වසර දෙකක් තිස්සේ විසඳුමක් නැතිව පළාතම ගඳ ගස්වන කොළොන්නාව කුණු කන්දට විසඳුමක් ඉල්ලමින් නීතිඥවරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය හමුවේ කරුණු දැක්වූහ.
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි කොළඹ නගර සභාව එහි කුණු දමන බවත් මධ්‍යම රජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිසා විසඳුමක් නොලැබුණු බවත් එහෙත් දැන් ඒ තත්ත්වය වෙනස්වී ඇති බවත් ඒ නිසාම විසඳුමක් දිය හැකි බව නීතිඥවරු කීහ.
ලබන 31 වැනිදා මේ කුණු කන්ද බැලීමට යන බවත් මෙතෙක් සිදුවූ දෑ පිළිබඳව සවිස්තර වාර්තාවක් සපයන ලෙසත් මහේස්ත්‍රාත් නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලොන්නාවම කුණු ගොඩක් කරා ගඳ ගහන නගරයක් කරා , කුඩු මත් පෙන් කසිප්පු කාරයන්ගේ නිජ බිමක් කළා (අ)
අපේ උත්සාහය අපි නවත්තන්නේ මේ කුණුගොඩ ඉවත්කරපු දවසකට (ම)
මට එකපාරටම මේ පුවත දැක්කම හිරුනිකා මතක් උනා.. අනේ මන්ද මොකද කියල..(බ)