ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ ලලිත් කොතලාවල ඇතුළු වග උත්තරකරුවන් ඇප කොන්දේසි කඩ කැර ඇතැයි ද ඇප ගැනීමට පෙර තැන්පත්කරුවනට රුපියල් හාර කෝටියක් ගෙවීමට වූ එකඟත්වය පැහැර හැර ඇතැයි ද තැන්පත්කරුවන්ගේ නීතිඥ සුමුදු හෙට්ටිගේ මහතා කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතාට අද දැනුම් දුන්නේය. රුපියල් කෝටි 72ක් පමණ වන තැන්පතු වංචා කළැයි මේ නඩුව පවරා ඇත. ලලිත් කොතලාවලට අමතරව ශාන්ති කුමාර් කාවන්, මයිකල් පෙරේරා, ප්‍රසන්න සමරසේකර, සුරම්‍ය ටී. කරුණාරත්න, ජුඩ් නෙරන්ජන් ප්‍රනාන්දු, සිසිල් කොතලාවල, (පැමිණ නොසිටී) පී. කමලාදේවී රණතුංග හා වී ආර්. ධර්මසිරි වග උත්තරකරුවෝය. ඔවුන් ඇප කොන්දේසි කඩා ඇත් නම් ඇප දුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලිකරන්නැයි මහාධිකරණ විනිසුරු කීවේය. වග උත්තරකරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කීවේ පැමිණිලිකරුවනට රුපියල් ලක්ෂ 12ක් ගෙවා ඇති බවයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd