
(ජේ.කේ.එල්. චාමින්ද)
මෙරටට නිදහස ලැබිමටත් පෙර (1877 සිට 1957) දක්වා ඉකුත් වසර අසුවක කාලය තුලදි කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත් භාණ්ඩ 7157ක් අස්ථානගත වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
2022 වර්ෂයට අදාළව සිදුකරණු ලැබු කෞතුක භාණ්ඩ සමික්ෂණ වාර්තාවට අනුව 1877 සිට 1957 දක්වා කාලය තුලදි මෙකි කෞතුක භාණ්ඩ අස්ථානගත වි ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකි කෞතුක භාණ්ඩ අස්ථානගත විම සම්බන්දයෙන් මුදල් රේගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම කෞතුක භාණ්ඩ භාරකාරිත්වය හා ආරක්ෂාකිරිම සම්බන්ද ගැටළු .එවාට අදාල ලිපිගොනු විධිමත්ව පවත්වා නොගැනිම, නිලධාරින් වෙනස්විමේ දි භාණ්ඩ භාරකාරිත්වය නිසි පරිදි නොපැවරිම ආදි දේපාර්තමේන්තුවේ අභ්‍යන්තර පාලනයේ දුර්වලතා මේ සදහා හේතුවි ඇති බැව් විගණනය මගින් අනාවරණය කොට තිබුණි.
මෙම තොරතුරු සදහන්ව ඇත්තේ ජාතික කෞතුකාගාර දේපාර්තමේන්තුවේ 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට ඇති විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතුරුදන් කියන වටිනා පුරාවස්තු බොහොමයක් දේසපාලුවන්ගේ නිවෙස්වල ඇති. කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්ච් දේ ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
ඉංග්‍රීසි ලංකාවෙන් අරන් ගිය හැම එකක්ම තාම ශෝක් එකට එහේ කෞතුකාගාරයේ තියෙනවා දැන් මාස 2කකට කලිනුත් මම බැලුවා. ලංකාවේ කෞතුකාගාරට කන්ගැට්ටා පැනලා අරන් ගිය ඒවා එකක්වත් ඇල්ලුවාද? සුද්දා රට ශොක් එකට කරා හරි දුකයි ලංකාව ගැන
කටුගේ ඉතුරු උනොත් තමයි පුදුම!