ඒකාබන්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට ශාරීරික හිංසන සිදු කරන්නට උත්සාහ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
 
ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඔහුගේ නිල ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් සටහන් කරමිනි.
 
‘‘ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීන් කතානායකවරයාට ශාරීරික හිංසන සිදුකරන්නට උත්සාහ කළා. ගැටුම්කාරී තත්ත්වය තවමත් එලෙසමයි. මැර බලය පෙන්වුවත් කතානායකවරයා තදින්. තර්ජන ගර්ජනවලට අප බය නැහැ.  ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිගටම පෙනී සිටිනවා.‘‘

(36698)