කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කර දස වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන් සාංවත්සරික පුණ්‍ය මහෝත්සවය බ්‍රහස්පතින්දා (28) පස්වරු 2 සිට 4 දක්වා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති, දොඩම්පහල චන්ද්‍රසිරි ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහනායක හිමියෝ මුලසුන හොබවති.
2005 වසරේ ඇරඹූ කුණ්ඩසාල මහමෙව්නාව භාවනා අසපුව සඳහා ඉඩකඩ සහිත භූමියක් ලබාදීමට පුරෝගාමීවූයේද එකල අමාත්‍යවරයකුව සිටි වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනධිපතිතුමනි, මහමෙවුනා අසපුවෙන් එහාට කුණ්ඩසාලෙ පැත්තට තිබෙන පාරවල් ඉතාමත් අබලන්. කරුණාකර ඒ ගැනත් හොයාබලන්න. (ම)
සසර කෙටිකර ගැනීමට කටයුතු කරමු (බ)