IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කදුරට වොරියස් ලකුණු 2 කින් වයඹ යුනයිටඞ් පරාජය කරයි

ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 16 වැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (24) පැවැති තරගයේදී සනත් ජයසූරියගේ කදුරට වොරියස් පිල ලකුණු 2 ක තියුණු ජයක් ලබමින් මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිලේ අපරාජිත වාර්තාව බිද දැමීමට සමත් විය. ජයග‍්‍රහණය සදහා ලකුණු 150 ක ඉලක්කය හඹාගිය වයඹ පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 147 ක් පමණි. කදුරට පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ  ඕස්ටේ‍්‍රලියානු යොවුන් පිතිකරු කි‍්‍රස් ලින් පන්දු 51 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 80 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය. කදුරට වොරියස් පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 149 (ජීවන්ත කුලතංග 23, ක‍්‍රිස් ලින් 80, කෞෂාල් ලොකුආරච්චි 11, සොහෙල් තන්වීර් 10, මොහොමඞ් හෆීෂ් 14/2, ඉසුරු උදාන 35/2, අබ්දුල් රසාක් 20/2) වයඹ යුනයිටඞ් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 147 (කම්රාන් අක්මාල් 12, මොහොමඞ් අෆීෂ් 34, ෂෙහාන් ජයසූරිය 28, කෞෂල්‍ය වීරරත්න 10, අබ්දුල් රසාක් නොදැවී 36, කෞෂල්‍ය ලොකුආරච්චි 15/3)



අදහස් (0)

කදුරට වොරියස් ලකුණු 2 කින් වයඹ යුනයිටඞ් පරාජය කරයි

ලෙස්නි හර්බට් විජේසිංහ Saturday, 25 August 2012 08:03 AM

ජයසුරිය මෙතන ලොකු දෙයක්කරල නැහැ ඕවර 4 ක් යවලා කඩුල්ලක් වත් නැහැ එයා ආවේ පිතිකරුවෙක් විදියට රැස් කලේ ලකුණු 4 යි..(නු)

:       0       0

බුද්ධික Saturday, 25 August 2012 10:18 AM

මේක ජයසූරියගේ වාසනාව .මුකුත් නොකර ටීම් එකේ හිටියත් මැච් එක දිනන්න පුළුවන්..(ස)

:       0       0

ගයාන් Saturday, 25 August 2012 06:32 PM

දිනුම පැරදුම සම වේ (දී)

:       0       0

උදාර සම්පත් Saturday, 25 August 2012 10:48 AM

ජයසූරිය එක්ක තරහා අය තවත් ඉන්නවා වගේ.. ජයග්‍රහණයකට හේතුව කණ්ඩායම නිසියාකාකරව හසුරන එක.. ජයසූරිය ඔබට ජයෙන් ජය..!(නු)

:       0       0

හෙලසිරි බටුවන්තුඩාව Saturday, 25 August 2012 11:01 AM

සංගගේ වාසනාව..(ස)

:       0       0

අමිල Saturday, 25 August 2012 07:30 PM

කව්රු හරි දීනන්න ඕනනේ (දී)

:       0       0

සංජීව සේනාරත්න කුවෙට්ය Saturday, 25 August 2012 11:15 AM

බලන්න ජයසූරියගේ තියෙන තණ්හාව. මෙයා නම් හැරමිටියෙන් යනකන් සෙල්ලම් කරයි . තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දීලා අයින්වෙන්න. කලින් දක්වපු දක්ෂතා දැන් දක්වන්න බැහැ වයසට යනකොට. ගොඩනගා ගත කීර්තිය නැති කර ගන්නේ නැතුව දැන් වත් තණ්හාව අත්හැරලා ක්‍රීඩාවට සමුදෙන්න (ස)

:       0       0

සුනිල් Saturday, 25 August 2012 11:56 AM

අපේ රටේ නමරැන්දූ මේ අසහාය ක්‍රීඩකයන්ට අපහාස නොකරන්න (නි)

:       0       0

ලලිත් Saturday, 25 August 2012 10:25 PM

ජයසුරිය නැත්නම් ලෝක කුසලාන මතකයක් නෑ (අ)

:       0       0

වයඹ Saturday, 25 August 2012 01:06 PM

වයඹ සෙල්ලම් කළේ සෙල්ලම් නොකර බැරි නිසා (නි)

:       0       0

සිසිර Saturday, 25 August 2012 01:07 PM

චන්දිමාල්ගේ දක්ෂතා ඇත්තෙම නෑ වගේ..(ස) ,

:       0       0

සිසිර Saturday, 25 August 2012 01:07 PM

මහේලගේ අඩුව‍‍‍...(ස)

:       0       0

ජයනාත් Sunday, 26 August 2012 03:54 PM

ජයසූරිය, ඔබට ජය! (නි)

:       0       0

සුනිල් Saturday, 25 August 2012 01:22 PM

ක්‍රීඩාවෙදි කිසිම කෙනෙක්ට ජයසූරිය එක්ක තරහක් නෑ...(ස)

:       0       0

කසුනි Saturday, 25 August 2012 01:30 PM

ක්‍රිකට් නම් ඕනේ නැහැ මම කැමති නැති සෙල්ලමක්

:       0       0

සුජීවා Saturday, 25 August 2012 01:40 PM

ක්‍රිකට් තමයි ලංකාවට හේනේ

:       0       0

චන්ද්‍රා Saturday, 25 August 2012 02:22 PM

අපිට වැඩක් නැහැ

:       0       0

කුමාර Saturday, 25 August 2012 12:41 AM

ඔහොම යමු. ජයසූරිය, ඔබ සතුව ශක්තිය තවමත් ඇත. (නි)

:       0       0

ශාන් Saturday, 25 August 2012 02:57 PM

ඔයාලට සෙල්ලම් කරගන්න බැරි උනාට ජයසූරිය පලි නෑනේ...(ස)‍‍

:       0       0

ජයතිස්ස Sunday, 26 August 2012 09:11 AM

නියමයි ජයවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site