මීතොටමුල්ලේ කුණු කන්දට එරෙහිව පළාතේ වැසියන් පිරිසක් ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් පැවැත්වූ උද්ඝෝෂණයක් ජල ප්‍රහාර එල්ල කර විසිරවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
පාරේ ටයර් පුළුස්සමින් වාහන ගමනාගමනයට අවහිර වන ආකාරයෙන් ඔවුන් උද්ඝෝෂණය කළ බව ද පොලිසිය පවසයි.
මෙම කුණු කන්ද නිසා පරිසරය වැනසි මිනිසුන් ලෙඩ වී පළාතම මහා ව්‍යසනයකට ලක් වී ඇතැයි උද්ඝෝෂකයෝ කියති.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ වෙන විදිහකටනේ! කෝ එහෙම වුණේ නැහැනේ.ඒ කියන්නේ යහපාලනයත් ඒ විදිහමද? (නි)
නියමයි ප්‍රශ්න විසඳන විදිහ නම් (නි)
කොහොමද වෙනස? (නි)
යාපනේ උද්ඝොෂකයෝ අත් අඩංගුවට ගත්තම පොලිසියට මාරු! කොළඹදී උසස්වීම්! (බ)
දැන් මෙහෙමද විසඳුම් දෙන හැටි? (නි)
මේක කාගෙහරි කුමන්ත්‍රණයක් (නි)
යකඩෝ, මම හිතුවේ යහපාලන ටොයියෝ මහින්ද මහත්තයාගේ කාලේ කියපු විදියට උද්ගෝෂකයින්ට පුර්ණ රාජ්‍ය අනුග්‍රහ දක්වල පාර මැද ටෙන්ට් ගහල දීල කන්න බොන්න දීල ඉල්ලීම ඉටු වෙනකම් මේ මිනිස්සුන්ට උද්ගෝෂණය ගෙන යන්න ඉඩ සලසල මහපාර වහල මගී ජනතාවට කවද හරි මෙයාල ඉල්ලීම් දිනා ගන්නකන් ඉවසගෙන වාහන ඇතුලෙම ඉන්න කියයි කියලා. කෝ එහෙම වුනේ නැහැනේ. ඒ කියන්නේ යහපාලනෙත් ඒ විදියමද? (නදී)
යහපාලනයෙන් එහෙම කරයිද ? (නදී)
බලනකොට එදත් අදත් කිසිම වෙනසක් නැහැනේ! (නි)
කිංග්ස්ලි පෙරේරා,රතුපස්වල මානව හිමිකම් ගැන කතාකරපු අය දැන් කොහෙද?(ම)
හේරත්, යහපාලන ටොයියන්ගෙම වැඩක් තමයි. හැබැයි හෙට වෙනත් ගිණුමකට මාරුකරයි. (නදී)
මේක යාපනයේ වුණා නම් ඉතින් පොලිසියට සොරිම තමයි! (නි)
යහා පාලනේ අලුත්ම ක්‍රමය, ඔයාලා ගෙදරවල් වල නාන්නේ නැහැනේ , වතුර බිල යන නිසා දැන් නොමිලේ නාවනවා (නදී)
මීට අවුරුදු 28 කට ප්‍රථම මම රැකියාව කරෙත් ඔයු කුණු කන්ද අසල රජයේ ආයතනයක. රැකියාවට ගිය මුල් දවස් තුනේම මට ඔක්කාරය ඇතිවෙලා ගෙදර ගියා. කිව්වට පිළිගන්න, ඒ අවට ජීවත් වෙන මිනිස්සුන්ට වෙනම ගානක් දෙන්න ඕනේ ගෙවල් හදාගෙන ඒ අවටම පදිංචි වෙලා ඉන්නවට. ඒ තරම් දුගඳ අප්‍රසන්න පරිසරයක් එහි තිබෙන්නේ. (නදී)
ඇයි ශ්‍රීමාල්, රතුපස්වලට දීපු විසඳුමම දෙන්නද කියන්නේ? (නි)
නඩරාජා,ඔය ඔක්කොම කොළොන්නාවේ ඉන්න සහ හිටපු දේශපාලුවෝ කළේ මිතොටමුල්ලේ ජනතාවට බොරු පොරොන්දු දිදී ඡන්දෙ අරගෙන,ඒ මිනිසුන්ව ගොනාට අන්දවපු එක විතරයි. සුභ අනාගතය කළෙත් ඒක,යහපාලනය කළෙත් ඒක,ඊට කලින් හිටපු පාලනයන් කළෙත් ඒක.ඕක දැන් ඔතනින් අයින් කරන එක ලෙහෙසි නැහැ.ඒකට හේතුව තමයි විකල්ප ස්ථානයක් හොයාගෙන කුණුගොඩ ගෙනියන්න හැදුවත්, විකල්ප ස්ථානයේ ජනතාව එයට විරුද්ධවීම. (නි)
ලංකා මහත්තයෝ,ඔබතුමා දන්නේ නැහැ යාපනයේ ජනතාව උද්ගෝෂණ කලේ මොකද කියා. ගැමියන් අල්ලා පොලිසියට බාරදුන් සැකකරුවෙකු පොලිසිය මුදා හැරීමයි මෙයට හේතුව වුනේ. ඉන්පසු සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ ලොජ් එකක නැවතීමට යාමේදී ඔහුගේ ඇඟේ ඇති තුවාල දුටු ලොජ් හිමිකරු වැල්ලවත්ත පොලිසියට දැන්වීමෙන් පසු ඔහු දෙවැනි වරටත් අත්අඩංගුවට පත්වුයේ. යාපනයේ පොලිසිය මොහුව මුදාහැරීමේදී කිසිම විනිවිද භාවයක් දකින්නට නැහැ. එ්කයි මේ සියල්ලට මුල. (නදී)
නීතිය අකුරට... මොකට කියනවද? (නි)
මේ රටේ මිනිස්සු දේශපාලන ගඳ දරාගත්තට,කුණු ගඳ ඉවසන්න දන්නේ නැහැ. කුණු කන්දක ගඳ දන්නේ ඒ අසළ ගැවසෙන මිනිස්සු.වෙඩි උණ්ඩ වෙනුවට ජල පහර එල්ල කළා සේ මේ කුණු ගඳත් අවසන් කිරීමට පියවර ගන්න. කුණු අඩුකිරීමට, ජනතාව, මෙන්ම පාලන අධිකාරියත් නිදාවැටෙන කුණු බලධාරිනුත් පියවර ගත යුතුයි. ඒ වගේම නීතියත් හරියටම ක්‍රියාවට නැඟිය යුතුයි (නි)
පිවිතුරු යහපාල කියපු දේ කාට හරි තේරුනාද...? තේරුන කෙනෙක් ඉන්නවා නම් අපිට තේරුම් කරන්නකෝ. (නදී)
අනේ! ඔන්න දැන් ඕනෑවෙයි කට්ටියට අපේ ගෝඨාභය මහත්තයාව (නි)