඩකයන්ට අපහාස නොකරන්න (නි)
බලන්න ජයසූරියගේ තියෙන තණ්හාව. මෙයා නම් හැරමිටියෙන් යනකන් සෙල්ලම් කරයි . තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දීලා අයින්වෙන්න. කලින් දක්වපු දක්ෂතා දැන් දක්වන්න බැහැ වයසට යනකොට. ගොඩනගා ගත කීර්තිය නැති කර ගන්නේ නැතුව දැන් වත් තණ්හාව අත්හැරලා ක්‍රීඩාවට සමුදෙන්න (ස)
සංගගේ වාසනාව..(ස)
ජයසූරිය එක්ක තරහා අය තවත් ඉන්නවා වගේ.. ජයග්‍රහණයකට හේතුව කණ්ඩායම නිසියාකාකරව හසුරන එක.. ජයසූරිය ඔබට ජයෙන් ජය..!(නු)
මේක ජයසූරියගේ වාසනාව .මුකුත් නොකර ටීම් එකේ හිටියත් මැච් එක දිනන්න පුළුවන්..(ස)
ජයසුරිය මෙතන ලොකු දෙයක්කරල නැහැ ඕවර 4 ක් යවලා කඩුල්ලක් වත් නැහැ එයා ආවේ පිතිකරුවෙක් විදියට රැස් කලේ ලකුණු 4 යි..(නු)