ගම්පොළ පදිංචි විශ්වනාදන් සෑම උදෑසනකම රන් ආභරණ නිපදවන සේවා ස්ථාන වලට ගොස් එහි අහු මුලු වල ඇති වැලි සහිත කුණු හා කාණු වල එකතු වන පස් එකතු කර සෝදා ගරා රන් මතු කර ගැනීමෙන් දිනකට රුපියල් 1000 ක පමණ අදායමක් උපයන බව කියයි.
තම පියාද සිදුකළ මෙම රැකියාව ඔහු වයස අවුරුදු 12 සිට පුහුණු වී ඇත.
කුඩු මිශ්‍ර දුහුවිලි සහිත කුණු හා එහි කුණු කාණු වල එකතු වන පස් එකතු කර ගැරීමේදී රන් කුඩු ඉතිරි වන බවත් ඒවා නැවත ස්වර්ණාබරණ ආයතනයකට දී මුදල් ලබා ගන්නා බවත් ඔහු කියයි.
තම පියාගෙන් ලැබුණුමේ රැකියාව නිසා සාර්ථක ජීවිතයක් ගතකිරීමට තමාට හැකියාව ලැබීම ගැන සතුටු වන බවත් විශ්වනාදන් එසැණ සමග කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුට අතදීමක් වශයෙන් රජයට යමක් කරන්න බැරිද? (නි)
මේවා පෙන්නන්න එපා. දැන් ඒ මනුස්සයට ඕකත් නැති වේ (අ)
ෂා! මාර වැඩකාරයෙක්නේ (නි)
දැන් ඉතින් කප්පම් ගෙවන්න වෙයිද දන්නෙත් නැහැ. තව බදු කොමිසමට යන්නත් වේවිද දන්නෙ නැහැ. අපේ ලංකාවේ ඉතින් එහෙමනේ වෙන්නේ (නි)
මේ දිරිමත් තරුණයයාට එම ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා දෙන්න. (බ)
සංජය කිව්වා හරියටම හරි.(අ)
නිර්මාණ කරණය පිළිබඳ පාඩමක් කියාදෙන, රන්සුනු නමින් සිංහලයට පෙරළුණු, කලකට පෙර කියවූ කථා පින්චක් මතක්වුනා. එහි කථා නායකයාත් මෙලෙස ම දිනපතා රන්සුනු එකතුකොට අවසනේ මනහර රන්රෝස කුසුමක් සකසනවා. කතුවරයා හෝ පරිවර්තකයා මතක නැහැ. (ර)
ඔය රැකියාව ගැන මම කලින්ම දන්නවා නමුත් දැනගෙන කරන්න ඕනේ නැතිනම් ඔය රත්තර කාටවත් නැතිවෙනවා රන් ගරන එකයි උණු කරන එකයි හැමෝටම බෑ (බ)
සංජය හරි (නි)
රන් වැඩ කරන අය වැඩ කිරීමේදී ඉවත් වන රන්කුඩු මි ඉටිබෝලයකට එකතු කරනවා. (බ)
මෙන්න දිරිය මිනිස්සු (නි)
මෙහෙම දේවල් හැමෝටම කරන්න බැහැ (නි)
ජීවක,අත දෙන්න? මේ වගේ සාධාරණ විදියට ජීවත්වෙච්ච එක මිනිහෙකුට අතදුන් රජයක් ගැන පුළුවන් නම් මට කියන්න. (නි)
ඔබට තව තවත් දිරිය ලැබේවා! (නි)
මහා බලවතුන් ජනතා සල්ලි බිලියන් වලින් පිල්ලි ගහපු යුගයක මේ ලක්මවගේ දිරිය පුතා ජීවත් වෙන්න කරන ධෛර්ය මුළු මහත් සමාජයටම ආදර්ශයක්, ඔබට යහපතක් ම වේවා!(රේ)
අසාධාරණ ලෙස පොහොසත් වන පුද්ගලයන්ට වඩා මෙලෙස ජීවිකාව මගින් සරිකරගන්නා ධනය ඉහල වටිනාකමක් ගෙනදෙනවා ..කරුමෙක මහත ...අපේ රටේ මෙවෙනි පුද්ගලයන් සමාජ පිලිගැනීමට ලක්වෙන්නේ නැහැ..සමාජය පිළිගන්නේ හොරකමෙන්,වංචාවෙන් ,දුෂණයෙන් ,ජාවාරම් මගින් ධනය උපයන පුද්ගලයාවයි ..(රේ)
සේන මහතාට ස්තුතියි. සොඳුරු මතකයක් පිළිබඳ වඩාත් නිවැරදි තොරතුරු ඉදිරිපත් කරමින් දැනුවත් කළාට.(ම)
ශාන්ත මහතා, පොතේ නම "ගෝල්ඩන් රෝස්". කතුවරයා රුසියානු ජාතික කොන්ස්තන්තීන් ජියෝජියෙවිච් පවුස්තොවුස්කි. මේ පොත "රන් රෝස" නමින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ ප්‍රවීන ගත්කරුවකු මෙන්ම සාහිත්‍යධරයකු වන ආරියවංස රණවීර මහතායි. (අ)
මේ මිනිසුන්ගේආදයම මේ නිසා අඩු වෙනවා මිසක් වැඩි වෙන්නෙ නැහැ (අ)
අනේ! දැන් මෙයාගේ රැකියාව නැතිවෙයිද දන්නෙ නැහැ (නි)
විශ්වනාදන් වගේ දෙමළ හෝ මුස්ලිම් අයෙක් ඔහොම වෙහෙසවෙලා කළත්, සිංහලයා නම් කවදාවත් ඔහොම කරන එකක් නැහැ (නි)