එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ලැබුණු බව කියන ඩොලර් තොගයක් ශ්‍රී ලංකා ව්‍යාපාරයක ආයෝජන කළ හැකි බව කියා ව්‍යාපාරික කාන්තාවකගෙන් රුපියල් එක් කෝටි විසි ලක්‍ෂයක් වංචා කළැයි සැකපිට මොසැම්බික් ජාතිකයෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගනු ලැබීය. ඇමරිකානු ඩොලර් ලෙස ඔහු කඩදාසි මිටි කිහිපයක් පෙන්වා ඇතැයි පොලීසිය කියයි.