දියවැඩියාවට ඔසුවක් සේ සැලකෙන කොතල හිඹුටු කිලෝග‍්‍රෑම් 323 ක් කූරියර් සේවාවක් මගින් ජපානයට යැවීමට කොළඹ ව්‍යාපාරිකයෙකු ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගුවන්තොටුපොළ රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිපධාරීහු සමත් වූහ.
සංචාරක ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයෙකු වන සැකකරු කොතළ හිඹුටු පාර්සල් 12 ක් ජපානයේ නැරීටා ගුවන්තොටුපොළ වෙත යැවීමට බාර දී තිබුණි.
මීට පෙරද කොතළ හිඹුටු ජපානයට යැවීමට ගත් උත්සාහයන් රේගුව විසින් වලකා ඇත. මේ පිළිබද විමර්ශන කටයුතු සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් පිට රේගු නිලධාරීහු සිදුකරති.
.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොතළ හිඹුටු රේගුවේ හිරවේ
මුතුකුඩ Friday, 12 April 2013 11:53 PM
අප ජීවත්වන මුතු ඇටය සාරවත් හෙළ ඔසුවලින් සහ ධන ධාන්‍යයන්ගෙන් පිරි ඖෂධාගාරයක් බව විදේශිකයන් නොදන්නා රහසක් නොවේ. නමුත් කණගාටුවට කරුණ නම් එහි ජීවත්වන දේශිකයා ඖෂධීය ශාස්ත්‍රයෙහි ගුණාත්මකබාවය නොදැනීමත් ඒවා පරිහරණය නොකිරීමත් නිසා අන් අය වෙනුවෙන් හෝ පරෝපකාරයක් කිරීමට ඉදිරිපත් වීමේදී එයටද සම්බාධක පැනවීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (නි)
ලාල් ගලබඩ Saturday, 13 April 2013 12:55 AM
අපේරටේ විදේශ විනිමය උපයන්න නොව ඒවා වියදම් කරන්න නම් යස අපූරුවට මනාවට ක්‍රම සකසා දී තිබෙනවා. (නි)
හේවාවිතාරණ Saturday, 13 April 2013 02:01 AM
රේගු නිලධාරීන් නියමෙට රාජකාරිය කරනවා. ඔට සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
හේරත් Saturday, 13 April 2013 09:15 AM
රට කමු. අපි හැදෙමු... ප්‍රතිපත්තිය තමයි අද කාලේ මිනිස්සු ක්‍රියාත්මක කරන්නේ. (නි)
වරුණ Saturday, 13 April 2013 09:50 AM
ඉතින් මේවා මහා පරිමාණයෙන් වගා කරන්නේ නැත්තේ මොකද ? (නි)
පිටිගල මිලානෝ Friday, 12 April 2013 04:24 PM
මේ දේවල් සිදුවන්නේ ආනයනය කර විදේශ විනිමය උපයගන්න ක්‍රම වල කිසි ප්‍රතිපත්තියක් අප රටේ නැති නිසා. (නි)
හේරත් Saturday, 13 April 2013 12:05 PM
දී කිරට සාක්කි දෙන පුස් අය කොතල හිඹුටු වලට සාක්කි කියනවා. "ලෙඩක් සුවකරන එක විශාල පිනක්" අම්මපා ඇත්ත නේන්නම්. ගංජත් බෙහෙතක් ලු. (නි)
ෂෙරිෆ් Friday, 12 April 2013 05:36 PM
අනේ මහත්තයෝ, මේ ඔසුව ගෙනියන්න අවසර දෙන්න. ලෙඩක් සුවකරන එක විශාල පිනක්, අනිත් කාරණාව තමයි අපේ උන්දැලා ඕවා තම්බලා බොන්නෙ නැහැ. හෙළ දෙරණේ අය ඉල්ලනේ හෙළ ඔසුව. පිරිසිදු කසිප්පු, පොල් රා, ගංජා,ඇල්ටෝ වැනි පානය නොවැ. (නි)
කොස්වත්ත Friday, 12 April 2013 05:38 PM
පිටිගල,ඇත්ත. මේවා සුද්දෝ නොවෙයි, මුදල් දීලා ගන්නේ අපේම සිංහල අයයි. (නි)
සම්පත් Friday, 12 April 2013 06:32 PM
ෂෙරිෆ්, ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නි)
චන්ද්‍රා Friday, 12 April 2013 06:32 PM
හොරෙන් යවන ඒවා අල්ලලා මදි . බලධාරිනි , අවදිවවු. කොතල හිඹුටු රට යවා විනිමය ඉපැයීමට වහා කටයුතු කරනු. (නි)
රියාල් Friday, 12 April 2013 07:23 PM
කෙනෙක් ඉස්සරහට යනතොට කකුලෙන් අදින මහ ජරා නීති ලංකාවේ තියෙන්නේ. මේකම තමයි කළේ ට්‍රැත්ටර් එකයි පිස්තෝලෙයි හොයා ගත්ත අයටත්. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ.(නදී)
සිසිර Friday, 12 April 2013 07:32 PM
බෙහෙත් සම්බන්ධයෙන් ලෝකෙයේම භූමි සීමා නීතිය අවලංගු කළයුතුයි. බෙහෙත් යනු මිනිසා ජීවත් වීමට ගන්නා උත්සාහයකි (නි)