ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 110 කඩුලූ පැන දිවීමේ (පිරිමි) ඉසව්වේදී හිටපු ඔලිම්පික් ශූරයකු වන චිනයේ ලියු සියැන්ග්, පළමු වටයේ තරගය ආරම්භයේදීම කඩුල්ලක පැටලී ඇද වැටීමෙන් තරගයෙන් ඉවත්වීමට සිදුවිය. මේ හේතුවෙන් පාදයේ ආබාධයකට ලක් වු සියැන්ග් ධාවන පථයෙන් ඉවත්වීමට රෝද පුටුවක ආධාරය ද ලබා ගැනීමට ද සිදුවිය.
2004 ඇතන්ස් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ලියු සියැන්ග් වාර්තා කළ කාලය (තත්පර 12.91) අදටත් ඔලිම්පික් වාර්තාව වේ. අවසන් වරට පැවැති බීජිං ඔලිම්පික් උළෙලට ද සියැන්ග්ට ආබාධයකට ලක්වීමෙන් සහභාගිවීමට නොහැකිවිය.
මෙම ඉසව්වේ ලෝක වාර්තාවට (තත්පර 12.87) හිමිකම් කියන කියුබාවේ ඩැරන් රොබ්ලස් පළමු වටයේදී ජය ලබා අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා සිටියි. ඩැරන්, බීජිං ඔලිම්පික් උළෙලේදී එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් ක‍්‍රීඩකයා ද වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් කොල්ලා...(ස)
ගණන් ගන්න එපා.බබෝ හිත හදාගන්න....(ස)
එය කණගාටුදායක කරුණක්.. නමුත් ඔබ උසස් කෙනෙක්..!!(නු)
ලබනපාර බලමු...මල්ලි..!(නු)
ඇත්තටම දුකයි...(ස)