IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කණ්ඩායම් හිමිකරුවන්ට කොටස්කරුවෝත් එක්වෙති

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් (එස්.එල්.පී.එල්) තරගාවලියේ කණ්ඩායම් මිලදී ගත් සමාගම් වලට අවශ්‍ය නම් ඊට තවත් කොටස් කරුවන් සම්බන්ධකරගත හැකි බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි. මෙම තරගාවලිය සඳහා වන ‘කඳුරට වොරියර්ස්’ කණ්ඩායම මිලදී ගත් සමාගම එයින් ඉවත් වූයේ යැයි කියැවෙන තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම්වරයා පවසා සිටියේ කණ්ඩායමක ප‍්‍රධාන අයිතිය ලබාගත් ආයතනය එය අතහැරිය බවක් මේ දක්වා තමන්ට දැනුම්දී නැති බවයි. මෙම සමාගම් අතරට බොලිවුඞ් සිනමාවේ සුපිරි තරුවක් වන සල්මන් ඛාන්ද එක්ව ඇතැයි දැනගන්නට තිබේ. "නළුවකුට කිසියම් කණ්ඩායමකට සම්බන්ධ වෙන්න පුළුවන්. අයිතිකරුවන් උත්සාහ කරන්නේ තරගාවලිය වර්ණවත් කිරීමට සුපිරි තරු එකතු කර ගැනීමටයි” යැයිද රණතුංග මහතා පැවසීය. කඳුරට වෝරියස් පිලේ වර්තමාන හිමිකරු ‘නම්බර් වන් ස්පෝර්ස්ට් කන්සල්ටන් ප‍්‍රයිවට් ලිමිටඞ්’ ලෙස එස්.එල්.පී.එල්. නිල වෙබ් අඩවියේ ඊයේ පස්වරුවේ සඳහන්ව තිබුණි. කඳුරට වෝරියස් පිලේ සංකේත ක‍්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරයි. මේ අතර තවත් කණ්ඩායම් තුනක ද අයිතිකරුවන් සිය කොටස් විකිණීමට සූදානමින් සිටින බවත් දැනගන්නට තිබේ. කණ්ඩායමක කොටස් විකිණීමේ ඉඩකඩ ඒවායේ වත්මන් අයිතිකරුවන්ට තියෙනවා තමයි. ඒත් කණ්ඩායමක ප‍්‍රධාන හිමිකම වෙනත් අයකුට පැවරිය නොහැකියි” කණ්ඩායමක ප‍්‍රධාන හිමිකම පවරන්නේ නම් එම පැවරීමේ මුදලින් 10% ක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවිය යුතුයි” යයිද රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර එස්. එල්. පී. එල්. තරගාවලියේ විනිසුරුවන් සම්බන්ධයෙන් ඇතිවී ඇතැයි කියන අර්බුදය පිළිබඳවද රණතුංග මහතාගෙන් විමසීමක් කරන ලදි. "අපි මේ තරගාවලිය ආරම්භ කර ගොඩන`ගාගත යුතුයි. කිසිවකුට අපි ගෙවන මුදලට තරග විනිශ්චය කරන්න බැරිනම් ඒ ගැන අපට ලිඛිතව දැනුම් දෙන්න. විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට තව බොහෝ දෙනෙක් ඉන්නවා” යයි ඒ පිළිබඳව කළ විමසුමට පිළිතුරු වශයෙන් රණතුංග මහතා පැවසීය. මෙම තරගාවලියේ අන්තර්ජාතික රූපවාහිනි විකාශන අයිතිය ඊ.එස්.පීී.එන්. ස්ටාර් සමාගමට හිමිවනු ඇතැයි ඉතාම විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. කඳුරට වොරියර්ස්, වයඹ යුනයිටඞ්, රුහුණ රෝයල්ස්, නැගෙනහිර නාගාස්, ඌව නෙක්ස්ට්, උතුර රුද්‍රාස් සහ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වෙති. මුදලට තරග පාවාදීම හෝ ඔට්ටු කරුවන්ගේ අවශ්‍යතා අනුව කී‍්‍රඩා කිරීම වැළැක්වීම සඳහා දුෂණ මර්ධන ඒකකය පිහිටුවීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නිලධාරින් පැමිණීමට නියමිත බවත් එය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාගේ සම්බන්ධීකරණයෙන් ස්ථාපිත කිරීමට නියමිත බව ද වාර්තා වේ. එස්. එල්. පී. එල්. තරගාවලිය දේශිය සහ විදේශිය ක‍්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් අගෝස්තු මස 11 වැනිදා සිට 31 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැළේ සහ කොළඹ ආර්. පේ‍්‍රමදාස යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.  



අදහස් (0)

කණ්ඩායම් හිමිකරුවන්ට කොටස්කරුවෝත් එක්වෙති

සුමන මානඩුව Friday, 20 July 2012 06:27 PM

මේ තරගාවලිය අසාර්ථක කරන්න ක්‍රිකට්වලට ප්‍රසිද්ධ රටක් උත්සාහ කරනවා (ත)

:       0       0

මධුරංග Friday, 20 July 2012 11:30 AM

මේ තරගාවලිය අවුල් ජාලාවක් අපිට නම්. ඉන්දියාව,බංගලාදේශය මේ තරගාවලි හොදට සංවිධානය කරලා තමන්ගෙ ක්‍රිකට් ඉදිරියට ගෙනවා. එත් අපේ අයට එහෙම කරන්න ඕනෙ නැහැ. දවසක අපේ රටෙ ක්‍රිකට් විනාශ වෙනවා. ඉන්දියාව කරන හෑම දේම අපිට කරන්න බෑ කියලා මෙයාලට තේරෙන්නෙ නෑද්ද මන්දා. අපේ රටට අනෙක් රටවල් හිනා වෙනවා, මේ වගේ පොඩි තරගාවලියක්වත් සංවිධානය කරගන්න බෑ කියලා. (නි)

:       0       0

සිල්ව Saturday, 21 July 2012 12:45 PM

බළල්ලු ගස් නැග්ගට බල්ලෝ ගස් නගින්නේ නැ.... (දී)

:       0       0

සමීර Friday, 20 July 2012 11:44 AM

ඉතාමත්ම හොඳ තරගයක් වේවි. (නි)

:       0       0

සමීර Friday, 20 July 2012 11:44 AM

ඉතාම හොඳ තරඟයක් වේවි...(සවි)

:       0       0

හර්බට් Friday, 20 July 2012 12:15 PM

කවද්ද වැඩක් හරියට කළේ? (නි)

:       0       0

ජගත් Friday, 20 July 2012 10:29 PM

අපේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ලොලියෝ ධනාත්මකව සිටිය යුතුයි.. එස්.එල්.පී.එල්. හොදයි....!! (නු)

:       0       0

කපිල Friday, 20 July 2012 01:12 PM

මේ වගේ වැඩ කල්පනාවෙන් කරන්න ඕනේ. විශේෂයෙන්ම ඉන්දියාවෙන් එන හදිසි බලපෑම් ගැන. මේක කිසිම අවුලක් නැහැ අපේ රටේ මේවගේ දෙයක් පටන්නගන්න එක වළක්වන්න අපේ මිතුරුවේශයෙන් සිටින හතුරන්ගෙන් එන බලපෑම් තමා මේ. (ස)

:       0       0

නුවන් Friday, 20 July 2012 02:12 PM

අපේ අය දක්ෂයි.....බලමු කොයි නායකයගේ පිලද දිනන්නේ කියලා... (සවි )

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 20 July 2012 03:19 PM

ඇතුලේ ප්‍රශ්ණ ගොඩක් තියෙනවා වගේ....

:       0       0

ara Friday, 20 July 2012 03:34 PM

හොඳ වැඩක් ඉදිරියටම යන්න (අ)

:       0       0

Ajantha Friday, 20 July 2012 03:38 PM

ශ්‍රි ලංකා කණ්ඩායමට ජයවේවා. (අ)

:       0       0

සිසිර Friday, 20 July 2012 09:13 AM

අවුල් ජාලාවක් වගේ නේද ?

:       0       0

අන්කල් Friday, 20 July 2012 09:14 AM

මේ මටත් බැරිද ඕවට සම්බන්ධ වෙන්න.....

:       0       0

ගයාන් Friday, 20 July 2012 09:53 AM

මේ තරඟාවලිය අසාරතක කරන්න ගොඩක් අය උත්සාහ කරනවා..ඉන්දියානු සමාගම් වලට බැරිනම් කණ්ඩායම් ලංකාවේ සමාගම් වලට දෙන්න...අපි බලාපොරොත්තු වෙන්නේ සාර්ථක SLPL තරඟාවලියක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site