(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන ‘ඩුබායි නිපුන’ නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 20 ක් සහ රුපියල් ලක්‍ෂ 21 කට අධික මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
එහිදී ඇය සතුව තිබූ මුදල් රුපියල් 2,150,000 ක මුදල් සහ ජංගම දුරකථනයක් ද අත්අඩංගුවට ගත් බවත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදුන් බවත් විශේෂ කාර්ය බලකාර වැඩි දුරටත් සඳහන් කළේය.
විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් ලද තොරතුරකට අනුව ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය මහතා ඇතුළු කණ්ඩායමක් බොරැලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන හන්දියේදී කළ මෙහෙමකදී එම කාන්තා අත්අඩංගුවට ගත් බවත් එහිදී හෙරොයින් ග්‍රෑම් 20 සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 33 ක වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් උපාය දූතයකු දමා මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බවත් විශේෂ කාර්ය බලකාය කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කුඩු සහ ලක්ෂ 21ක් සමග කතක් මාට්ටු