මාධ්‍යවේදී කීත් නොයර් මහතා පැහැරගෙන ගොස් පහර දුන්නැයි සැකපිට ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි කියයි.
සැකකරුවන් දෙදෙනා කොප්‍රල්වරුන් දෙදෙනෙකි. පෙරදින රාත්‍රී සිට ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටි බවත්, අද උදේ අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
කීත් නොයාර් මහතාට පහර දීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා ද සමඟ මේ වන විට පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිදෙනෙක් රිමාන්ඩ් ගත කර සිටිති. සැකකරුවන් පස් දෙනාම යුද හමුදා සාමාජිකයන් වන අතර එක් සැකකරුවෙක් මේජර් වරයෙකි.
කීත් නොයාර් මහතා පැහැර ගැනීමට ලක් වූයේ 2008 මැයි 22 වැනිදා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd