(ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නගරයේ කරණවැමියකුගේ පිහි පහරට ලක්වු පුද්ගලයකු තුවාල ලබා පුත්තලම මුලික රෝහට ඇතුළත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ පුත්තලම මන්නාරම මාර්ගයේ 6 යේ කණුව රෙඩ්බානා ප්‍රෙද්ශයේ පදිංචි පුද්ගලයෙකි.
කොණ්ඩය සහ රැවුල කපා ගැනිම සදහා අය කරන මුදල වැඩි බවට පැවසිමත් සමඟ දෙදෙනා අතර සිදු වූ වචන හුවමාරුවකින් පසුව කරණවැමියා දැලි පිහියෙන් සේවාදායකයාගේ පිට ප්‍රෙද්ශයට පහර දි ඇත.
සිද්ධිය පිළිබඳ පුත්තලම මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට මිනිහා බෙල්ල කැපුවේ නැත්තේ, මොකද ඉඳගෙන රෙද්දකිනුත් ඔතලනේ කොන්ඩේ කපන්නේ...
කොළඹ නම් විනාඩි 10න් කොන්ඩේ කපන්නත් රුපියල් දෙසීයක් ගන්නවා. දොස්තර මහත්තයෙක් ලෙඩෙක් බලලා බෙහෙතුත් දීලා රුපියල් 300ක් කිව්වම වැඩියි කියල බනින අය, බාබර්ලට බය ඔය අතේ තියෙන පිහියට වෙන්න ඇති.
පොටෝඑකේ තිබෙන විදිහට කොන්ඩේ කපන්න පනාවයි, කතුරයි අල්ලලා තිබෙන විදිහ මට හිතා ගන්නවත් බැහැ.