ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් (එස්.එල්.පී.එල්) තරගාවලියේ කණ්ඩායම් මිලදී ගත් සමාගම් වලට අවශ්‍ය නම් ඊට තවත් කොටස් කරුවන් සම්බන්ධකරගත හැකි බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි. මෙම තරගාවලිය සඳහා වන ‘කඳුරට වොරියර්ස්’ කණ්ඩායම මිලදී ගත් සමාගම එයින් ඉවත් වූයේ යැයි කියැවෙන තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම්වරයා පවසා සිටියේ කණ්ඩායමක ප‍්‍රධාන අයිතිය ලබාගත් ආයතනය එය අතහැරිය බවක් මේ දක්වා තමන්ට දැනුම්දී නැති බවයි. මෙම සමාගම් අතරට බොලිවුඞ් සිනමාවේ සුපිරි තරුවක් වන සල්මන් ඛාන්ද එක්ව ඇතැයි දැනගන්නට තිබේ. "නළුවකුට කිසියම් කණ්ඩායමකට සම්බන්ධ වෙන්න පුළුවන්. අයිතිකරුවන් උත්සාහ කරන්නේ තරගාවලිය වර්ණවත් කිරීමට සුපිරි තරු එකතු කර ගැනීමටයි” යැයිද රණතුංග මහතා පැවසීය. කඳුරට වෝරියස් පිලේ වර්තමාන හිමිකරු ‘නම්බර් වන් ස්පෝර්ස්ට් කන්සල්ටන් ප‍්‍රයිවට් ලිමිටඞ්’ ලෙස එස්.එල්.පී.එල්. නිල වෙබ් අඩවියේ ඊයේ පස්වරුවේ සඳහන්ව තිබුණි. කඳුරට වෝරියස් පිලේ සංකේත ක‍්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරයි. මේ අතර තවත් කණ්ඩායම් තුනක ද අයිතිකරුවන් සිය කොටස් විකිණීමට සූදානමින් සිටින බවත් දැනගන්නට තිබේ. කණ්ඩායමක කොටස් විකිණීමේ ඉඩකඩ ඒවායේ වත්මන් අයිතිකරුවන්ට තියෙනවා තමයි. ඒත් කණ්ඩායමක ප‍්‍රධාන හිමිකම වෙනත් අයකුට පැවරිය නොහැකියි” කණ්ඩායමක ප‍්‍රධාන හිමිකම පවරන්නේ නම් එම පැවරීමේ මුදලින් 10% ක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවිය යුතුයි” යයිද රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර එස්. එල්. පී. එල්. තරගාවලියේ විනිසුරුවන් සම්බන්ධයෙන් ඇතිවී ඇතැයි කියන අර්බුදය පිළිබඳවද රණතුංග මහතාගෙන් විමසීමක් කරන ලදි. "අපි මේ තරගාවලිය ආරම්භ කර ගොඩන`ගාගත යුතුයි. කිසිවකුට අපි ගෙවන මුදලට තරග විනිශ්චය කරන්න බැරිනම් ඒ ගැන අපට ලිඛිතව දැනුම් දෙන්න. විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට තව බොහෝ දෙනෙක් ඉන්නවා” යයි ඒ පිළිබඳව කළ විමසුමට පිළිතුරු වශයෙන් රණතුංග මහතා පැවසීය. මෙම තරගාවලියේ අන්තර්ජාතික රූපවාහිනි විකාශන අයිතිය ඊ.එස්.පීී.එන්. ස්ටාර් සමාගමට හිමිවනු ඇතැයි ඉතාම විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. කඳුරට වොරියර්ස්, වයඹ යුනයිටඞ්, රුහුණ රෝයල්ස්, නැගෙනහිර නාගාස්, ඌව නෙක්ස්ට්, උතුර රුද්‍රාස් සහ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වෙති. මුදලට තරග පාවාදීම හෝ ඔට්ටු කරුවන්ගේ අවශ්‍යතා අනුව කී‍්‍රඩා කිරීම වැළැක්වීම සඳහා දුෂණ මර්ධන ඒකකය පිහිටුවීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නිලධාරින් පැමිණීමට නියමිත බවත් එය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාගේ සම්බන්ධීකරණයෙන් ස්ථාපිත කිරීමට නියමිත බව ද වාර්තා වේ. එස්. එල්. පී. එල්. තරගාවලිය දේශිය සහ විදේශිය ක‍්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් අගෝස්තු මස 11 වැනිදා සිට 31 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැළේ සහ කොළඹ ආර්. පේ‍්‍රමදාස යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරගාවලිය අසාර්ථක කරන්න ක්‍රිකට්වලට ප්‍රසිද්ධ රටක් උත්සාහ කරනවා (ත)
මේ තරගාවලිය අවුල් ජාලාවක් අපිට නම්. ඉන්දියාව,බංගලාදේශය මේ තරගාවලි හොදට සංවිධානය කරලා තමන්ගෙ ක්‍රිකට් ඉදිරියට ගෙනවා. එත් අපේ අයට එහෙම කරන්න ඕනෙ නැහැ. දවසක අපේ රටෙ ක්‍රිකට් විනාශ වෙනවා. ඉන්දියාව කරන හෑම දේම අපිට කරන්න බෑ කියලා මෙයාලට තේරෙන්නෙ නෑද්ද මන්දා. අපේ රටට අනෙක් රටවල් හිනා වෙනවා, මේ වගේ පොඩි තරගාවලියක්වත් සංවිධානය කරගන්න බෑ කියලා. (නි)
බළල්ලු ගස් නැග්ගට බල්ලෝ ගස් නගින්නේ නැ.... (දී)
ඉතාමත්ම හොඳ තරගයක් වේවි. (නි)
ඉතාම හොඳ තරඟයක් වේවි...(සවි)
කවද්ද වැඩක් හරියට කළේ? (නි)
අපේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ලොලියෝ ධනාත්මකව සිටිය යුතුයි.. එස්.එල්.පී.එල්. හොදයි....!! (නු)
මේ වගේ වැඩ කල්පනාවෙන් කරන්න ඕනේ. විශේෂයෙන්ම ඉන්දියාවෙන් එන හදිසි බලපෑම් ගැන. මේක කිසිම අවුලක් නැහැ අපේ රටේ මේවගේ දෙයක් පටන්නගන්න එක වළක්වන්න අපේ මිතුරුවේශයෙන් සිටින හතුරන්ගෙන් එන බලපෑම් තමා මේ. (ස)
අපේ අය දක්ෂයි.....බලමු කොයි නායකයගේ පිලද දිනන්නේ කියලා... (සවි )
ඇතුලේ ප්‍රශ්ණ ගොඩක් තියෙනවා වගේ....
හොඳ වැඩක් ඉදිරියටම යන්න (අ)
ශ්‍රි ලංකා කණ්ඩායමට ජයවේවා. (අ)
අවුල් ජාලාවක් වගේ නේද ?
මේ මටත් බැරිද ඕවට සම්බන්ධ වෙන්න.....
මේ තරඟාවලිය අසාරතක කරන්න ගොඩක් අය උත්සාහ කරනවා..ඉන්දියානු සමාගම් වලට බැරිනම් කණ්ඩායම් ලංකාවේ සමාගම් වලට දෙන්න...අපි බලාපොරොත්තු වෙන්නේ සාර්ථක SLPL තරඟාවලියක්....