(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දිගින් දිගටම අරගල කිරීමට විපක්ෂය තීරණය කර ඇත.
එසේම යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද අහිමිවී අැතැයි පවසමින් එක දිගට වරප්‍රසාද ප්‍රශ්න මතු කිරීමටද විපක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනෙකු මේ සම්බන්ධයෙන් දැනටමත් වරප්‍රසාද ප්‍රශ්න මතුකර ඇත.
එම වරප්‍රසාද ප්‍රශ්න සාකච්ඡාවට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අද (05) ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ගයාන්ත කරුණාතිලක මහතා පැවසුවේ එම වරප්‍රසාද ප්‍රශ්න බාර නොගතහොත් ඒ සම්බන්ධයෙන්ද දිගටම හඩ නගන බවයි.
විපක්ෂය විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාවේ අධිකරණ කටයුතුවලට බාධාවන කරුණු ඇතැයි පවසමින් ආණ්ඩු පක්ෂය එය විවාද කිරීම ප්‍රතික්ෂේප කළේය. එසේ ප්‍රතික්ෂේප කරීමෙන් අනතුරැව යෝජනාව සංශෝධනය කර නැවත බාරදෙන ලෙසටද ඉල්ලීමක්් කළේය.
කෙසේ වෙතත් විපක්ෂයේ පවසන්නේ අධිකරණ කටයුතු වලට බාධාවන කරුණු එහි අන්තර්ගත නොවන හෙයින් යෝජනාව වෙනස් කිරීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd