IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘කතානායක කුසලාන’ ක‍්‍රිකට්

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සංවිධානයෙන් කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩාංගණයේදී අද (11)පැවැති ‘කතානායක කුසලාන’ ඇමැතිවරුන්ගේ පිල සහ මන්ත‍්‍රීවරුන්ගේ පිල අතර විස්සයි - 20ක‍්‍රිකට් තරගයෙන් හිටපු ටෙස්ට් නායක මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරියමෙහෙයවූ මන්ත‍්‍රීවරුන්ගේ පිල ලකුණු 69 ක පහසු ජයක් ලැබීය. තරගයේ දක්‍ෂතම පිතිකරු ලෙස මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් ද, දක්‍ෂතම පන්දු යවන්නා ලෙස මන්ත‍්‍රී හර්ෂද සිල්වා ද, තරගයේ වීරයා ලෙස අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද සම්මාන ලැබූහ. මන්ත‍්‍රීවරුන්ගේ පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 176 (ජානක වක්කුඹුර 10, දයාසිරි ජයසේකර 14, තිලංගසුමතිපාල 16, සනත් ජයසූරිය 36, ගයන්ත කරුණාතිලක 13, අකිල විරාජ් කාරියවසම් 32, නිරංජන් වික‍්‍රමසිංහ27, විමල් වීරවංශ 33/3) ඇමැතිවරුන්ගේ පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 107 (ඩලස් අලහප්පෙරුම 11, ඉන්දික බණ්ඩාරනායක19, මහින්දානන්ද අලූත්ගමගේ 12, රෝහණ දිසානායක 12, විනයාගමූර්ති මුරලිදරන් නොදැවී 11,සනත් ජයසූරිය 14/2, හර්ෂ ද සිල්වා 12/2) ඡායාරූපය: ශාන්ත රත්නායක ජයසංකේත ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තරගයේ දක්‍ෂතම පිතිකරු වූ එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට කුසලාන පිරිනමන ලද අවස්ථාව...... විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග, මෙම තරගයේ දක්‍ෂතම පන්දු යවන්නා වූ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ද මෙහි සිටිති.අමාත්‍ය විමල් වීරවංශ මහතා පන්දු යවමින්..ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පන්දුවට පහර දෙමින්...



අදහස් (0)

‘කතානායක කුසලාන’ ක‍්‍රිකට්

අනිල් Sunday, 11 December 2011 10:30 PM

ඇයි මේ?

:       0       0

මොහාන් Sunday, 11 December 2011 09:59 PM

වෙන වැඩ නැතුව වගේ

:       0       0

ආර් රණතුංග Sunday, 11 December 2011 11:13 PM

ඇමතිවරැ කෙට්ටු වෙන්නත් එක්ක හොදයි

:       0       0

චූටි Monday, 12 December 2011 01:08 AM

විමල් වීරවංශ ඇමතිතුමා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 620 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site