රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩී.පී.කුමාරගේ මහතාගේ තනතුර තාවකාලිකව අත්හිටුවා ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
 
නිලමේවරයා සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ද ඒ මහතා කීවේය.
 
නිලමේවරයාගේ තනතුර අත්හිටුවීම ගැන දැනුම්දීමට අද (10) සවස බුද්ධ ශාසන අමාත්‍යංශයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතය.