IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කතක් පණපිටින් පෙට්ටියට දාලා

මළ නෑයකුගේ නියමය පරිදි උණ හැඳුණු රෝගී කතක රෝහලට ගෙන නොගොස් පණ පිටින් වළ දැමීමට සුදානම් කැර තුබූ සිද්ධියක් කන්ද කැටියේ මාලියද්ද නාරංගස්තැන්නෙන් අද වාර්තා විය.  කන්දකැටියේ  සිට කිලෝමීටර් දහයක් දුරින් පිහිටි මේ ගමට කිලෝ මීටර් පහක් කඳු නැඟ පයින්ම යා යුතුය. කන්දකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනුජ ලක්මිණ විපුලදාස අද එහි ගියේය. ඔහු එහි ළඟා වන්නට පැයකට පමණ පෙර ඇය අවසන් හුස්ම හෙළුවාය. මිය ගියේ ඩබ්ලිව්. ඇම්. නන්දාවති (45) නම් දෙදරු මවකි. මැරෙන්නට පෙර ඇගේ නාස් පුඩු වලට පුළුන් ඇබ ගසා, පෙට්ටියක බහා  තුබූ නමුත් වෛද්‍ය නිලධරයා එහි ළඟා වන විට රෝගීයා ඇඳක තබා තිබිණි. ඇය රෝහලකට රැගෙන ගියේ නම් ජිවිතය බේරාගත හැකිව තුබූ බව වෛද්‍ය විපුලදාස කියයි. සිරුර භුමදානය කිරීම නතර කළ වෛද්‍ය නිලධරයා කන්දකැටිය පොලිසිය දන්වා පශ්චාත් පරීක්ෂණ පැවැත්වීමට පියවර ගත්තේය. ලෙඩකට  ප්‍රධාන ප්‍රතිකාරය කොළ අතු ඇඳ රැය පහන් වනතුරු මල්එළිය හෙවත් යකුන් නැටවීම  මේ ගමේ සිරිතයි. පවුලේම කෙනකු ආවේශ වී මල්එළිය නටයි. මොවුන්ගේ මේ වැඩ පිළිවෙළ ආදිවාසීන්ගේ ‘කිරි කොරහට‘ සමානය.



අදහස් (0)

කතක් පණපිටින් පෙට්ටියට දාලා

අමිල Friday, 27 January 2012 10:20 PM

පව් ඒ අම්මා

:       0       0

ශාන් Saturday, 28 January 2012 12:24 AM

මෙහෙම අය ලංකාවෙ ඉන්නවා කියලා හිතාගන්නත් බෑ..

:       0       0

ආසිරි Saturday, 28 January 2012 08:33 AM

මෙහෙම අය තාමත් ලංකාවෙි ඉන්නව‍නේ

:       0       0

gajan99 Saturday, 28 January 2012 09:03 AM

පවු ඒ අහිස්ක අම්මට. මගේ නැන්දනම්ම නම් තව කමක් නැහැ.

:       0       0

darshana Saturday, 28 January 2012 09:27 AM

ඒ අතින් දබානේ ආදිවාසීන් ඉදිරියෙන්

:       0       0

රංජිත් Sunday, 29 January 2012 11:21 PM

දැනුම්වත් කිරීම ඉතා වටිනවා. ඉදිරියේදී නැවතත් මෙවැනි දේවල් නොවෙන්න

:       0       0

නිලුපුල් Monday, 30 January 2012 08:14 AM

මෙවැනි මරණ තව නොවන්නට යමක් කල හැකිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2369 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site