(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන් අතර පාර්ලිමේන්තුවේදී අද (9) පෙරවරුවේ උණුසුම් වාදයක් ඇතිවිය.
මේ වාදය ඇති වූයේ මහනුවර ඉඩම් සිද්ධියක් සම්බන්ධයෙන් කිරිඇල්ල මහතා කතා කරමින් සිටියදී කතානායකවරයා ඊට බාධා කළ අවස්ථාවේදීය.
මේ එහිදී ඇතිවූ සංවාදයයි
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:
මොකක්ද කතානායකතුමා මේ. ඔබතුමා මම නැගිට්ටම ඇඹරෙනවා.
මට කතා කරන්න දෙන්නෙ නැහැ.
කතානායක:
ඔබතුමාගෙන් මට ඇඹරෙන්න දෙයක් නැහැ . ඔබතුමා කවුද කියන්න මම දන්නවා.පාර්ලිමේන්තු වරප්‍රසාද අයුතු විදියට භාවිතා කරන්න එපා.
මේක විභාග කරන්න කමිටුවක් දානවා. කමිටුවේදී ඔබතුමා කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.
( කිරිඇල්ල දිගටම කතා කරයි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව මහළු මඩමක් වගෙයි, නාකියෝ ටික හැමදාම වලි දාගන්නවා, රටේ ප්‍රශ්න නෙවෙයි උන්ගේ ප්‍රශ්න බේර ගන්න තැනක් වෙලා.
කතානායක නම් කිසිම වැඩකට නැති කෙනෙක්? එක්ස්පයර් වෙච්චි අය. බලතණ්හාවට එල්ලීගෙන ඉන්නයි හදන්නේ. ඊළඟ ඡන්දයකදී ජනතාව ඔය කට්ටිය ගැන බලාගනී..