මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරීමට ඇති සැලසුම ගැන වාර්තාවක් ලබන හතර වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය කොළඹ මහ නගර සභාවට නියෝග කළාය.
කුණු කන්ද ඉවත් කරන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් වාහන ගමනා ගමනයට බාධා වන අයුරින් පාර හරස් කර විරෝධතා පැවැත්වූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
නගර සභාව කීවේ කුණු කන්ද පුත්තලම පැත්තට ගෙන යෑමට සියලු කටයුතු යොදා ඇති නමුත් ඒ වන තෙක් ප්‍රදේශවාසීන් සාමකාමීව නොසිටින බවයි.
ප්‍රදේශවාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ කුණු කන්ද ඉවත් කරන බවට කාලයක් තිස්සේ නගර සභාව ප්‍රකාශ කළත් මේ වන තෙක් එය ක්‍රියාත්මක කර නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු කුණුවීමට පෙර සම්පතක් කර ගෙන ජීව වායුව නිපදවිය හැක (ම)
නරකද ඕක පාර්ලිමේන්තුව පැත්තට ගෙනිච්චොත්? (නි)
පසුගියදා මම ඔය පාරේ යනකොට මේ මහා සම්පත දැක්ක. මේක ජරා කුණු කන්දක් කියල නොවෙයි සිතිය යුත්තේ. මටනම් මහා සම්පතක්. අවුරුදු ගානක් තාප විදුලි බලාගාරයක් දුවවන්න එයින් පුළුවන්. මම දැන් ඊට ආයෝජන සහකරුවෙක් හොයමින් ඉන්නේ. එක චීන ආයෝජකයෙක් හමුවුනා. ඔහු බිය පල කරනවා අලුත් රජය චීන ව්‍යාපෘති වලට කරදර කරයි කියල. (බ)
ලංකාවේම කුණු දාන්න හොද තැනක් තියනවා. හොඳම තැන කච්චතිව් දුපත. දුම්රිය සහ බෝට්ටු මාර්ගයෙන් සියලුම කුණු ප්‍රවාහනය කර හොඳ පොහොර නිෂ්පාදනයත්, අනවශ්‍ය දේවල් ගිනි උදුන් වලින් විනාශ කර දාන්නත් පුළුවන් (නි)
නගර සභාව හතර බිහිරි කතානේ කියන්නේ.ප්‍රදේශවාසින් සාමකාමී නැහැ කියන්නේ කුණු කන්ද ගෙනියනවට අකමැතියි කියන එකද ?ඔය කුණු කන්ද පුත්තලමේ ජන ශුන්‍ය ප්‍රදේශයකට ගෙනියනවා නම් වැඩිය හොඳයි.නැත්නම් වෙන්නේ තවත් විරෝධතාවයක් ඇතිවීම පමණයි. (නි)
ඔය කුණු කන්ද,පසුගිය දවස්වල විනාශ කරපු විල්පත්තු වනයට ගිහිල්ල දැම්ම නම් හොඳ නැද්ද? (ම)