ශ්රී ලංකාවට මත් පෙති, මත් කුඩු, මත්ද්‍රව්‍ය ගෙන්වන අලෙවි කරන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සුදුසු යැයි යෝජනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ ගැන සංවාදයක් අද සිට රටේ ඇති කිරීමට තමා යෝජනා කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව පිළිබිඹු කෙරෙන ජනමතය සැලකිල්ලට ගෙන ඉදිරි පියවර ගන්නා බව ද කීවේය.
ආණ්ඩු කරන විට පින් කරනවා වගේම පව්වලටත් දායක වීමට සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය.
ජනපති මේ අදහස් පළ කළේ ලෝක දුම්කොළ විරෝධී දිනය වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමිනි.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ජනාධිපතිතුමනි. (ර)
විධායක බලතල ලබමින් ගරු ජනාධිපති දුරයට පත් ඔබ තුමා විධායක ජනාධිපති බලතල කප්පාදු කරගත ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් සේ ම , කුඩු ගෙන්වන්න වුන්ට සහ අලෙවි කරන්නන්ට මරණ දඬුවම පැමිණවීමත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් වෙනවා.(ම)
කප්පාදු කල සිංහල බෞද්දයන්ගේ අතීතය (ම)
වෙලේ සුදාවත් එල්ලනවා කියන්නකෝ. ඒ අයටත් ඕක පොදු නේද? ජය වේවා. මගේ ලක් මෑනිට.
මේක නම් ඉතාම හොඳයි (නි)
මත්ද්‍රව්‍ය ශරීරයට වසනම් ඒවා විකුනන්න,ගෙන්වන අයත් මනුශ්‍ය ඝාතනය උදවුකිරීමක් නිසා එවුනට මරණියදණ්ඩනය ලබාදිය යුතුයි.මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කලයුතුයි.(ම)
ජනාධිපතිතුමා ඉදල හිටලා විහිලුත් කරනවා. බඩ අල්ලාගෙන අපි හිනහ වෙනවා. (ස)
එල්ලුම්ගහ ක්‍රියාත්මක කරනවා කියපු අධිකරණ ඇමති දැන් ගොලුවෙලා . (ස)
එහෙනම් ඉතින් හාම්පුත්තු ඔයාට ටොකු ඇනල මරයි..දින 100 පොරොන්දු වගේ කිව්වොත් කියන්නේ කරන්න බැරි විහිලු කතාවක්මයි..(ම)
කිසිම පවක් වෙන්නේ නැහැ ජනපති තුමනි ....නමුත් ගස් යවන්න ඕනේ මුදුන් මුලයි අනෙක් සියලු දෙනාවම මුදවා ගන්න පුළුවන් එතකොට......මන්ද මත් කුඩු ගෙන්වන ප්‍රධානියා කරන්නේ රටක් භාරගන්න ඉන්න ළමා පරපුර වනසා දමන එකයි ...ඔබතුමා එම ළමා පරපුර බේරා ගැනීම උදෙසා එවන් ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් කෙලෙසද පවක් සිදුවෙන්නේ ....චේතනාවම කර්මය වන නිසා ඔබ ලබන්නේ කුසලයක් (බ)
දෙන්නට දෙන්නා හිනාවෙවී දියරෙද්දෙන් බෙල්ල කපන සතේකට විස්වාසයක් නැති අය.අපිත් ඉතින් බලාගෙන ඉන්නවා ඇර මොනව කරන්නද. (ස)