හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනම පනතක් මගින් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් වෛද්‍ය උපාධිය ප්රදානය කිරීම ආරම්භ කරද්දී වෛද්‍ය සභාව හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට විරුද්ධ නොවී නිශ්ශබ්දව සිටි බව හිටපු උසස් අධ්‍යාපන ඇමැති සහ වත්මන් සමාජ සුබසාධන ඇමැති එස් බී දිසානායක මහතා අද පැවසීය.
දිසානායක මහතා ඒ බව කීවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීරණයේදී අද (8 වැනිදා) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවැත්විණි.
කොතලාවල වෛද්‍ය උපාධිය පිරිනැමීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එරෙහි වූ බවත්, එවිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනම පනතක් ලෙස එය පාර්ලිමේන්තුවට ගෙන ආ බවත්, එය ඉදිරිපත් කිරීම සඳහා වෛද්‍ය සභාවේ පනත පවා වෙනස් කළ බවත් දිසානායක මහතා කීවේය.
එදා කොතලාවල වෛද්‍ය පීඨයට වෛද්‍ය සභාව යම් අකමැත්තක් දක්වද්දී එහි ලේකම්වරයා රත්මලානේදී යම් සිදුවීමකට මුහුණ දුන් බව ද එතැන් පටන් වෛද්‍ය සභාවද නිශ්ශබ්ද වූ බව ද දිසානායක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයට විරුද්ධ වෙන්න යන වෛද්‍ය සභාව ගැන අපි බලාගන්නම්. කෝකටත් ලෙඩ නොවී ඉන්න බලන්න. දොස්තරලට වැඩ නැති කරන්න මුලින්ම. දියුණු රටවල එහෙම තමා. (නි)
මිස්සක ඔයා මෙරටේ හිටිය කෙනෙක් නෙමෙයිද? (අ)
මෙයාලා කන්න ඕනෑ වුණාම කබරයා තලගොයා කරනවා. කී වතාවක් පැත්තෙන් පැත්තට පැන්නද. (නි)
රණසිංහ ප්‍රේමදාසගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ හැම වැඩක්ම, ක්‍රමයක්ම අනුමත කරනවා නෙවේ. ඒත් වෙලාවක හිතෙනවා මේ රටේ වැඩිමනක් වැඩ වෙන විදියට, යම් කිසි අයෝමය හස්තයක් ඇති පාලකයෙක් සිටිය යුතු බව. (අ)
ඒ කාලේ කට ඇරියා නම් දොස්තර මහත්තුරුන්ට වයිට් වෑන් එකෙන් ට්‍රිප් එකක් ගිහින් මෝරෙක්ගේ බඩ ඇතුලේ පාටි එකක් දාන්න තිබුනා (නි)
කොතලාවල රජයේ එකක්නේ . (අ)
ඒ ගොල්ල නිශ්ශබ්දව ඉන්න කොට ඔබතුමා විතරක් තුෂ්නිම්බූත ව හිටිය කියලාද ඔය කියන්නේ?(අ)
තව ඉස්සරහට තව සෙල්ලම් එළිවෙයි (නි)
සයිටම් එකයි කොතලාවල එකයි වෙනස් බව අපිට නම් තේරෙනව, මෙයා අපි මෝඩයි කියල හිතල අපිව නොමග යවන්න හදනවා. කොතලාවල කියන්නේ මුදල් අය කර උගන්වන රජයේ ආයතනයක්. සෙයිටම් එක හදන්නේ සල්ලි කුට්ටිය තමන් ළඟ තියාගෙන, රජයේ සම්පත් වන රජයේ රෝහල් සහ ඒවාට එන අසරණ දුප්පත් රෝගීන්ව පරීක්ෂනාගාර මීයන් බවට පත් කරගෙන මඩිය තර කර ගන්න. (අ)
මිස්සක මේක බොරු නම් කියමුද බලන්න ඒ කාලේ වුන ඇත්ත සිද්ධිය මොකද්ද කියල. (අ)
මිස්සක දන්න ඉතිහාසේ (අ)
කට වගේම පිට කොන්දක් තිබුනා නම් එදා තිබුනනේ ඒවාට විරුද්ධව කට අරින්න. දැන් හැමදේටම රාජපක්ෂ රාජපක්ෂ. අපිට ඕවා අහලා ඇතිවෙලා. දැන්වත් කට පියාගෙන වැඩක් කරන්න. (නි)
ඇයි මේ රාජපක්ෂට කඩේ යන අයට වෙච්චි දේවලුත් දැන් මතක නැද්ද? කියන දේ අහලා හොයලා බලන්ඩලකො මේකේ බයිලා කියන්නේ නැතුව. (අ)
මිස්සක, ඔය වහල්බාවයෙන් මිදිලා බලන්න, ඉස්සර විදිහයි දැන් වෙනසයි (නි)
කට ඇරියොත් බොරු කියන මෙයාලගේ කතා අහන්නේ මොකටද? විකාර ඇමතියෝ රැලක් මේ රටේ ඉන්නේ. මිනිස්සුත් ගොන් කමට ඡන්දෙ දෙනවා. (අ)
බටගල, ඔබට තියෙන්න සුපිරි බුද්ධියක්. ඔබ දන්නෙ නැද්ද ලංකාවයි දියුණු රටවලුයි අතර වෙනස. ලංකාවෙ 80% දුප්පත් ළමයි නිකන් උගන්නන පාසලට යන්නෙ දහදුක් විඳලා. එ්කත් නැතිකොට ඔවුන් නුඹලා ළඟ වහලුන් කරගන්නද කල්පනාව. මිනිස්සු ඉන්න තැන්වල මේවා කියන්න එපා ඔයා පව්. (නි)
කාලෙකට පස්සේ මෙතුමා ඇත්තක් කියනවා දැක්කේ. (අ)
නියම තාත්තයි පුතයි. අතේ පත්තුවෙන බොරු අස්සෙන් ඉඳල හිටලා ඇත්තකුත් කියනවා. වාචාලකමනම් කිසිම අඩුවක් පාඩුවක් නැතිව උපතින්ම පිහිටලා තියෙනවා. (අ)
රජයේ දොස්තරලා රජයේ ඉස්පිරිතාල වලත්, පෞද්ගලික දොස්තරලා පෞද්ගලික ඉස්පිරිතාල වලත් වැඩ කළා නම් හොඳයි. එවිට දුප්පත් පොහොසත් භේදයක් නැතුව රෝගීන්ට ප්‍රතිකාර ගැනීම පහසුවෙනවා. පෞද්ගලික දොස්තරගෙන් බෙහෙත් අරන් වැරැද්දක් වූණොත් උසාවියෙන් අදාළ දොස්තරගේ තත්වය ගැන තීරණයක් අරගන්න පොහොසත් රෝගීන් දැන් වගේ කටයුතු කරයි. ඉතින් මොකද මේ දුප්පත් අපි සයිටම් එක ගැන වදවෙන්නේ? (නි)
එදා ඒ ලෙඩේට ඒ බේත හරිගියානම් මෙදා මේ පාරත් ඒ බේතම දෙන එකනේ ඇත්තේ? (බ)
සුදු වැන් ගැන කියනකොට ඉස්සර දොස්තර මහත්වරුත් බය වුණා. හැමෝම තමන්ගේ පණට ආදරෙයිනෙ, (බ)
වෛද්‍ය සභාව දෙන්නකෝ මේකට උත්තර ? එදා හොඳ මොකද ? අද වැරදි මොකද ? කොතලාවල එකේ සහ සයිටම් එකේ වෙනස මොකක්ද ? රත්මලානේ සිදුවීම සත්‍යද ? (බ)
දැන් තමයි දොස්තර මහත්වරුන්ගේ පැටිකිරිය එලියට එන්නේ . එ්කත් ඇත්ත ඉස්සර ඔහොම කරන්න ගියොත් දන්නවා මොකද වෙන්නේ කියල. මුලින්ම සුදු වැන් ටික එවාවි. ඊට පස්සේ දොස්තර මහත්තය කියාවි කිසි දෙයක් මතක නැහැ කියල. (අ)
කෝ අපේ පාදෙණිය මහත්තය සුදු වැන් මතක් වෙනවද කියල අහන්නකො ඔය කතාව කියන කොට. (අ)
ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ සයිටම් වලට විතරද? උපාධි දෙන අනෙක් පුද්ගලික වලට විරුද්ධ නැත්තේ ඇයි? දන්න කෙනෛක් කියල දෙන්න ඒ වගේම පිටරට ඉගෙන ගෙන එන දොස්තරලාට විරුද්ධ නැත්තේ ඇයි? (බ)
අපි දැනගෙන හිටිය ඔය කතාව ඉතින් අපි කිව්වේ නැත්තේ දොස්තර මහත්තුරුත් බයයිනෙ තමන්ගේ ජීවිතවලට. ඉතින් ඒ නිසා දැන් විරුද්ධ වෙන එකත් හොද නැහැ. (අ)
ශ්‍රී ලාංකිකයෝ කියන්නේ උපතින්ම කුහක ජාතියක්. මෙච්චර සම්පත් තිබිලත් අපිට දියුණුවෙන්න බැරිවෙලා තියෙන්නේ ඒ කුහකකම හින්දා තමා. පුද්ගලික විද්‍යාල ඇරලා, ජාත්‍යන්තර විද්‍යාල ඇරලා, ඒවාට උපකාර කරලා, ඒ දරුවන්ට උසස්පෙළින් පස්සේ ඒ දොරවල් වහන්න මොවුන් හදන්නේ. මේ රටේ වෛද්‍යවරුන්ට හැර වෙන මොනම අංශයකටවත් උසස් අධ්‍යාපනයට යන්න දෙන්නේ නැතුව වළ කපන්න හදන්නේ (නි)
ඔය හොර උපාධි කඩේ පටන්ගත්තේ මෙයා උසස් අධ්‍යාපන ඇමති ලෙස හිටපු යුගයේදීයි.මට හිතෙන හැටියට මෙයාටත් මොනව හරි ලැබෙනවා ඇති...එ්කයි මේ කෑ ගහන්නේ...අනුන්ගේ කුණු රෙදි හෝදන්නේ...ලජ්ජා නැහැ...මෙතන කතාකරන්නවත් මෙයාට ජනතාව " චන්දය" දීලා නැහැ . පිනට ආපු පින් ඇමති කෙනෙක්. (අ)
දිමුතු මල්ලි, මේ ඇමතිතුමා මහජන ඡන්දයෙන් පැරදිලා ගෙදර ගිය කෙනෙක්. පස්සේ පින් ඇමතිලා ගනිද්දී ආපහු පාර්ලිමේන්තුව සමග එකතුවුනා. (අ)
මහින්දගේ කරුණාවට හිරෙන් එළියට ආවා මදිවට තව කටමැත දොඩෝනවා. මහින්දට ඔය තත්වය ළඟා කර දුන්න එක්කෙනෙක් තමා මෙයා. ඒ කාලේ හැමදාම සරසවි අර්බුද. මහජනතාව එළවපු මිනිසුන්ට තනතුරු ලැබුනම ඔහොම නන් දොඩවනවා. (නි)
එස් ,බි , දිසානායක ,මහතා ගැන නොදැන කතාකිරීම කණගාටුදායකයි , (අ)
ලංකාව වැනි රටක් දියුණු කිරීමට ගෝඨාභය රාජපක්ෂ වැනි තද අධිෂ්ඨානයකින් වැඩක් කළ හැකි අය අවශ්‍යයි. (අ)
මහත්වරුනි, පළමුව හිතන්න ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ කවුද, එස් බී දිසානයක කියන්නෙ කවුද කියලා (නි)
ඔන්න ඔහොම කියන්නකො ඒ කාලෙ වෙච්ච දේවල්. ඔයා ළඟ තියෙනවානෙ ෆයිල් එහෙමත්. කියන්න ඒ දේවලුත්. (නි)
වෛද්‍ය සභාවෙ කෙනෙක් කලින් කිව්වා මේ වාගෙ උසාවි තීරණයක් ආවොත් එයා ඉල්ලා අස්වෙනවා කියලා. දැන් ඇපිල් තීන්දුව එනකම් ඉන්නවද? (නි)
මොකට අහනවද මෙයාගෙ කතා නම්... (නි)
සුදු වෑන් ගැන කියවන උදවියට මතක් කරලා දෙන්න ඕනෑ වර්තමාන ජනමාධ්‍ය ඇමතිගෙන් විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේදී ප්‍රස්නයක් යොමු කළා 2009 පස්සේ කී දෙනෙක් සුදු වෑන් වලින් අතුරුදහන් වුණාද කියලා.. පිළිතුර කිසිවක් වාර්තා වී නැත..හැන්සාඩ් එකේ මේක තියෙනවා..අපේ මිනිස්සුන්ට අමතකයි දෙමල කොටි වගේම සිංහල කොටිත් මෙහෙ බුරුතු පිටින් හිටපු බව.. (නි)
ඡන්දයෙන් පරාදවුණ කෙනෙක් කියන පිස්සු කතා පිළිගන්නේ කව්ද? (නි)
වෛද්‍ය සංගමය කියන්නේ ත්‍රස්තවාදී සංගමයක් වගේ එකක්. ඕකේ ඉන්න ඉහළ නිලධාරීන් කීපදෙනෙක් දිහා කෙළින් බලන්නවත් බැහැ. මාෆියා සංවිධානයක්. රටට යහපතක් වෙන්න නම් ඕක තහනම් කරන්න ඕනෑ. (නි)
ඔන්න හොඳ හොඳ කතා! (නි)
ඡන්දෙන් පැරදුන අයට ඇමතිකම් දීලා ඉල්ලගෙන කනවෝ. (නි)
දියුණුවට පත්වුණු ආසියානු රටවල් අතලොස්සම එහෙම වුණේ අයෝමය හස්තයක් යටතේ අවුරුදු කීපයක්ම පාලනය වීමෙන්. එහෙම නැතුව මේ රටේ මිනිසුන්ගේ වෘත්තිය සමිති වල නිලධාරීන්ගේ ආකල්ප වෙනස් කරන්න කිසිම විදියකින් බැහැ. අපේ රටට මේ වෙලාවේ අවශ්‍ය රටට ආදරය කරන එ්කාධිපතියෙක් මිස ඔය තක්කඩි ප්‍රජාතන්තවාදය නොවේ (නි)
මෙයා නිකන් ඔහේ නින්දෙන් නැගිට්ට ගමන් වගේ හිටි හැටියේ දොඩවන කතා මහජනතාව වම් කණින් අහලා දකුණු කණින් පිටකරනවා. (නි)
එස්.බී. කියනදේද පිළිගන්න ඕනෑ? මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියනදේද පිළිගන්න ඕනෑ? රාජිත කියන දේවල්ද පිළිගන්න ඕනෑ? මං හිතන්නේ මෙතනින් වැඩි විශ්වාසනීය පුද්ගලයා එස්.බී. ඡන්දය තිබ්බොත් කව්ද දිනන්නේ? (නි)
ඒ කාලේ වෙච්ච දේවල් හිතාගන්න පුලුවන් (නි)
සේන, දන්නා දෙයක් කතා කරන්න සිතින් මවාගත් දේවල් කතා නොකර. (නි)
ජනක්, සයිටම් එක ගැන කතා කරනකොටත් සුදු වෑන් අවශ්‍ය බව පෙනෙනවා. (නි)
සේන, මොකක්ද අර මේ මෝඩ තර්කය? "කොතලාවල කියන්නේ මුදල් අයකර උගන්වන රජයේ ආයතනයක්. සයිටම් එක හදන්නේ සල්ලි කුට්ටිය තමන් ළඟ තියාගෙන........." කොතනද කියවෙන්නේ සල්ලි කුට්ටිය තමන් ළඟ තියාගන්නවා කියලා. කොතලාවල වෛද්‍ය පීඨය හොඳ නම් ඇයි සයිටම් වෛද්‍ය පීඨය නරක් වෙන්නේ? මෝඩ තර්ක නැතුව පිළිගන්න පුළුවන් තර්කයක් දාන්න. හරි නම් අපිත් එකඟ වෙන්නම්. (නි)
මෙරටේ සියලුම උසස් අධ්‍යාපන පීඨ, රජයේ හෝ පුද්ගලික වේවා, මුදල් අයකරන ඒවා වියයුතුයි. එවිට රටේ ප්‍රශ්න බොහොමයක් විසඳෙනවා ඇත. දියුණු රටවල පවා අධ්‍යාපනය නොමිලේ නොවේ නම් ඇයි අපි අධ්‍යාපනය නොමිලේ දෙන්නේ. (නි)
අරවින්ද මහත්තයෝ, ලංකාව දියුණුකරන්න ඉඩිඅමීන් වගේ නියම නායකයෙක් හිටියා නම් වැඩිය හොඳයි නේද? (නි)
කට ඇරියොත් කියන්නේ මෝඩ කතාවක්. ඒත් තියෙන්නේ කපටි මොළයක්! කොතලාවල රජයේ ආයතනයක්. අනික ඒකේ අය ගන්නේ හමුදා සේවයට. (නි)
මහින්ද බළලුන් ලවා කොස් ඇට බානවා වගෙයි (නි)
මේ වැඩ වලින් රටට නැති ප්‍රශ්න වෙන එකනේ වෙන්නේ. ඇයි මේ අයගේ විරෝධය සයිටම් අවසන් විභාගය ප්‍රමිතිගත කරන්න කියලා බලකරන්න බැරි. එ්කයි නියම විරෝධය වියයුත්තේ (නි)
ඇලෙක්ස්, මහින්ද වැල යන පැත්තට මැස්ස ගහනවා. (නි)
එකනම් ඇත්ත කව්රුත් දන්නවා කව්ද මේවායේ පිටුපස හිටියේ කියල. (ම)
කට ඇරියොත් වාචාල,බොරුවක්, එහෙමත් නැත්නම් කපටි කතාවක්මයි, මේ කැබිනෙට්ටුවේ එවුන් ටික කියන්නේ. (ම)