අමතක කර දමා පැනවූ සුව නියම
ආ හැමදෙනා එක්වුණ කලකදි මෙහෙම
අත්හල විටදි සිරුරින් හුස්මක මහිම
කඩදහි පෙට්ටියද දිවියක වටිනාකම?
(ආරියසේන හඳුවල)

දිගින් දිගටම රටේ කොවිඩ් මරණ වැඩිවමත් සමග දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රී පියන්ත සහබන්දුගේ අදහසක් මත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාඩ්බෝඩ් මිනි පෙට්ට් සහන මිලට ලබාදීම පසුගියදා ආරම්භ කළේය.
ඒ අනුව ගල්කිස්ස නගර සභාවෙන් රුපියල් දහදාහක් වැනි ඉතා අඩු මුදලකට මෙම මිනි පෙටිටියත් අවමගල්‍ය රථයත් සියලුම සේවාවන් මෘත ශරීරාගාරයේ එම දේහය රැගෙන කනත්තේ ආදාහනය දක්වා සියලු කටයුතු කිරීමට කටයුතු යොදා ඇත.
එහිදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාඩ්බෝඩ් මිනි පෙට්ට්යක් අද (01 ) දෙහිවල නැදිමාල් කනත්තේ දී අදහනය කළ අයුරු
(ඡායාරූප: ශාන්ත රත්නායක)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්.... මැරුණාට පස්සෙ මොන පෙට්ටියට දැම්මත් මොකද? පුච්චන හරි... වළලන හරි එකනේ...
බුදුදහමට අනුව නම් මේ දෙතිස් කුණපයෙන් සෑදුණු පංවස්කන්ධයේ කඩදාසි පෙට්ටියක් තරම්වත් වටිනාකමක් නැත...!
මළාට පස්සේ මොකේ දැම්මත් මොකද අප්පා...? හැම එකේම වැරැදිම හොයන්නේ ඇයිද මන්දා..?
මිල අධික ඒවායේ ධනපතියන්ගේ සිරුරු පුච්චනවා.
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජිවිතේ මල්ලි...
ඔයාලා වගේ බරපතල වහල්ලු ඉද්දි කඩදහි පෙට්ටියක් ලැබුන එකත් පුදුමයි.
මිනිස් ජීවිතේ තක්සේරු වෙන්නේ මැරුණම ගෙනියන පෙට්ටියෙන් ද.?
""අමතක කර දමා පැනවූ සුව නියම"" කවිය ලියලා තියෙන්නේ නියම වහලෙක්.
මැද පෙරදිග පෙට්ටි නැහැ.
ලීයද පිදුරුද - මලකඳ නොදනී රූපය දිරතී - නාමෙ නොදිරතී
ඉතාමත්ම හොඳ වැඩක්. ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කළයුතුයි.
ජීවත්වෙලා ඉන්නකන් කල නොකළ දේවල් වල තමයි වටිනාකම තියෙන්නේ. යනකොට යන භාජනයේ නෙවෙයි
ජීවිතයක වටිනාකම මැරුණට පස්සේ දාන පෙට්ටියෙන් මණින්න බැහැ. ජීවත්වන කාලයෙහි කල දේවල් වලින් මණින්න පුළුවන්. පාතාල නායකත්වය මැරුණට පස්සේ ලක්ෂ ගණන් වටිනා පෙට්ටි වල දානවා මතක ඇතිනේ. එනිසා මේ පෙට්ටියෙන් ජීවිතයක වටිනාකම මණින එක වැරදියි. සරල අවසානයක් තමා තිබිය යුත්තේ .
අනවශ්‍යයි මල් වඩම්, මිනී පෙට්ටි, හෙමින් යන මිනී කාර් , ඇත් දල , පහන් වැටි , බුමුතුරුණු , උඩුවියන , පුසුඹ පැන්, පාවාඩ,පොරි, කාසි, පැන් වැඩිලි , ගුණ කථන, යකඩ කට, පීකරය,පඩික්කං, පිරිකර, නෙස්කැෆේ, විස්කෝතු වට්ටක්ක, කරවල රැලි පාලම් නිවන් සුව බැනර් කණුවලට පෝස්ටර් වල කැපිලි, බැඳි චිතක අරක්කුද, කසිප්පු ද කැරම් හා බූරුවා පවුල, වරිගයද, හිත හිතමිත්‍රාදීන් ද, අවමංගල්‍ය අධ්‍යක්ෂවරු, පන්දම් රැගෙන බෑනලා, වැලපිලිද, කඳුළැලිද සමුගැනිලි, පස් දැමිලි ඒවා නැතුවත් ඇහැක මැරෙන්නට.. ස්තුතියි කොරෝනා කියාදුන් පාඩමට ජීවිතය මරණය දෙකක් නොව එකක් බව හරිම හරි සරළයි..
මුස්ලිම් මිනිස්සු මීනී වලලන්නේ ටොපියක් වගේ රෙද්දක ඔතලා. ආදර්ශයට ගන්න
තමන්ගේම ආදරණියයන් වීම නිසා මිනිය දමන්න හොඳ පෙට්ටියක් ඉල්ලා සිටිනවා. ජිවිතේ කියන්නේ මොකක්ද කියල තේරුම්ගත් අයට මියගිය පසු පෙට්ටිය වර්ගය වැදගත් නැහැ
මිනිය ආදාහනයට දාලා පෙට්ටිය ආපහු ගන්නවද ප්‍රතිචක්‍රීකරණය කරන්න?
මහනගර සභා පණතේ කිසිම තැනක නැහැ ජ්‍යෙෂඨ නාගරික මන්ත්‍රී කියා තනතුරක්... තනතුරු තියෙන්නේ නගරාධිපති සහ උප නගරාධිපති සහ විපක්ෂ නායක තනතුරු පමණයි. ඇයි මෙහෙම පණත්වල ඇතිදේ විකෘති කරන්නේ... ?
කාලෝචිත ක්‍රියාවක්, පුච්චන එක තමයි දුක මැරිලත් නිදහසක් නැති හැටි
සුව නීති ගණන් නොගෙන පැණිය බීපු, ගඟට මුට්ට් දාපු අයටත් වෙච්චි හරිය කවුරුත් දැක්කනේ.
මේ අර නොමිලේ රජයෙන් කරනවා කිවව වැඩේට නේද මුදල් අය කරන්නෙ
පරණ කඩදාසි වලින් නිෂ්පාදිත කාඩ්බෝඩ් මිනීපෙට්ටි කාලෝචිත බව අපගේද මතයයි