වැඩසටහන මෙහෙයවද්දී ලලිත් කොතලාවලගේ ආරක්ෂකයන් කොතලාවල අපහසුතාවයට පත්වන ප්‍රශ්න නොඇසිය යුතු බවට තමාට තර්ජනය කළ බව උපුල් ශාන්ත සන්නස්ගල මහතා ස්වාධීන රූපවාහිනියේ සත්‍යාගාරය වැඩසටහන පිළිබඳ සිදුකළ සාකච්ඡාවකදී පැවසීය.
ස්වාධීන රූපවාහිනියෙන් විකාශයවූ සත්‍යාගාරය වැඩසටහන බ්‍රහස්පතින්දා නිමාවිය. ඒ නිමිත්තෙන් මාධ්‍යවේදීන් කිහිපදෙනකු සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සන්නස්ගල මහතා කීවේ තමාට මාධ්‍යවේදියකු වශයෙන් මර බිය දැනුණේ එම සිදුවීමේදී බවයි.
වීඩියෝ දර්ශන - ස්වාධීන රූපවාහිනිය අනුග්‍රහයෙනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)
තවම ඇත්නම් මරණ තර්ජන -කුමට වෙනස යහපාලන (නි)
අනේ පවු! (නි)
එහෙනම් දැන් අළුත් වැඩසටහනක් කරමු මහත්තයෝ (නි)
නමුත් මේ වැඩසටහන නවත්වන්න එපා (නි)
ඔබතුමා පසුබට වෙන්න නම් එපා (නි)
කොයි මොහොතේ හෝ පටිසන්දේවි මේ අපරාධ (නි)
දැන් තේරෙනවා නේද? (නි)
සත්යාගාරය හොඳ දේශපාලන වැඩසටහනක්.අවසන් වරට රනිල් වික්‍රමසිංහ මහතා සමඟයි සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුණේ.දැන් නැවතත් සන්නස්ගල මහතාට එජාප දේශපාලනයට පැමිණීමේ ඉඩකඩ ඉතා වැඩියි. එහෙත් ඔහුගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන දිගටම තිබුනා නම් කොතරම් හොඳද ! (නි)
අනේ! එයාට තර්ජනය කරලද? අපි දන්නවනේ ඉතින්... (නි)
දැන් මොකක්ද මේකට ගන්න පියවර? (නි)
ලලිත් කොතලාවල මැතිතුමාගේ සමාගමේ මම වැඩකළා. එතුමා සේවකයින්ට හොඳට සැළකුවා. වැටුප නියමිත වෙලාවට ගෙව්වා. මම දකින්නේ එතුමා හොඳ කෙනෙක් විදියට. (නි)
හොඳ වැඩවලට කොහෙද බාධා නැත්තේ? (නි)
ඇත්ත කටුකයි බොරුව මිහිරියි (නි)
අයියෝ! මේකත් නවතීද දන්නෙ නැහැ (නි)
කැලේ ඉන්න නයි ගෙවල් අස්සේ දාගෙන කෑගහන්න එපා මහත්තයෝ (නි)
සත්යාගාරය නවත්තන්න එපා.ප්ලීස් ...(බ)
අනේ ...! පව් ......(බ)
ඔබතුමා පාඩුවේ ඉන්න. එතකොට ඕවා නැහැනේ (නි)
එතුමා අහන ප්‍රශ්න වලට ගොඩක් අයට කටඋත්තර නැති බව අපි දන්නවා (නි)
සන්නස්ගලයන්ගේ වැඩසටහනේ පසුවිපරම නැරඹීමෙන් පසු මට ඇතිවූ අදහස නම් තමා විසින් අසන ලද ප්‍රශ්න වලට ආරාධිත අමුත්තන් දුන් පිළිතුරු විග්‍රහ කිරීමෙන් පසු ඔවුන් පිළිබඳව තම මතය වෙනත් අයට ප්‍රකාශ කිරීමෙන් ඔහු වරදක් කළබවයි. (නි)
ඔබතුමා නිවැරදිකරුවන්ට ගැළපෙන්නේ නැහැ (නි)
ඔබට ජය වේවා! (නි)
අළුත් පාලනයෙත් එහෙමද? එක අතකට එහෙම දැනුන එකත් හොඳයි. (නි)
ඉතාමත් හොඳ වැඩසටහනක්. මැදහත්ව මෙම වැඩසටහන නරඹන අයට දේශපාලඥයින් පිළිබඳ නිවැරදි වැටහීමක් නිවැරදි තක්සේරුවක් ලබාගන්න පුළුවන්. උපුල් ශාන්ත සන්නස්ගලයන් මෙය මෙහෙයවූ ආකාරය සහ භාෂාව හැසිරවූ ආකාරය සිත්ගන්නාසුළුයි. කිසිම හරයක් නැති දේශපාලන වැඩසටහනකට වඩා මෙය කොතරම් හොඳ වැඩසටහනක්ද. දේශපාලන වැඩසටහන් කරන සියලු මාධ්‍ය ආයතන වලට මෙය අධ්‍යනය කිරීමට, ආදර්ශයක් විදිහට භාවිතා කිරීම සුදුසුයි. මින් ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කරගෙන යාම සුදුසුයි. (නි)
පසුගිය රජය කාලයේ නම් මේගොල්ලෝ කට හෙල්ලුවේ නැහැ නේද? (නි)
ගොඩක් අය මේ වැඩසටහනට වැඩි කැමැත්තක් නැහැ (නි)
යහපත් චින්තනයක් ඇතුව සමාජයේ උන්නතිය සඳහා යමක් කියන කරන කෙනෙකුට සමාජයෙන්ම ගෞරව හරසර ලැබෙනවා. එසේ නොවී මෙසේ වෙනවා නම් චින්තනය සහ ක්‍රියා සමාජය අනුමත කරන්නේ නැහැ කියන එකයි තේරුම නේද? (නි)
යහපාලන ආණ්ඩුව යටතේ මර බිය ඇතිවූ පළමු ජනමාධ්‍යවේදියා ඔබ නේද එතකොට? (නි)
මාධ්‍යයට ඇවිල්ලා පැමිණිලි කරනවට වඩා ප්‍රතිඵලදායකයි පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා නම්. (නි)
ඔබ පෙර නම් මධ්‍යස්ථ මතධාරියෙකි දැන්නම් අපිට එසේ නොපෙනේ. දැන්ම ඔය වැඩ වලින් ඉවත්වන එක හොඳයි. (නි)
ඔබතුමා වැලන්ටයින් දිනය ජනප්‍රිය කරලත් ලාංකිකයන් අතර අප්‍රසාදයට පත්වුණා මතකයි. තමුන්ට අවශ්‍ය අය ගෙන්වලා බොලද ප්‍රශ්ණ අහන්නත්, අනෙක් අයගෙන් වෙනත් ආකාරයකට ප්‍රශ්ණ අහන්නත් පුලුවන්ද, වැඩසටහනක් ස්වාධීනව මෙහෙයවනවා නම්? (නි)
එයාගේ හැටි කොයි කවුරුත් දන්නවනේ! (නි)