( ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණවලට අදාළව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කර ඇති ආරාධනය පිළිගැනීමට නම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනිවිදභාවයකින් සිදුවන බවට විශ්වාසයක් තමා තුළ ඇතිවිය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වා යවා ඇත.
එසේ සාකච්ඡා කරන්නට තමන් විවෘත නමුත් ඒ සඳහා කොන්දේසි කිහිපයක් සම්පූර්ණ විය යුතු බවත් එම කොන්දේසි සම්පූර්ණ වන තුරු සාකච්ඡාවට නොඑන බවත් කාදිනල්තුමා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් පැහැදිලිව දැනුම් දී ඇතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.
පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන විශ්වාසනීයත්වයෙන් යුතුව සිදුවීමේ වැදගත්බවත්, එම විශ්වාසය ගොඩනැගීමට නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ විය යුතු බවත් කාදිනල්තුමා සිය ලිපියෙන් අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි ද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ සඳහන් කළහ.
සිරිල් ගාමිණී පියතුමන් මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති පරිදි විමර්ශන ආරම්භ කළොත් කාදිනල්තුමන්, කතෝලික සභාව හා ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගෙන බවත් එය ගොඩනැගිය හැක්කේ රජයට පමණක් බවත් පියතුමෝ කීහ.
ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂවරයා සහ පොලිස්පතිවරයා ඉකුත් දා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය තුළ ඇතුළත් යම් කරුණුවලින් විශ්වාසය ගොඩනැගීමට වඩා විශ්වාසය පලුදු වී ඇතැයි ද සිරිල් ගාමිණී පියතුමෝ සඳහන් කළහ.
ඒ නිසා සාකච්ඡාවක් කිරීමට අවශ්‍යනම් විශ්වාසය ගොඩනැගුණු පසු එය පැවැත්විය හැකි බව ද කාදිනල්තුමන් අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි පියතුමෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජී එල් පඹයක වගේ වැඩ කරන්නේ.. පොහොට්ටුවේ සභාපති වුණාට ඔහුට කිසිම බලයක් නැහැ. චන්ද්‍රිකා යුගේ ඉඳන් බලයට පත්වූ නායකයින්ට කඩේ ගියා මිස තමාගේ බුද්ධියෙන් රටට කිසි දෙයක් කළේ නැහැ... කාදිනල්තුමෝ..., නිකම් කාලය නාස්ති කරන්න එපා.
ජී එල් මේ කරන්නෙ ආණ්ඩුවෙ කිලිටි හෝදන එක.
කාදිනල්තුමාගේ ස්ථාවරය නිවැරදියි.
මේ කරන්නෙ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුයි තවත් ටිකකුයි උවමනායි කිව්ව එකේ අනික, මේ ඔක්කොම උප්පරවැටට්ටි, මහමොලකාරයා බේරාගැනීමේ සූත්තරයි.
කාදිනල් තුමා ඔබ නිවැරදියි , ඔය කතාවට කැදවන්නෙ මොකක් හරි බොරු උප්පරවැට්ටියකට, බොරුවෙන් උපන් බොරුවෙන්ම රට ගෙනියන රජයක් ,
පීරිස් මැතිතුමා කාදිනල් උන්නැහේට කියන්න නැවත එජාපයින් බලයට ආව කාලෙක තව පරීක්ෂණයක් තියන්න කියලා...
පීරිස් මැතිතුමා කාදිනල් තුමාට කියන්න නැවත එජාපයෝ බලයට ආව කලෙක තව පරීක්ෂණයක් තියන්න කියලා.
කාදිනල් තුමා ගණන හදලා එන උත්තර බාරගන්න කැමති නැහැ. බලාපොරොත්තු වෙන්නේ තමන් ළඟ තිබෙන උත්තරයට හරියන්න ගණන වෙනස් කරන්න
කාදිනල්තුමනි මේ පාලකයන් කිසිවිටෙකත් මෙම ප්‍රහාරයෙ ඇත්ත නැත්ත නොසයනු ඇත. ප්‍රහාරය උපරිමයෙන් පාවිච්චි කලේ බලයට පැමිනිමටය. ඔබතුමාට මෙම පරික්ෂනය නියමාකාරයෙන් කරගැනීමට අවශ්‍ය නම් කරුණාකර ඡාත්‍යන්තරයට යන්න.
තවත් පරීක්ෂණ ඉවරවෙලා නැහැ. ඒකනේ රිෂාඩ් එහෙම ඇතුලේ ඉන්නේ...
ජී.එල්. ගිය ගිය තැන නානවා.
එහෙට මෙහෙට වාසි පැත්තට පැන පැන හිටියා මිසක් හරියට කරපු දෙයක් තියෙනවා ද?
යහපාලනේ සියලු නායකයන් ඇතුළු මන්ත්‍රීගෙන් සියලුම වන්දි මුදලක් ඉල්ලුම් කරන්න. ජීවත් වී සිටින අයට සාධාරණයක් වේවි. මැරුණු අයට යාඥා කරනවා හැර වෙන සාධාරණයක් කරන්න පුළුවන්ද?
දැන් ඔය සිදුවීම සිද්ධ වෙලා අවුරුදු කියක් ගියාද තවම කව්රුවත් අත්අඩංගුවට ගත්ත.ද නැහැ තවම කොමිෂන් විතරයි. පුදුමෙ කියන්නෙ ලෝකයේ පලමු වරට මිනිමරුවන් අල්ලන්න තවම හොයනවා කොමිෂන් දාලා. එතකොට මෙව්වට මොන තරම් වියදම් කරනවද ඒත් තාම නැහැ විසදුමක්