IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කාණුවෙන් රත්තරන් සොයා දිවිගෙවයි

ගම්පොළ පදිංචි විශ්වනාදන් සෑම උදෑසනකම රන් ආභරණ නිපදවන සේවා ස්ථාන වලට ගොස් එහි අහු මුලු වල ඇති වැලි සහිත කුණු හා කාණු වල එකතු වන පස් එකතු කර සෝදා ගරා රන් මතු කර ගැනීමෙන් දිනකට රුපියල් 1000 ක පමණ අදායමක් උපයන බව කියයි.

තම පියාද සිදුකළ මෙම රැකියාව ඔහු වයස අවුරුදු 12 සිට පුහුණු වී ඇත.

කුඩු මිශ්‍ර දුහුවිලි සහිත කුණු හා එහි කුණු කාණු වල එකතු වන පස් එකතු කර ගැරීමේදී රන් කුඩු ඉතිරි වන බවත් ඒවා නැවත ස්වර්ණාබරණ ආයතනයකට දී මුදල් ලබා ගන්නා බවත් ඔහු කියයි.

තම පියාගෙන් ලැබුණුමේ රැකියාව නිසා සාර්ථක ජීවිතයක් ගතකිරීමට තමාට හැකියාව ලැබීම ගැන සතුටු වන බවත් විශ්වනාදන් එසැණ සමග කීවේය. 

Gold_20151022L-1 Gold_20151022L-2 Gold_20151022L-3 Gold_20151022L-4



අදහස් (0)

කාණුවෙන් රත්තරන් සොයා දිවිගෙවයි

ජීවක Friday, 23 October 2015 07:00 AM

මොහුට අතදීමක් වශයෙන් රජයට යමක් කරන්න බැරිද? (නි)

:       0       0

සංජය Thursday, 22 October 2015 10:43 AM

මේවා පෙන්නන්න එපා. දැන් ඒ මනුස්සයට ඕකත් නැති වේ (අ)

:       0       0

චානක Friday, 23 October 2015 02:02 AM

ෂා! මාර වැඩකාරයෙක්නේ (නි)

:       0       0

සමන් Friday, 23 October 2015 02:37 AM

දැන් ඉතින් කප්පම් ‍ගෙවන්න වෙයිද දන්නෙත් නැහැ. තව බදු කොමිසමට යන්නත් වේවිද දන්නෙ නැහැ. අපේ ලංකාවේ ඉතින් එහෙමනේ වෙන්නේ (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 22 October 2015 11:09 AM

මේ දිරිමත් තරුණයයාට එම ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා දෙන්න. (බ)

:       0       0

ෆාරා Thursday, 22 October 2015 11:11 AM

සංජය කිව්වා හරියටම හරි.(අ)

:       0       0

ශාන්ත Thursday, 22 October 2015 11:31 AM

නිර්මාණ කරණය පිළිබඳ පාඩමක් කියාදෙන, රන්සුනු නමින් සිංහලයට පෙරළුණු, කලකට පෙර කියවූ කථා පින්චක් මතක්වුනා. එහි කථා නායකයාත් මෙලෙස ම දිනපතා රන්සුනු එකතුකොට අවසනේ මනහර රන්රෝස කුසුමක් සකසනවා. කතුවරයා හෝ පරිවර්තකයා මතක නැහැ. (ර)

:       0       0

ෆර්සාන් Thursday, 22 October 2015 11:37 AM

ඔය රැකියාව ගැන මම කලින්ම දන්නවා නමුත් දැනගෙන කරන්න ඕනේ නැතිනම් ඔය රත්තර කාටවත් නැතිවෙනවා රන් ගරන එකයි උණු කරන එකයි හැමෝටම බෑ (බ)

:       0       0

මොහොමඩ් Friday, 23 October 2015 03:35 AM

සංජය හරි (නි)

:       0       0

සමන්ති Thursday, 22 October 2015 12:24 PM

රන් වැඩ කරන අය වැඩ කිරීමේදී ඉවත් වන රන්කුඩු මි ඉටිබෝලයකට එකතු කරනවා. (බ)

:       0       0

වසන්ත Thursday, 22 October 2015 01:03 PM

මෙන්න දිරිය මිනිස්සු (නි)

:       0       0

සමීර Thursday, 22 October 2015 01:30 PM

මෙහෙම දේවල් හැමෝටම කරන්න බැහැ (නි)

:       0       0

සත්‍යයා Saturday, 24 October 2015 12:05 AM

ජීවක,අත දෙන්න? මේ වගේ සාධාරණ විදියට ජීවත්වෙච්ච එක මිනිහෙකුට අතදුන් රජයක් ගැන පුළුවන් නම් මට කියන්න. (නි)

:       0       0

සුනිල් Saturday, 24 October 2015 12:12 AM

ඔබට තව තවත් දිරිය ලැබේවා! (නි)

:       0       0

සත්‍යයා Thursday, 22 October 2015 03:06 PM

මහා බලවතුන් ජනතා සල්ලි බිලියන් වලින් පිල්ලි ගහපු යුගයක මේ ලක්මවගේ දිරිය පුතා ජීවත් වෙන්න කරන ධෛර්ය මුළු මහත් සමාජයටම ආදර්ශයක්, ඔබට යහපතක් ම වේවා!(රේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 22 October 2015 03:19 PM

අසාධාරණ ලෙස පොහොසත් වන පුද්ගලයන්ට වඩා මෙලෙස ජීවිකාව මගින් සරිකරගන්නා ධනය ඉහල වටිනාකමක් ගෙනදෙනවා ..කරුමෙක මහත ...අපේ රටේ මෙවෙනි පුද්ගලයන් සමාජ පිලිගැනීමට ලක්වෙන්නේ නැහැ..සමාජය පිළිගන්නේ හොරකමෙන්,වංචාවෙන් ,දුෂණයෙන් ,ජාවාරම් මගින් ධනය උපයන පුද්ගලයාවයි ..(රේ)

:       0       0

ශාන්ත Friday, 23 October 2015 05:30 AM

සේන මහතාට ස්තුතියි. සොඳුරු මතකයක් පිළිබඳ වඩාත් නිවැරදි තොරතුරු ඉදිරිපත් කරමින් දැනුවත් කළාට.(ම)

:       0       0

සේන Thursday, 22 October 2015 03:50 PM

ශාන්ත මහතා, පොතේ නම "ගෝල්ඩන් රෝස්". කතුවරයා රුසියානු ජාතික කොන්ස්තන්තීන් ජියෝජියෙවිච් පවුස්තොවුස්කි. මේ පොත "රන් රෝස" නමින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ ප්‍රවීන ගත්කරුවකු මෙන්ම සාහිත්‍යධරයකු වන ආරියවංස රණවීර මහතායි. (අ)

:       0       0

ජයතිලක Thursday, 22 October 2015 04:25 PM

මේ මිනිසුන්ගේආදයම මේ නිසා අඩු වෙනවා මිසක් වැඩි වෙන්නෙ නැහැ (අ)

:       0       0

සහන් Thursday, 22 October 2015 04:43 PM

අනේ! දැන් මෙයාගේ රැකියාව නැතිවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සුලෝචන Friday, 23 October 2015 06:11 AM

විශ්වනාදන් වගේ දෙමළ හෝ මුස්ලිම් අයෙක් ඔහොම වෙහෙසවෙලා කළත්, සිංහලයා නම් කවදාවත් ඔහොම කරන එකක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site