දඹුල්ල කණ්ඩලමේ ගොවීහූ 15 දෙනෙක් මෙවර මිදි වැවූහ. අස්වැන්න සරුවිය. මිදි ඇඹුල් නැත. ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එක් ගොවියකුගේ මිදි නෙළීමට හවුල් විය. කණ්ඩලමේ මිදි වගා කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි. මිදි කිලෝවක තොග මිල රුපියල් දෙසීයකි. කොළඹ මිල එමෙන් තුන්ගුණයකටත් වැඩිය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා භූමියේ ඕනෑම දෙයක් වැවෙනවා. යාපනයේ ගොවියාව ආදර්ශයට ගන්න.ලංකාවේ ප්‍රථම ඇපල්ගෙඩිය මට මතක ඇති හැටියට 1975 දී වද්දුක්කොට්ටේදී නෙලා ගත්තා. 1977 දී මම කොළඹ වෙළඳපලට යාපනයෙන් සැපයුවා. කොළඹත් මිදී මම වවල තියනව. උත්සාහ කලොත් හරිම පහසුයි, (ස)
මේවා ගැන අපේ මාධ්‍ය මීට වැඩිය උනන්දු වෙන්න ඕනෑ. (නි)
ඇඹුල නැති මිදි ලොකු ලොක්කො අතපත ගාන්න ගිහින් තිත්ත වෙයිද දන්නේ නෑ..(ස)
අහන්නත් සතුටුයි (නි)
මටනම් මිදි වැව්ව වගේ සන්තෝසයි.. ගොවි මහතුනි ඔබට ජය..(ස)
ජය වේවා ! (ස)
නරියා මිදි කෑව වගේ වෙන එකක් නෑනේ..(ස)
මේචචර සරුවට වැවෙන ඵලදාව ළගට හිතෙන හිතෙන අයට යන්න දෙන්න එපා (නි)
බලාගෙන! එදා මිදි කාපු නරියන් අදත් ඉන්නවා (නි)
මේ සුන්දර පුංචි මුතු ඇටෙයෙහි වැවෙන රස මදි රසම රස වේවා ! (ස)
සන්තෝසයි ජනක ඇමති තුමනි. ඔබ දක්වන සහයෝගයට අපි කවදත් කරු කරමු. කවුරු බැන්නත් අපි දන්නවා ඔබ උතුම් බව..(ස)
ෆාරුලාගේ කට්ටිය මේවට ඉතින් කැමතියි තමයි (නි)
නියමයි , සුභ පැතුම් (ස)
මරු මරු අනර්ගයි (ස)
කොච්චර මිදි වැවුණත් කොළඹ අපිට අඩුවට ගන්න ලැබෙන්නේ නෑ...(ස)
ඇත්තටම සන්තෝසයි . (ස)
බලන්නත් ලස්සනයි (නි)
අපේ රටේ පොළොව හරිම වාසනාවන්තයි.. ඕනම දෙයක් වැවෙනවා..!(නු)
අනේ කරුණාවෙන් කියන්නේ, කිසිම දේකට දේශපාලකයන් ගෙන්න ගන්න එපා. අපි වවමු අපි හැදෙමු.එච්චරයි.(නු)
ඇස්වහක් කටවහක් නැහැ අනේ වාසනාවන්..!(නු)
මම ගම්පහ මිදි වැවන්නේ දැනට අවුරුදු 12කට කලින් ඉදලා.. මිදි ඉදෙන කාලෙට අනිවාර්යයෙන්ම පායන්න ඕන මිදි පැණි රස වෙන්න නම්.. වැස්සට මිදි තරමක් ඇඹුල් වෙනවා. ලංකාවෙ මොනවාද වගා කරන්න බැරි..!(නු)
මිදි වැල් ටික පරිස්සම් කරගන්න හොඳේ . (ස)
මිදි නරියගෙන් පරිස්සම් කරගන්නවා නම් හොදයි..!(නු)
ෂා නියමයි! මගේ කටට කෙළත් උනනවා (නි)
මේවාට දේශපාලනය ගාවගන්න එපා.. එහෙම උනොත් මේවා නැත්තමට නැති වෙයි..!(නු)
කොහෙද විකුනන්න තියෙන්නේ
හෙට අනිද්දාට මිදි ගොවියා බෙල්ලේ වැල දාගත්තා කියලා ආරංචි වෙයිද දන්නේ නැහැ. (නි)
නියම වැඩේ. හරිම සතුටුයි. (නි)
මිදි කොළෙත් ගුණයි. අපේ ගොවීන්ව මේ ගැන දැනුවත් කරලා යතිබ්බා නම් හොදයි (අ)
ආසයි කන්න
මිදි නම් නියමයි. (නි)
ගොවි දෑතට ශක්තිය ලැබේවා! (නි)
අහන්නත් සන්තෝෂයි. නමුත් වෙළෙන්දාට ගොවියා ගසා කන්න දෙන්න එපා. ඇමතිතුමනි, මිළෙහි සාධාරණය ගොවියාට ලබාදෙන්න. (නි)
ෂා..නියමයි. අස්වැන්න සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. (නි)
ඇත්තටම සන්තෝෂයි. (නි)
මිදි කඩන්න වැඩේටත් ඇමතිතුමාව ඕනෑද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දේශපාලඥයින් ගාවාගන්න එකට මම විරුද්ධයි. (නි)
දැක්කහම ලස්සනේ බැහැ. (නි)
අනේ හොඳයි , පොහොර භාවිතා නොකරත් හොඳ මිලක් ලබා ගතහැකියි (ස)
අනේ කරුණාවෙන් කියන්නේ, කිසිම දේකට දේශපාලකයන් ගෙන්න ගන්න එපා. දැන් ටික ටික දේශපාලකයන්ගෙන් අයින් වෙමු.අපි වවමු අපි හැදෙමු.එච්චරයි. (නි)
කවුද අර ඇමතිතුමා පිටිපස්සෙන් හොරෙන් හොරෙන් බලන්නේ? (නි)
අපේ රට මේ වගේ දේවල් වලින් තව තව දියුණු වේවා. (ස)
සිය රට දේ සිරි සැප දේ (ස)
සන්තෝෂයි. (නි)
ඔවු ඉතිං. වෙන කරන්න දේකුත් නැහැනේ සමහරුන්ට. (නි)
හරිම අගෙයි. අපේ දේ අපි අගය කරමු. (නි)
ඇත්තටම සතුටුයි. වැඩි වැඩියෙන් අස්වනු ලැබේවායි පතනවා. (නි)
මෙන්න මිදි.........................(ස)
හැම දේකම ඇද කුද හොයන අය කියාවි ඔය මිදි තිත්තයි කියලා..වගාව තව තව සරුවේවා...(ස)
මටත් සහභාගිවීමට හැකිවුණා , ඉතාම සතුටුයි , අස්වැන්න සාර්ථක වේවායි කියා ප්‍රාර්ථනා කරනවා (ස)
ගොවි මහත්වරුන්ගේ අස්වැන්න තව තවත් වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..(ස)
ශ්රී ලාංකිකයකු වීම ආඩම්බරයි. අපේ රන් බිම අපිට වාසනාවන් (ස)
මෙහි කිලෝවක් යූරෝ 1.00 , ඒ කියන්නේ කිලෝවක් රු.170.00, බලනකොට දෙරටෙම ගණන් එකයි.(ස)
ඇත්තට මේක ගැන හරි සන්තෝෂයි. ඒ කියන්නෙ ලංකාවෙ කරන්න බැරිදෙයක් වශයෙන් හිතාගෙන හිටපු දෙයක් තමයි මේ අය ඔප්පු කරලා පෙන්නලා තියෙන්නෙ. ඔය වගේ පාන් පිටි වලට ගන්න තිරිඟුත් වගා කරලා අපේ ඇමතිවරුන්ට පෙන්නන්න. (නි)
ඇත්තටම අපේ මවුබිම මොනතරම් නම් අපූරුද? (නි)
දහඩිය සෙලෙව්වොත් බැරියැයි දෙයක් නැත සරුවට වැඩුන මිදි පෙන්වයි එවැනි මත සියරට දෙයත් සිරි සැපදේ කියා ඇත මසුරන් වටිනවා අපෙ ගොවිරජුන් අත... (නි)
හරි සන්තෝෂයි. (නි)
අපේ රටේ නොවැවෙන දෙයක් නැහැ. අවශ්‍ය උත්සාහයත් ධෛර්යයත් විතරයි. (නි)
හොද ආරම්භයක්. මුදලාලිලාට තවත් ගසාකෑමකට මගක්. (නි)
රාජා වගේ අය ඉන්නේ මේ රටේද? හැමදේම දිහා බලන්නේ නුහුරටනේ. (නි)
සියරට දේ සිරිසැපදේ.... අස්වැන්න සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා! (නි)
ඇත්තටම ආසයි ලංකාවේ ගොවියන්ගේ දස්කම් දැක්කහම. ඒත් දුකක් ඇතිවෙනවා තව ටික දවසකින් එයාලට වෙන දේට. ඒ වුණත් ඔවුන්ට යහපතක් වේවා! (නි)