පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පාසල් සිසුවෙකුට එම පාසලේම සිසුන් පිරිසක් පහර දීම හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වත්තේගම පොලිසිය කියයි.
කුණ්ඩසාලේ පිලවල නවෝද්‍යා මහා විද්‍යාලයේ 11 වසරේ සිසුවකුට එම වසරේම සිසුන් පිරිසක් පාසලේ වැසිකිලිය තුලදි මෙම සිසුන් පිරිස සිසුවාට පහර දී ඇති බවත් පසුව පාසල නිමවී නිවසට යන අතරතුර මරන තර්ජනය කළ බවත් සිසුවාගේ මව පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන්ය.
සිසුවාගේ හිස සහ පපු ප්‍රදේශයට පහර දී ඇති බවත් පහර කැ පාසල් සිසුවා එදිනම යක්ගහපිටිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ගැනිම සදහා රෝහල් ගත කර ඇති අතර වැඩි දුර ප්‍රතිකාර සඳහා සිකුරාදා මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර පහරදීමට සම්බන්ධව දෙපාර්ශවයෙන්ම කටඋත්තර ලබාගත් බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත්, විකාර අදහස් ලියන්න එපා. සමහරවිට ගහපු ළමයි ගොඩේ ඔයාගේ පුතා හරි මල්ලි හරි ඇති. ඔයා වගේ පවුලේ සාමාජිකයෙක් ඉන්න ඒ ළමයාගේ අනාගතයට දෙවියන්ගේ පිහිට තමයි. (නි)
අද සමාජය නව තාක්ෂණයත් සමගම වල් වැදී අවසන් .හරසුන් ටෙලිනාට්‍ය ,ජංගම දුරකථන ළමුන් ළග තබා ගැනීමට ඉඩ දීම මෙන්ම ,පැය 24 පුරා දිවෙන ටියුෂන් ආදිය ද මෙම තත්වයට මනා පිටුබලයක් .අද සමහර නිවෙස්වල රිමෝට් කන්ට්‍රෝල් එක වෙලා තියෙන්නෙ පාසල් දරුවන් .ඔවුන්ට ඕනා විදියටයි දෙමාපියන් පවා හැසිරෙන්නෙ .ළමයට අවවාදයක් දෙන්න බයයි .ඉතින් ගුරුවරයෙක්ට අවවාදයක් දෙන්න බැහැ ..දඩුවම් දෙන්න බැහැ. එක්කෝ ගුරුවරයාට පහර දෙනව .නැත්නම් වැරැද්ද පෙන්නා දුන් අයට පහර දෙනව .ගුරුවරු දඩුවම් කරාම එක්කො රෝහල්ගතවෙලා ගුරුවරු නීතිය හමුවට ගේනව .අද මේ විකෘති සමාජය තුළ පෙර ගුරුවරයා කළ කාර්යභාරය අද පාසල කරන්න බැහැ .නමුත් සමාජය එය එලෙසම බලාපොරොත්තු වෙනව .එ්ත් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ තමන්ගේ පාසල් කාලය තුළ තම ගුරුවරුන්ගෙන් වරදට දඩුවම් විඳලා පුරුදු එම තත්වය අවබෝධ කරගත් සුළු පිරිසක් පමණයි .වත්මන් ගුරු පරපුර තුළ ළමුන් කෙසේ හෝ යහ මග ගැනීමට වුවමනාව ඇති පිරිසක් සිටියත් තව දශකයක් පමණ යන විට දරුවන් යහමගට ගැනීමට ගොස් කරදර විදිනවාට වඩා මෙවැනි වරදවල් කරන සිසුන් නොදැක්කා සේ සිටින ගුරු පිරිසක් බිහි වුනොත් එය පුදුමයක් නොවේ .මොකද සමාජය යහමගට ගැනීමේ කාර්යභාරය උඩුගම් බලා පිහිනීමක් මෙන් පෙනෙනෙන නිසා .විනයක් නැති රුපවාහිනී මාධ්‍ය කලාව මෙන්ම පිරිහුණු පවුල් සංස්කෘතිය ළමුන්ගේ පිරිහීමට ප්‍රධාන හේතුවක් (බ)
මේවා ඉතින් ළමයි ළමයින්ගේ ප්‍රශ්න! (නි)
මේක දැක්කම හැමෝම කියයි මේ වැඩේ වැරදියි කියලා. හැබැයි ඕක අහලා සර්ලගෙන් ගුටිකාපු එකා තමයි දන්නේ ඒකේ රඟේ (නි)
එක එක්කෙනාගේ වැරදි ගැන නොසොයා තමන් හරියට උන්නනම් ඔහොම ගුටිකන්න වෙන්නේ නැහැනේ? (ස)
අනේ මන්දා ළමයින්ට මොනවා වෙලාද කියලා (නි)
ඕනෑ නැති දේවල් කරන්න ගියාම ඔහොම තමා මල්ලි. දෙමාපියෝ ගුරුවරුත් මුලදී සද්ද දාලා පස්සේ නිකන් ඉඳියි. අන්තිමේ ආදරය කරන දෙන්න සතුටින් ඉඳීවි. ඔයා ගුටිකයි (නි)
හොඳ වැඩේ! කේලම් කියන අයට දෙන්න ඕනෑ ඔහොම තමයි. (නි)
පාසැල් පෙම්හබ නිසා සියදිවි හානි කරගැනීම්, මිනී මරාගැනීම්, පහරදීම්, පැහැරගෙනයෑම්, තර්ජනය කිරීම්,අපයෝජනය කිරීම හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම යනාදී භයානක සිදුවීම් පාසැල් අවටත් ඉන් බැහැරවත් සිදුවෙමින් පවතී. මෙය පොලිසියේ පැමිණිලි දැමීම, අත්අඩංගුවට ගැනීම, අධිකරණයට ඉදිරිපත් කිරීම,සිරගත කිරීම, වරදකරුවන් නම් දඬුවම් කිරීම සිදුකිරීමෙන් පමණක් නවතා දැමිය හැකිද? සමාජ විද්‍යඥයිනි, පර්යේෂකයිනි, මනෝ වෛද්‍යවරුනි, විවිධ සමාජ අර්ථ දේශකයිනි, නැද්ද රට වෙනුවෙන් ධනාත්මක යෝජනාවන්? හිතමුකො මේ ගැන මව්බිමට අනුකම්පාවෙන්. ළමා වැඩිහිටි සියල්ල කැටිකරගත් ගුණාත්මක ආකල්පයන් තුළින් පුරවමුකො ඔවුනගේ හදවත් යහපත් අදහස් වලින්.මාධ්‍ය සන්දර්ශන වලින් පමණක් රටේ ජනතාවගේ ආරක්ෂාව හෝ සිත්සතන් සුවපත් කළ නොහැක. තමන්ට පැවරී ඇති වගකීම් නිවැරදිව ඉටුකිරීම වර්තමාන හා අනාගත පරපුරේ අභිවෘද්ධිය බව සිතට ගතහොත් අපරාධ දුරුවී රටවැසියන්ට වාසනාව ගෙන දෙනු ඇත (නි)