බුවැලිකඩ සිට කොළඹට ප්‍රවාහනය කරමින් තිබු කසල තේ පටවා ගත් ලොරියක් හා ජාවාරමට සම්බන්ධ අයකු අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය කියයි. ඔවුන් ව්‍යාජ බලපත්‍රයක්ද පොලිසියට ඉදිරිපත් කර ඇතැයි කියති.
කිලෝග්‍රැම් 35 මලු 123 ක් සහිත කසල තේ කිලෝග්‍රැම් 4305 ක් එහි තිබී ඇතැයිද මාසයකට ආසන්න කාලයක් තුළ මෙසේ මහනුවර සිට ප්‍රවාහනය කිරිමට තැත් කළ කසල තේ කිලෝ ග්‍රෑම් 20302 ක් අත් අඩංගුවට ගන්නට හැකි වු බව කඩුගන්නාව පොලිසිය පවසයි.
කසල තේ පරික්ෂා කිරිම සඳහා ගම්පොළ තේ මණ්ඩලයට යැවු බවත් ලොරි රථයේ රියදුරු අද (30) ගම්පල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම වැටලීම කීපවරක්ද (බ)
මේ ඔක්කොම හොර ජාවාරම් කරන්නේ කවුද කියලා අපි හොඳට දන්නවා (නි)