(ඉන්දිකා රාමනායක)

මාවනැල්ල නගරයේදී බස් රථයක ගමන් කරමින් සිටී  කාන්තාවක් පැළඳ සිටි   රුපියල් ලක්ෂ 4 ට අධික වටිනා රන්මාලයක් කඩාගෙන පලා යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය පවසයි.

සැකකාරිය සහ පැමිණිලිකාරිය ඊයේ(17) සවස   එකම බස් රථයේ ගමන් ගෙන ඇති අතර ,මාවනැල්ල බෝගස් හන්දියේ ආසන්නයේදී සැකකාරිය  පැමිණිලිකාරියගේ රන්මාලේ කඩාගෙන බස් රථයෙන් පැන පලා යමින් සිටියදී බස් රථය පිරිස් සහ අවට පිරිස් ඇය පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇත .

අත්අඩංගුවට ගත් සැකකාරිය කොච්චිකඩේ දඬුවකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය සඳහන් කරයි.