දියවැඩියාවට ඔසුවක් සේ සැලකෙන කොතල හිඹුටු කිලෝග‍්‍රෑම් 323 ක් කූරියර් සේවාවක් මගින් ජපානයට යැවීමට කොළඹ ව්‍යාපාරිකයෙකු ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගුවන්තොටුපොළ රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිපධාරීහු සමත් වූහ.
සංචාරක ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයෙකු වන සැකකරු කොතළ හිඹුටු පාර්සල් 12 ක් ජපානයේ නැරීටා ගුවන්තොටුපොළ වෙත යැවීමට බාර දී තිබුණි.
මීට පෙරද කොතළ හිඹුටු ජපානයට යැවීමට ගත් උත්සාහයන් රේගුව විසින් වලකා ඇත. මේ පිළිබද විමර්ශන කටයුතු සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් පිට රේගු නිලධාරීහු සිදුකරති.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප ජීවත්වන මුතු ඇටය සාරවත් හෙළ ඔසුවලින් සහ ධන ධාන්‍යයන්ගෙන් පිරි ඖෂධාගාරයක් බව විදේශිකයන් නොදන්නා රහසක් නොවේ. නමුත් කණගාටුවට කරුණ නම් එහි ජීවත්වන දේශිකයා ඖෂධීය ශාස්ත්‍රයෙහි ගුණාත්මකබාවය නොදැනීමත් ඒවා පරිහරණය නොකිරීමත් නිසා අන් අය වෙනුවෙන් හෝ පරෝපකාරයක් කිරීමට ඉදිරිපත් වීමේදී එයටද සම්බාධක පැනවීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (නි)
අපේරටේ විදේශ විනිමය උපයන්න නොව ඒවා වියදම් කරන්න නම් යස අපූරුවට මනාවට ක්‍රම සකසා දී තිබෙනවා. (නි)
රේගු නිලධාරීන් නියමෙට රාජකාරිය කරනවා. ඔට සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
රට කමු. අපි හැදෙමු... ප්‍රතිපත්තිය තමයි අද කාලේ මිනිස්සු ක්‍රියාත්මක කරන්නේ. (නි)
ඉතින් මේවා මහා පරිමාණයෙන් වගා කරන්නේ නැත්තේ මොකද ? (නි)
මේ දේවල් සිදුවන්නේ ආනයනය කර විදේශ විනිමය උපයගන්න ක්‍රම වල කිසි ප්‍රතිපත්තියක් අප රටේ නැති නිසා. (නි)
දී කිරට සාක්කි දෙන පුස් අය කොතල හිඹුටු වලට සාක්කි කියනවා. "ලෙඩක් සුවකරන එක විශාල පිනක්" අම්මපා ඇත්ත නේන්නම්. ගංජත් බෙහෙතක් ලු. (නි)
අනේ මහත්තයෝ, මේ ඔසුව ගෙනියන්න අවසර දෙන්න. ලෙඩක් සුවකරන එක විශාල පිනක්, අනිත් කාරණාව තමයි අපේ උන්දැලා ඕවා තම්බලා බොන්නෙ නැහැ. හෙළ දෙරණේ අය ඉල්ලනේ හෙළ ඔසුව. පිරිසිදු කසිප්පු, පොල් රා, ගංජා,ඇල්ටෝ වැනි පානය නොවැ. (නි)
පිටිගල,ඇත්ත. මේවා සුද්දෝ නොවෙයි, මුදල් දීලා ගන්නේ අපේම සිංහල අයයි. (නි)
ෂෙරිෆ්, ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නි)
හොරෙන් යවන ඒවා අල්ලලා මදි . බලධාරිනි , අවදිවවු. කොතල හිඹුටු රට යවා විනිමය ඉපැයීමට වහා කටයුතු කරනු. (නි)
කෙනෙක් ඉස්සරහට යනතොට කකුලෙන් අදින මහ ජරා නීති ලංකාවේ තියෙන්නේ. මේකම තමයි කළේ ට්‍රැත්ටර් එකයි පිස්තෝලෙයි හොයා ගත්ත අයටත්. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ.(නදී)
බෙහෙත් සම්බන්ධයෙන් ලෝකෙයේම භූමි සීමා නීතිය අවලංගු කළයුතුයි. බෙහෙත් යනු මිනිසා ජීවත් වීමට ගන්නා උත්සාහයකි (නි)