කතරගම මුස්ලිම් විශ්‍රාම ශාලාවේ රෙදි සෝදන යන්ත්‍රයකින් පසුගිය 31 වැනිදා සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය 2007 වසරේ දී එහි ගෙනවුත් ඇත්තේ මහින්ද රාජපක්ෂ ඝාතනයට බව රහස් පොලීසියට තොරතුරු ලැබී තිබේ. 2007 සිට වසර තුනක් එම විශ්‍රාම ශාලාවේ සේවය කළ සාදිප් නම් තරුණයකු ගාල්ල උණවටුනේ කාර් සේල් පොලකින් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු සියලු තොරතුරු හෙලිවී ඇත. මුස්ලිම් නමකින් පෙනී සිටියත් දෙමළ ජාතිකයකු වන ඔහු ලඟ තුබූ ජාතික හැඳුනුම්පතද ව්‍යාජ ලෙස හදා ඇතැයි පොලීසිය කියයි. ඔහුගේ වයස අවුරුදු 37ක් ලෙස එහි සඳහන් වෙතත් සැබෑ වයස අවුරුදු 26ක් බවත් මන්නාරමේ ඉපැදී බදුල්ල ස්ප්‍රිංවැලියේ වත්තක සේවක කළ බවත් සොයාගෙන ඇත. කොටි සංවිධානය කතරගමට බෝම්බය එවා ඇති බව ද, ඉලක්කය අසාර්ථක වූ පසු 2010 දී ඔහු කතරගමින් ගාල්ල වරායේ වැඩට යන්නට ඇති බව ද පොලීසිය පවසයි. එහි සිටියදී ඔහු සිංහල තරුණියක සමග යාළු මිත්‍රකම් පවත්වා ඇතැයි ද සොයාගෙන ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අමූලික බොරුවක්..
දැන් ඕව අමතක කර දමමු