( තිළිණි ද සිල්වා )
කුවේටයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක ගිනි තබා ඝාතනය කළැයි තවත් ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව කුවේට් තානාපති ආරංචි මාර්ග කියයි.
සැකකාර ලාංකිකයා පොලීසිය හමුවේ මෙම ඝාතනය තමන් සිදු කළ බවට ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
අදාළ කාන්තාව මියයෑමෙන් පසුව ඇය සමඟ එකම නවාතැන්පොළේ නැවතී සිටි මෙම ලාංකිකයා අතුරුදන්ව සිට ඇත.
මොහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එරට පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ අදාළ කාන්තාව ගිනි තබාගෙන දිවි නසාගැනීමට උත්සාහ කළ අතර, ඇය බේරාගැනීමට ප්‍රයත්න දැරීමේදී තමාටද පිළිස්සුම් තුවාල සිදුවූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd