(ගයාන් සූරියආරච්චි )
කාන්තාවකගේ ජංගම දුරකථනයක් කොල්ලකා බස් රථයකින් පලා යමින් සිටි පුද්ගලයෙකු අල්ලා කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර දීමට ගිය නීති කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකුගේ ගෙල බැඳි පවුම් දෙකක රන් මාලය සහ පෙන්ඩනය එම මංකොල්ලකරු විසින්ම කොල්ලකා පලා ගොස් ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.
නීති කොට්ඨාශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයා රාජකාරී නිවාඩුව වාර්තාකර නිවසට යෑම සඳහා කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙස බස් නැවතුම්පොළක සිටියදී සැකකාර පුද්ගලයා කාන්තාවකගේ ජංගම දුරකථනයක් සොරාගෙන පලා ගොස් තිබූ අතර මෙම කොස්තාපල්වරයා ඔහු පසුපස හඹා ගියද ඔහු අල්ලා ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය කියයි.
පසුව එම කොස්තාපල්වරයා නිවසට යාම සඳහා බස් රථයකින් ගමන් කරමින් සිටියදී ජංගම දුරකථනය සොයාගත් පුද්ගලයාද එම බස් රථයට නැඟ තිබූ අතර පසුව ඔහු අල්ලා කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර දීමට යාමට බස් රථය නැවැතූ අවස්ථාවේදී සැකකාර පුද්ගලයා කොස්තාපල්වරයා සමඟ පොර බැද කොස්තාපල්වරයාගේ පවුම් දෙකක රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකා පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
සීසී ටීවී දර්ශන විමර්ශනය කර සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.
මැද කොළඹ පොලිස් අධිකාරි මිනුර සෙනරත් මහතාගේ උපදෙස් කොම්පඤ්ඤවීදිය පොලිසිය ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කපිල විජේමාන්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd