
(ගයාන් සූරියආරච්චි සහ ඩී.ජී. සුගතපාල)
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් බව කියන කෝටි 13 කට වැඩි දේපොළ නීති විරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (22) බාරයට ගනු ලැබීය.
බහුදින යාත්‍රාවක්, වෑන් රථයක්, ජීප් රථයක්, මෝටර් රථයක්, හික්කඩුව, මහමෝදර සහ හබරාදූව යන ප්‍රදේශවල ගොඩනැගිලි 3 ක්, රත්‍රං පවුම් 30 ක් මෙලෙස තහනමට ලක්කර තිබේ.
වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ද තහනමට ලක්කළ දේපොළ පිළිබඳව සොයාබැලීම සදහා හික්කඩුව ප්‍ර දේශයට පැමිණ සිටියේය.
විදේශගතව සිට ඉතා ක්ෂුක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර එම ජාවාරමෙන් උපයාගන්නා ගන්නා ලද මුදල් භාවිත කර මෙම වාහන සහ දේපල මිලදී ගෙන ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වීමෙන් පසුව මෙම දේපල තහනමට ලක්කිරීමට පියවර ගත් බව නීති විරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩ්ඩන්ව නොවෙයි අල්ලන්නේ... ඔවුන්ගේ දේපොල, ඒක තමයි දේශබන්දුගේ අලුත්ම සෙල්ලම... ඕවායින් ටිකක් උසාවියට දාවි. ඉතිරි ඒවා දේශබන්දුලා, ටිරාන්ලා එකතුවෙලා ගිලදාවි. ඔවුන් හොඳටම දන්නවා ඕවායේ අයිතිකාරයෝ කවදාවත් ඕවා ඉල්ලගෙන උසාවි යන්නේ නැති බව..!
කුඩ්ඩාගෙන් ගොඩගිය දූෂිත දේශපාලුවෝත් නැතුවා නෙවෙයි...
කෝ අල්ලපු කුඩ්ඩා? නම මොකක්ද? හිරේ දැම්මාද? චෝදනාවට උසාවි දැම්මාද? මිනිස්සු රවට්ටන්න නිකන් බොරු මාධ්‍ය සංදර්ශන එපා...
එතකොට රාජපක්ෂලාගේ දේපළ...!
ලන්සලාගේ ඒවත් එක්කද? නැතිවද?